ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය * - පරිවර්තන පටුන

PDF XML CSV Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අල් හාක්කා   වාක්‍යය:

සූරා අල් හාක්කා

اَلْحَآقَّةُ ۟ۙ
තිරසාර සිදුවීම වනාහි,
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
مَا الْحَآقَّةُ ۟ۚ
එම තිරසාර සිදුවීම යනු කුමක් ද?
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَاۤ اَدْرٰىكَ مَا الْحَآقَّةُ ۟ؕ
තිරසාර සිදු වීම යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
كَذَّبَتْ ثَمُوْدُ وَعَادٌ بِالْقَارِعَةِ ۟
(හදවත්) තිගැස්සීමට පත් කර වන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝ ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَاَمَّا ثَمُوْدُ فَاُهْلِكُوْا بِالطَّاغِیَةِ ۟
සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝ ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاَمَّا عَادٌ فَاُهْلِكُوْا بِرِیْحٍ صَرْصَرٍ عَاتِیَةٍ ۟ۙ
තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළි සුළඟකින් විනාශ කරනු ලැබුවෝ ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
سَخَّرَهَا عَلَیْهِمْ سَبْعَ لَیَالٍ وَّثَمٰنِیَةَ اَیَّامٍ ۙ— حُسُوْمًا فَتَرَی الْقَوْمَ فِیْهَا صَرْعٰی ۙ— كَاَنَّهُمْ اَعْجَازُ نَخْلٍ خَاوِیَةٍ ۟ۚ
එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩව ඔහු එවීය. (නුඹ එහි සිටියා නම්) ඔවුන් බොල් වූ ඉඳි ගස්වල කඳන් මෙන් එහි විනාශයට පත්ව සිටිනු නුඹ දකින්නට තිබුණි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَهَلْ تَرٰی لَهُمْ مِّنْ بَاقِیَةٍ ۟
ඔවුන්ගෙන් ඉතිරිව සිටින කිසිවකු හෝ නුඹ දකින්නෙහි ද?
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَجَآءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهٗ وَالْمُؤْتَفِكٰتُ بِالْخَاطِئَةِ ۟ۚ
තවද ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද, උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝ ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَعَصَوْا رَسُوْلَ رَبِّهِمْ فَاَخَذَهُمْ اَخْذَةً رَّابِیَةً ۟
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑවෝ ය. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේ ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِنَّا لَمَّا طَغَا الْمَآءُ حَمَلْنٰكُمْ فِی الْجَارِیَةِ ۟ۙ
ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන් ම අපි නුඹලාව යාත්‍රාවේ ඉසිලුවෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَّتَعِیَهَاۤ اُذُنٌ وَّاعِیَةٌ ۟
එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිස ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَاِذَا نُفِخَ فِی الصُّوْرِ نَفْخَةٌ وَّاحِدَةٌ ۟ۙ
හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට;
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّحُمِلَتِ الْاَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَّاحِدَةً ۟ۙ
තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට;
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَیَوْمَىِٕذٍ وَّقَعَتِ الْوَاقِعَةُ ۟ۙ
එදින සිදු වන දෑ සිදු වනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَانْشَقَّتِ السَّمَآءُ فَهِیَ یَوْمَىِٕذٍ وَّاهِیَةٌ ۟ۙ
තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වලව පවතී.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّالْمَلَكُ عَلٰۤی اَرْجَآىِٕهَا ؕ— وَیَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ یَوْمَىِٕذٍ ثَمٰنِیَةٌ ۟ؕ
තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
یَوْمَىِٕذٍ تُعْرَضُوْنَ لَا تَخْفٰی مِنْكُمْ خَافِیَةٌ ۟
එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහු ය. සඟවන කිසිවක් නුඹලා අතරින් සැඟවෙන්නේ නැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِیَمِیْنِهٖ فَیَقُوْلُ هَآؤُمُ اقْرَءُوْا كِتٰبِیَهْ ۟ۚ
තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِنِّیْ ظَنَنْتُ اَنِّیْ مُلٰقٍ حِسَابِیَهْ ۟ۚ
නියත වශයෙන් ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින් ම මම සිතුවෙමි” යැයි පවසයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَهُوَ فِیْ عِیْشَةٍ رَّاضِیَةٍ ۟ۙ
එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فِیْ جَنَّةٍ عَالِیَةٍ ۟ۙ
උසස් (ස්වර්ග) උයනෙහි වෙයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
قُطُوْفُهَا دَانِیَةٌ ۟
එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
كُلُوْا وَاشْرَبُوْا هَنِیْٓـًٔا بِمَاۤ اَسْلَفْتُمْ فِی الْاَیَّامِ الْخَالِیَةِ ۟
