আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালী অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: ছুৰা আল-বুৰূজ   আয়াত:

සූරා අල් බුරූජ්

وَالسَّمَآءِ ذَاتِ الْبُرُوْجِ ۟ۙ
ග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,
আৰবী তাফছীৰসমূহ:
وَالْیَوْمِ الْمَوْعُوْدِ ۟ۙ
ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින්.
আৰবী তাফছীৰসমূহ:
وَشَاهِدٍ وَّمَشْهُوْدٍ ۟ؕ
සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.
আৰবী তাফছীৰসমূহ:
قُتِلَ اَصْحٰبُ الْاُخْدُوْدِ ۟ۙ
අගල් වැසියෝ විනාශ කරනු ලැබුවෝ ය.
আৰবী তাফছীৰসমূহ:
النَّارِ ذَاتِ الْوَقُوْدِ ۟ۙ
(එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.
আৰবী তাফছীৰসমূহ:
اِذْ هُمْ عَلَیْهَا قُعُوْدٌ ۟ۙ
ඔවුහු ඒ මත වාඩි වී සිටියෝ ය.
আৰবী তাফছীৰসমূহ:
وَّهُمْ عَلٰی مَا یَفْعَلُوْنَ بِالْمُؤْمِنِیْنَ شُهُوْدٌ ۟ؕ
දේවත්වය විශ්වාස කරන්නන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් සිටියෝ ය.
আৰবী তাফছীৰসমূহ:
وَمَا نَقَمُوْا مِنْهُمْ اِلَّاۤ اَنْ یُّؤْمِنُوْا بِاللّٰهِ الْعَزِیْزِ الْحَمِیْدِ ۟ۙ
ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ්ව ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නො ගත්තෝ ය.
আৰবী তাফছীৰসমূহ:
الَّذِیْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدٌ ۟ؕ
ඔහු වනාහි අහස් හා මහපොළොවෙහි ආධිපත්‍ය සතු අයෙකි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
আৰবী তাফছীৰসমূহ:
اِنَّ الَّذِیْنَ فَتَنُوا الْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ ثُمَّ لَمْ یَتُوْبُوْا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِیْقِ ۟ؕ
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන්හට හිංසා කර, පසුව පශ්චාත්තාප නො වූවන් වන ඔවුනට නිරයේ දඬුවම ඇත. තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
আৰবী তাফছীৰসমূহ:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ جَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕ— ذٰلِكَ الْفَوْزُ الْكَبِیْرُ ۟ؕ
සැබැවින් ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අතිමහත් ජයග්‍රහණ ය.
আৰবী তাফছীৰসমূহ:
اِنَّ بَطْشَ رَبِّكَ لَشَدِیْدٌ ۟ؕ
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
আৰবী তাফছীৰসমূহ:
اِنَّهٗ هُوَ یُبْدِئُ وَیُعِیْدُ ۟ۚ
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහු ම ය.
আৰবী তাফছীৰসমূহ:
وَهُوَ الْغَفُوْرُ الْوَدُوْدُ ۟ۙ
තවද ඔහු අතික්ෂමාශීලී ය. මහත් දයාලු ය.
আৰবী তাফছীৰসমূহ:
ذُو الْعَرْشِ الْمَجِیْدُ ۟ۙ
කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.
আৰবী তাফছীৰসমূহ:
فَعَّالٌ لِّمَا یُرِیْدُ ۟ؕ
ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
আৰবী তাফছীৰসমূহ:
هَلْ اَتٰىكَ حَدِیْثُ الْجُنُوْدِ ۟ۙ
(නබිවරය!) නුඹට සේනාවන්හි පුවත පැමිණියේ ද?
আৰবী তাফছীৰসমূহ:
فِرْعَوْنَ وَثَمُوْدَ ۟ؕ
ෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)
আৰবী তাফছীৰসমূহ:
بَلِ الَّذِیْنَ كَفَرُوْا فِیْ تَكْذِیْبٍ ۟ۙ
එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
আৰবী তাফছীৰসমূহ:
وَّاللّٰهُ مِنْ وَّرَآىِٕهِمْ مُّحِیْطٌ ۟ۚ
තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
আৰবী তাফছীৰসমূহ:
بَلْ هُوَ قُرْاٰنٌ مَّجِیْدٌ ۟ۙ
එහෙත් එය කීර්තිමත් කුර්ආනය වේ.
আৰবী তাফছীৰসমূহ:
فِیْ لَوْحٍ مَّحْفُوْظٍ ۟۠
ආරක්ෂිත ඵලකයෙහි.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: ছুৰা আল-বুৰূজ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালী অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

www.islamhouse.com ترجمة معاني القرآن الكريم إلى اللغة السنهالية، ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

বন্ধ