আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালী অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: ছুৰা আল-মাআৰিজ   আয়াত:

සූරා අල් මආරිජ්

سَاَلَ سَآىِٕلٌۢ بِعَذَابٍ وَّاقِعٍ ۟ۙ
සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේ ය.
আৰবী তাফছীৰসমূহ:
لِّلْكٰفِرِیْنَ لَیْسَ لَهٗ دَافِعٌ ۟ۙ
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.
আৰবী তাফছীৰসমূহ:
مِّنَ اللّٰهِ ذِی الْمَعَارِجِ ۟ؕ
(එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).
আৰবী তাফছীৰসমূহ:
تَعْرُجُ الْمَلٰٓىِٕكَةُ وَالرُّوْحُ اِلَیْهِ فِیْ یَوْمٍ كَانَ مِقْدَارُهٗ خَمْسِیْنَ اَلْفَ سَنَةٍ ۟ۚ
එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.
আৰবী তাফছীৰসমূহ:
فَاصْبِرْ صَبْرًا جَمِیْلًا ۟
එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
আৰবী তাফছীৰসমূহ:
اِنَّهُمْ یَرَوْنَهٗ بَعِیْدًا ۟ۙ
නියත වශයෙන් ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
আৰবী তাফছীৰসমূহ:
وَّنَرٰىهُ قَرِیْبًا ۟ؕ
එහෙත් අපි එය සමීපයෙන් දකිමු.
আৰবী তাফছীৰসমূহ:
یَوْمَ تَكُوْنُ السَّمَآءُ كَالْمُهْلِ ۟ۙ
එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
وَتَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِ ۟ۙ
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
وَلَا یَسْـَٔلُ حَمِیْمٌ حَمِیْمًا ۟ۚۖ
තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නො කරයි.
আৰবী তাফছীৰসমূহ:
یُّبَصَّرُوْنَهُمْ ؕ— یَوَدُّ الْمُجْرِمُ لَوْ یَفْتَدِیْ مِنْ عَذَابِ یَوْمِىِٕذٍ بِبَنِیْهِ ۟ۙ
ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන් ම;
আৰবী তাফছীৰসমূহ:
وَصَاحِبَتِهٖ وَاَخِیْهِ ۟ۙ
තම බිරිය, තම සොහොයුරන්;
আৰবী তাফছীৰসমূহ:
وَفَصِیْلَتِهِ الَّتِیْ تُـْٔوِیْهِ ۟ۙ
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;
আৰবী তাফছীৰসমূহ:
وَمَنْ فِی الْاَرْضِ جَمِیْعًا ۙ— ثُمَّ یُنْجِیْهِ ۟ۙ
තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
আৰবী তাফছীৰসমূহ:
كَلَّا ؕ— اِنَّهَا لَظٰی ۟ۙ
එසේ නොව නියත වශයෙන් ම එය දවාළන ගින්න ය.
আৰবী তাফছীৰসমূহ:
نَزَّاعَةً لِّلشَّوٰی ۟ۚۖ
(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.
আৰবী তাফছীৰসমূহ:
تَدْعُوْا مَنْ اَدْبَرَ وَتَوَلّٰی ۟ۙ
එය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි.
আৰবী তাফছীৰসমূহ:
وَجَمَعَ فَاَوْعٰی ۟
ඔහු වස්තුව රැස් කොට තැන්පත් කළේ ය.
আৰবী তাফছীৰসমূহ:
اِنَّ الْاِنْسَانَ خُلِقَ هَلُوْعًا ۟ۙ
නියත වශයෙන් ම මිනිසා කලබලකාරීභාවයෙන් මවනු ලැබ ඇත.
আৰবী তাফছীৰসমূহ:
اِذَا مَسَّهُ الشَّرُّ جَزُوْعًا ۟ۙ
ඔහුට අයහපත වැළඳුණු විට වික්ෂිප්ත වේ.
আৰবী তাফছীৰসমূহ:
وَّاِذَا مَسَّهُ الْخَیْرُ مَنُوْعًا ۟ۙ
තවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නො දී) වළක්වන්නෙකු වේ.
আৰবী তাফছীৰসমূহ:
اِلَّا الْمُصَلِّیْنَ ۟ۙ
එහෙත් සලාතය ඉටු කරන්නන් හැර;
আৰবী তাফছীৰসমূহ:
الَّذِیْنَ هُمْ عَلٰی صَلَاتِهِمْ دَآىِٕمُوْنَ ۟
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.
আৰবী তাফছীৰসমূহ:
وَالَّذِیْنَ فِیْۤ اَمْوَالِهِمْ حَقٌّ مَّعْلُوْمٌ ۟
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;
আৰবী তাফছীৰসমূহ:
لِّلسَّآىِٕلِ وَالْمَحْرُوْمِ ۟
අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.
আৰবী তাফছীৰসমূহ:
وَالَّذِیْنَ یُصَدِّقُوْنَ بِیَوْمِ الدِّیْنِ ۟
තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳව තහවුරු කරති.