“පසු ගිය දිනවල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِشِمَالِهٖ ۙ۬— فَیَقُوْلُ یٰلَیْتَنِیْ لَمْ اُوْتَ كِتٰبِیَهْ ۟ۚ
තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නො ලැබුවේ නම්!” යැයි පවසයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَلَمْ اَدْرِ مَا حِسَابِیَهْ ۟ۚ
“තවද මාගේ විනිශ්චය කුමක් දැ? යි මා නො දනී නම්!” (කොතරම් අගනේ ද?)
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
یٰلَیْتَهَا كَانَتِ الْقَاضِیَةَ ۟ۚ
“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේ ද?) යැයි පවසයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
مَاۤ اَغْنٰی عَنِّیْ مَالِیَهْ ۟ۚ
“මාගේ ධනය මට කිසිදු ඵලක් නො දුන්නේ ය.”
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
هَلَكَ عَنِّیْ سُلْطٰنِیَهْ ۟ۚ
“මාගේ බලය මගෙන් පහව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
خُذُوْهُ فَغُلُّوْهُ ۟ۙ
“නුඹලා ඔහුව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
ثُمَّ الْجَحِیْمَ صَلُّوْهُ ۟ۙ
“පසුව ඔහුව නිරයට ඇද දමා පුළුස්සනු.”
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
ثُمَّ فِیْ سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُوْنَ ذِرَاعًا فَاسْلُكُوْهُ ۟ؕ
ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහුව එහි බැඳ දමනු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِنَّهٗ كَانَ لَا یُؤْمِنُ بِاللّٰهِ الْعَظِیْمِ ۟ۙ
නියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නො කරන්නෙකු විය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَلَا یَحُضُّ عَلٰی طَعَامِ الْمِسْكِیْنِ ۟ؕ
තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَلَیْسَ لَهُ الْیَوْمَ هٰهُنَا حَمِیْمٌ ۟ۙ
එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّلَا طَعَامٌ اِلَّا مِنْ غِسْلِیْنٍ ۟ۙ
(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
لَّا یَاْكُلُهٗۤ اِلَّا الْخَاطِـُٔوْنَ ۟۠
වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නො කරයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَلَاۤ اُقْسِمُ بِمَا تُبْصِرُوْنَ ۟ۙ
නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَا لَا تُبْصِرُوْنَ ۟ۙ
නුඹලා නො දකින දෑ මත ද මම දිවුරමි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِیْمٍ ۟ۚۙ
නියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَّمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ؕ— قَلِیْلًا مَّا تُؤْمِنُوْنَ ۟ۙ
තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَلَا بِقَوْلِ كَاهِنٍ ؕ— قَلِیْلًا مَّا تَذَكَّرُوْنَ ۟ؕ
එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
تَنْزِیْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟
(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَلَوْ تَقَوَّلَ عَلَیْنَا بَعْضَ الْاَقَاوِیْلِ ۟ۙ
ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
لَاَخَذْنَا مِنْهُ بِالْیَمِیْنِ ۟ۙ
අපි ඔහුව දකුණතින් හසුකර ගන්නෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِیْنَ ۟ؗۖ
පසුව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَمَا مِنْكُمْ مِّنْ اَحَدٍ عَنْهُ حٰجِزِیْنَ ۟
එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නො සිටියි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاِنَّهٗ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِیْنَ ۟
තවද නියත වශයෙන් ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاِنَّا لَنَعْلَمُ اَنَّ مِنْكُمْ مُّكَذِّبِیْنَ ۟
තවද නියත වශයෙන් ම නුඹලා අතරින් මුසාවාදීන් සිටින බව සැබැවින් ම අපි දනිමු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاِنَّهٗ لَحَسْرَةٌ عَلَی الْكٰفِرِیْنَ ۟
තවද නියත වශයෙන් ම එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට බලවත් ශෝකයකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاِنَّهٗ لَحَقُّ الْیَقِیْنِ ۟
තවද නියත වශයෙන් ම එය ස්ථීර සත්‍යයකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟۠
එහෙයින් (නබිවරය!) නුඹ නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
 
අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අල් හාක්කා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - පරිවර්තන පටුන

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි සිංහල පරිවර්තනය, රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථාන කණ්ඩායම විසින් ඉස්ලාම් හවුස් වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදි.

වසන්න