ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය * - පරිවර්තන පටුන

බහාලීම XML බහාලීම CSV බහාලීම Excel API
Please review the Terms and Policies

අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අල් බය්යිනා
වාක්‍යය:
 

සූරා අල් බය්යිනා

لَمۡ يَكُنِ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلۡبَيِّنَةُ
වේද ග්‍රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතුරින් වූ ප්‍රතික්ෂේප කළ අය තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නොවූහ.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
رَسُولٞ مِّنَ ٱللَّهِ يَتۡلُواْ صُحُفٗا مُّطَهَّرَةٗ
එනම් පිවිතුරු කරන ලද පත්‍රිකා කියවන අල්ලාහ්ගෙන් (එම පැහැදිලි සාධකය) වූ දේව දූතයා ය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فِيهَا كُتُبٞ قَيِّمَةٞ
එහි නිවැරදි නීති රීති ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَةُ
තවද වේද ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසු ව මිස ඔවුහු වෙන් ව නොගියහ.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُؤۡتُواْ ٱلزَّكَوٰةَۚ وَذَٰلِكَ دِينُ ٱلۡقَيِّمَةِ
පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහු ව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. තවද ඍජු දහම වනුයේ එයයි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآۚ أُوْلَـٰٓئِكَ هُمۡ شَرُّ ٱلۡبَرِيَّةِ
සැබැවින්ම පුස්තක ලත් ජනයා හා ආදේශ තබන්නන් අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් නිරා ගින්නෙහිය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන්මය මැවීම් අතුරින් ඉතා අයහපත්ම මැවීම වනුයේ.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أُوْلَـٰٓئِكَ هُمۡ خَيۡرُ ٱلۡبَرِيَّةِ
සැබැවින්ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වන ඔවුහුමය මැවීම් අතුරින් ශ්‍රේෂ්ඨ වන්නෝ.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
جَزَآؤُهُمۡ عِندَ رَبِّهِمۡ جَنَّـٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ رَبَّهُۥ
ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන්ය. ඔවුහු එහි සදහටම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන් ව පිළිගත්තේය. ඔවුහුද ඔහු ව පිළිගත්තෝය. එය තම පරමාධිපතිට බිය වූ අයටය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:

 
අර්ථ කථනය පරිච්ඡේදය: සූරා අල් බය්යිනා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - පරිවර්තන පටුන

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි සිංහල පරිවර්තනය. රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානයට අයත් කණ්ඩායමක් විසින් www.islamhouse.com වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදී.

වසන්න