Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo Sinhaliiwo - Ñiiɓirde Ruwwad ngam eggo. * - Tippudi firooji ɗii

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Firo maanaaji Simoore: Simoore nagge   Aaya:
وَاِذْ قَالَ اِبْرٰهٖمُ رَبِّ اَرِنِیْ كَیْفَ تُحْیِ الْمَوْتٰی ؕ— قَالَ اَوَلَمْ تُؤْمِنْ ؕ— قَالَ بَلٰی وَلٰكِنْ لِّیَطْمَىِٕنَّ قَلْبِیْ ؕ— قَالَ فَخُذْ اَرْبَعَةً مِّنَ الطَّیْرِ فَصُرْهُنَّ اِلَیْكَ ثُمَّ اجْعَلْ عَلٰی كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ یَاْتِیْنَكَ سَعْیًا ؕ— وَاعْلَمْ اَنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟۠
තවද ‘මාගේ පරමාධිපතියාණනි! මියගියවුන්ට නුඹ ජීවය දෙන්නේ කෙසේ දැ? යි මට පෙන්වනු’ යැයි ඉබ්රාහීම් පැවසූ විට, ‘නුඹ විශ්වාස නො කළෙහි දැ?’ යි ඔහු විමසුවේ ය. ‘එසේය (මම විශ්වාස කළෙමි) එනමුත් මාගේ හදවත සන්සුන් වනු පිණිස’ යැයි ඔහු පැවසුවේ ය. ‘එසේ නම් පක්ෂීන් සිව් දෙනෙකු ගෙන, උන් කැබලි කර ඔබ වෙත තබා ගනු. පසුව ඒවායින් කොටසක් (බැගින්) සෑම කන්දක් මත ම තබනු. පසුව නුඹ උන් කැඳවනු. ඒවා නුඹ වෙත කඩිනමින් පැමිණෙනු ඇත. තවද සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත බව දැන ගනු.’
Faccirooji aarabeeji:
مَثَلُ الَّذِیْنَ یُنْفِقُوْنَ اَمْوَالَهُمْ فِیْ سَبِیْلِ اللّٰهِ كَمَثَلِ حَبَّةٍ اَنْۢبَتَتْ سَبْعَ سَنَابِلَ فِیْ كُلِّ سُنْۢبُلَةٍ مِّائَةُ حَبَّةٍ ؕ— وَاللّٰهُ یُضٰعِفُ لِمَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමාව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්‍ය සියයක් තිබේ. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ගුණ කරයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය, සර්ව ඥානී ය.
Faccirooji aarabeeji:
اَلَّذِیْنَ یُنْفِقُوْنَ اَمْوَالَهُمْ فِیْ سَبِیْلِ اللّٰهِ ثُمَّ لَا یُتْبِعُوْنَ مَاۤ اَنْفَقُوْا مَنًّا وَّلَاۤ اَذًی ۙ— لَّهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ۚ— وَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර පසුව ඔවුන් වියදම් කළ දෑ කියා පෑමෙන් හෝ හිංසා කිරීමෙන් හෝ හඹා නො යන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ වේතනය ඇත. ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුන් දුකට පත්වන්නේ ද නැත.
Faccirooji aarabeeji:
قَوْلٌ مَّعْرُوْفٌ وَّمَغْفِرَةٌ خَیْرٌ مِّنْ صَدَقَةٍ یَّتْبَعُهَاۤ اَذًی ؕ— وَاللّٰهُ غَنِیٌّ حَلِیْمٌ ۟
යහ වදන හා සමාව හිංසාව පසුපස හඹා යන දානයට වඩා අති ශ්‍රේෂ්ඨ ය. තවද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය. සෙනෙහෙවන්ත ය.
Faccirooji aarabeeji:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تُبْطِلُوْا صَدَقٰتِكُمْ بِالْمَنِّ وَالْاَذٰی ۙ— كَالَّذِیْ یُنْفِقُ مَالَهٗ رِئَآءَ النَّاسِ وَلَا یُؤْمِنُ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ؕ— فَمَثَلُهٗ كَمَثَلِ صَفْوَانٍ عَلَیْهِ تُرَابٌ فَاَصَابَهٗ وَابِلٌ فَتَرَكَهٗ صَلْدًا ؕ— لَا یَقْدِرُوْنَ عَلٰی شَیْءٍ مِّمَّا كَسَبُوْا ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الْكٰفِرِیْنَ ۟
විශ්වාස කළවුනි! අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නො කරන, තම ධනය මිනිසුන්ට ප්‍රදර්ශනය කරමින් වියදම් කරන අයෙකු මෙන්, නුඹලාගේ දානයන් කියා පෑමෙන් හා හිංසා පමුණුවමින් නිෂ්ඵල කර නො ගනු. තවද ඔහු (සිදු කරන වියදම)ට උපමාව පස්වලින් වැසී ඇති මුඩු ගල් පර්වතයක උපමාව ය. එවිට ඒ මත මහා වර්ෂාවක් පතිත වී එය හිස් වූ ගල් තලාවක් බවට අත හැර දැමී ය. ඔවුන් ඉපයූ දැයින් කිසිදු යහපතක් (අල්ලාහ්ගෙන්) ලබා ගැනීමට ඔවුහු ශක්තිය නො දරන්නෝ ය. තවද අල්ලාහ්
ප්‍රතික්ෂේප කළ ජනයාට මඟ පෙන්වන්නේ නැත.
Faccirooji aarabeeji:
 
Firo maanaaji Simoore: Simoore nagge
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo Sinhaliiwo - Ñiiɓirde Ruwwad ngam eggo. - Tippudi firooji ɗii

Firi ɗum ko fedde hentorde kanngameeji firo e ballondiral e Ceeɗɗi Da'wa e Rabwa e Ceeɗɗi Ballondiral Ndeernde Islaam e ɗemngal.

Uddude