আৰবী তাফছীৰসমূহ:
وَالَّذِیْنَ هُمْ مِّنْ عَذَابِ رَبِّهِمْ مُّشْفِقُوْنَ ۟ۚ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් සිටිති.
আৰবী তাফছীৰসমূহ:
اِنَّ عَذَابَ رَبِّهِمْ غَیْرُ مَاْمُوْنٍ ۪۟
නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නො වන්නකි.
আৰবী তাফছীৰসমূহ:
وَالَّذِیْنَ هُمْ لِفُرُوْجِهِمْ حٰفِظُوْنَ ۟ۙ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
আৰবী তাফছীৰসমূহ:
اِلَّا عَلٰۤی اَزْوَاجِهِمْ اَوْ مَا مَلَكَتْ اَیْمَانُهُمْ فَاِنَّهُمْ غَیْرُ مَلُوْمِیْنَ ۟ۚ
එහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුන් දොස් නගනු ලබන්නන් නො වෙති.
আৰবী তাফছীৰসমূহ:
فَمَنِ ابْتَغٰی وَرَآءَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْعٰدُوْنَ ۟ۚ
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ.
আৰবী তাফছীৰসমূহ:
وَالَّذِیْنَ هُمْ لِاَمٰنٰتِهِمْ وَعَهْدِهِمْ رٰعُوْنَ ۟
තවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති.
আৰবী তাফছীৰসমূহ:
وَالَّذِیْنَ هُمْ بِشَهٰدٰتِهِمْ قَآىِٕمُوْنَ ۟
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවරව සිටින්නෝ වෙති.
আৰবী তাফছীৰসমূহ:
وَالَّذِیْنَ هُمْ عَلٰی صَلَاتِهِمْ یُحَافِظُوْنَ ۟ؕ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති.
আৰবী তাফছীৰসমূহ:
اُولٰٓىِٕكَ فِیْ جَنّٰتٍ مُّكْرَمُوْنَ ۟ؕ۠
ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහු ම ය.
আৰবী তাফছীৰসমূহ:
فَمَالِ الَّذِیْنَ كَفَرُوْا قِبَلَكَ مُهْطِعِیْنَ ۟ۙ
මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.
আৰবী তাফছীৰসমূহ:
عَنِ الْیَمِیْنِ وَعَنِ الشِّمَالِ عِزِیْنَ ۟
දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).
আৰবী তাফছীৰসমূহ:
اَیَطْمَعُ كُلُّ امْرِئٍ مِّنْهُمْ اَنْ یُّدْخَلَ جَنَّةَ نَعِیْمٍ ۟ۙ
ඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
আৰবী তাফছীৰসমূহ:
كَلَّا ؕ— اِنَّا خَلَقْنٰهُمْ مِّمَّا یَعْلَمُوْنَ ۟
එසේ නො වේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන් ම අපි ඔවුන් මැව්වෙමු.
আৰবী তাফছীৰসমূহ:
فَلَاۤ اُقْسِمُ بِرَبِّ الْمَشٰرِقِ وَالْمَغٰرِبِ اِنَّا لَقٰدِرُوْنَ ۟ۙ
පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන් ම අපි බලය දරන්නෝ වෙමු.
আৰবী তাফছীৰসমূহ:
عَلٰۤی اَنْ نُّبَدِّلَ خَیْرًا مِّنْهُمْ ۙ— وَمَا نَحْنُ بِمَسْبُوْقِیْنَ ۟
(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නො වෙමු.
আৰবী তাফছীৰসমূহ:
فَذَرْهُمْ یَخُوْضُوْا وَیَلْعَبُوْا حَتّٰی یُلٰقُوْا یَوْمَهُمُ الَّذِیْ یُوْعَدُوْنَ ۟ۙ
ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.
আৰবী তাফছীৰসমূহ:
یَوْمَ یَخْرُجُوْنَ مِنَ الْاَجْدَاثِ سِرَاعًا كَاَنَّهُمْ اِلٰی نُصُبٍ یُّوْفِضُوْنَ ۟ۙ
පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනිවළවලින් ඔවුන් බැහැර වනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
خَاشِعَةً اَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ؕ— ذٰلِكَ الْیَوْمُ الَّذِیْ كَانُوْا یُوْعَدُوْنَ ۟۠
ඔවුන්ගේ බැල්ම පහත්ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: ছুৰা আল-মাআৰিজ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালী অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

www.islamhouse.com ترجمة معاني القرآن الكريم إلى اللغة السنهالية، ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

বন্ধ