Terjemahan makna Alquran Alkarim - Terjemahan Sinhala * - Daftar isi terjemahan


Terjemahan makna Surah: Surah An-Najm
Ayah:
 

සූරා අන් නජ්ම්

وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ
තවද තරු මත දිවුරමින් එය වැටී (සැඟවී) යන විට
Tafsir berbahasa Arab:
مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ
තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මංමුළා නොවීය. තවද ඔහු නොමග නොගියේය.
Tafsir berbahasa Arab:
وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ
තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි.
Tafsir berbahasa Arab:
إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ
එය හෙළි දරව් කරන ලද දේව පණිවිඩ මිස නැත.
Tafsir berbahasa Arab:
عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ
අති බලවත් කෙනෙකු (වන ජිබ්රයීල්) එය ඉගැන්වීය.
Tafsir berbahasa Arab:
ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ
(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (ඉහළට නැග නබි ඉදිරියේ) දිස් වූවේය.
Tafsir berbahasa Arab:
وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ
තවද ඔහු ඉහළම ක්ෂතිජයෙහි විය.
Tafsir berbahasa Arab:
ثُمَّ دَنَا فَتَدَلَّىٰ
පසු ව ඔහු ඔහු පහළට පැමිණ (ඔහු) අසළටම පැමිණියේය.
Tafsir berbahasa Arab:
فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ
එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයට විය. එසේ නැතහොත් ඊටත් වඩා සමීප විය.
صحيح
Tafsir berbahasa Arab:
فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ
එවිට (අල්ලාහ්) ඔහුට හෙළි කළ දේ, ඔහු ඔහුගේ ගැත්තා ( වූ නබිවරයා) ට හෙළි කළේය.
Tafsir berbahasa Arab:
مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ
ඔහු (නබිවරයා) දුටු දෑ (ඔහුගේ) සිත බොරු නොකළේය.
صحيح
Tafsir berbahasa Arab:
أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ
එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?
Tafsir berbahasa Arab:
وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ
තවද, නිසකවම ඔහු (නබිවරයා) තවත් වතාවක් ඔහු (ජිබ්රයීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේය.
Tafsir berbahasa Arab:
عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ
සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියසය.
Tafsir berbahasa Arab:
عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ
ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.
Tafsir berbahasa Arab:
إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ
සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට.
Tafsir berbahasa Arab:
مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ
බැල්ම ඉවත් නොවීය. එසේම එය සීමාව ඉක්ම නොවීය.
Tafsir berbahasa Arab:
لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ
තම උත්තම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින්ම ඔහු දුටුවේය.
Tafsir berbahasa Arab:
أَفَرَءَيۡتُمُ ٱللَّـٰتَ وَٱلۡعُزَّىٰ
ලාත් හා උzස්zසා නුඹලා දුටුවෙහු ද?
Tafsir berbahasa Arab:
وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ
අනෙක් තුන්වැනියා මනාත්ය
صحيح
Tafsir berbahasa Arab:
أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ
නුඹලාට පිරිමි(දරුව)න් හා ඔහුට ගැහැනු(දරුව)න් ද?
Tafsir berbahasa Arab:
تِلۡكَ إِذٗا قِسۡمَةٞ ضِيزَىٰٓ
එවිට එය අසාධාරණ බෙදීමකි.
صحيح
Tafsir berbahasa Arab:
إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ
ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස නැත. ඒවා පිළිබඳ කිසිදු බලතල අල්ලාහ් පහළ නොකළේය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස (වෙනෙකක්) අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින්ම යහමග පැමිණ ඇත.
Tafsir berbahasa Arab:
أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ
එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?
صحيح
Tafsir berbahasa Arab:
فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ
එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතුය.
Tafsir berbahasa Arab:
۞وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ
අහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසු ව මිස.
Tafsir berbahasa Arab:

إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَـٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ
නියත වශයෙන්ම කව්රුන් මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.
Tafsir berbahasa Arab:
وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا
තවද ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. තවද නියත වශයෙන්ම අනුමානය සත්‍යයට එරෙහිව වූ කිසිවකට ප්‍රයෝජනවත් නොවනු ඇත.
Tafsir berbahasa Arab:
فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
එහෙයින් අප මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නොකරන අය ඔබ නොසලකා හරිනු.
Tafsir berbahasa Arab:
ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ
එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. එමෙන්ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නාය.
Tafsir berbahasa Arab:
وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَـٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى
තවද අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත්ය.
Tafsir berbahasa Arab:
ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ
ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටියවුන් වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහුය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නොසලකනු. බිය බැතිමතුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔහුය.
Tafsir berbahasa Arab:
أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ
(සත්‍යය මාර්ගයෙන්) හැරී ගොස්
Tafsir berbahasa Arab:
وَأَعۡطَىٰ قَلِيلٗا وَأَكۡدَىٰٓ
ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත් අය ව නුඹ නොදුටුවෙහි ද?
Tafsir berbahasa Arab:
أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ
ඔහු දකින්නට නම්, ඔහු වෙත සැඟැවුණු ඥානය තිබේද?
Tafsir berbahasa Arab:
أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ
එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?
Tafsir berbahasa Arab:
وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ
(ආඥාවන්) පූර්ණ ව ඉටු කළ ඉබ්‍රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?
Tafsir berbahasa Arab:
أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ
එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත.
Tafsir berbahasa Arab:
وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ
මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත.
Tafsir berbahasa Arab:
وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ
තවද නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ.
Tafsir berbahasa Arab:
ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ
පසු ව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේය. ( යනුවෙන් මූසා හා ඉබ්‍රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)
Tafsir berbahasa Arab:
وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ
තවද නියත වශයෙන්ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයාම, නුඹගේ පරමාධිපති වෙතයි.
Tafsir berbahasa Arab:
وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ
තවද නියත වශයෙන්ම ඔහු සිනහව ඇති කරන්නේය. ඇඬීමටද සලස්වන්නේය.
Tafsir berbahasa Arab:
وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا
තවද නියත වශයෙන්ම ඔහු මරණයට පත් කරවන්නේය. තවද නැවත ප්‍රාණය දෙන්නේය.
Tafsir berbahasa Arab:

وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ
නියත වශයෙන්ම ඔහු ස්ත්‍රී පුරුෂ ලෙසින් යුවල මවා ඇත්තේය.
Tafsir berbahasa Arab:
مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ
නියත වශයෙන්ම ඔහු ශුක්‍රාණු බිඳුවකින් එය විදින විට ( නුඹලාව නිර්මාණය කරන්නේය)
Tafsir berbahasa Arab:
وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ
තවද නියත වශයෙන්ම නැවතත් නිර්මාණය කිරීම ඔහු කෙරෙහි ( වූ වගකීමක්) ය.
Tafsir berbahasa Arab:
وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ
තවද නියත වශයෙන්ම ඔහු පොහොසත් කරවන්නේය. සෑහීමට පමුණුවනනේය.
Tafsir berbahasa Arab:
وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ
තවද නියත වශයෙන්ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ.
Tafsir berbahasa Arab:
وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ
තවද නියත වශයෙන්ම ඔහු ආදි ආද් ජනයා විනාශ කළේය.
Tafsir berbahasa Arab:
وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ
තවද සමූද් ජනයා ද (විනාශ කළේය) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.
Tafsir berbahasa Arab:
وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
Tafsir berbahasa Arab:
وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ
තවද උඩු යටිකුරු කරනු ලැබූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.
Tafsir berbahasa Arab:
فَغَشَّىٰهَا مَا غَشَّىٰ
එවිට ආවරණය කළ දෑ (වේදනාව) එය ආවරණය කළේය.
Tafsir berbahasa Arab:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?
صحيح
Tafsir berbahasa Arab:
هَٰذَا نَذِيرٞ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ
මෙය පෙර පැවති අවවාද අතුරින් වූ අවවාදයකි.
Tafsir berbahasa Arab:
أَزِفَتِ ٱلۡأٓزِفَةُ
සමීප වන දෑ (විනිශ්චය දිනය) සමීප වී ඇත.
صحيح
Tafsir berbahasa Arab:
لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ
අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.
صحيح
Tafsir berbahasa Arab:
أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ
එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහුද ?
Tafsir berbahasa Arab:
وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ
තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොඅඬන්නෙහුය.
Tafsir berbahasa Arab:
وَأَنتُمۡ سَٰمِدُونَ
නුඹලා නොසැලකිල්ලෙන් සිටිහුය.
Tafsir berbahasa Arab:
فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ۩
එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු.
Tafsir berbahasa Arab:

 
Terjemahan makna Surah: Surah An-Najm
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Sinhala - Daftar isi terjemahan

Terjemahan makna Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala. Diterjemahkan oleh Tim Pusat Terjemah Ruwwād bekerja sama dengan situs Islamhouse

Tutup