Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية * - Mealler fihristi

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Anlam tercümesi Sure: Sûretu'n-Nâziât   Ayet:

සූරා අන් නාසිආත්

وَالنّٰزِعٰتِ غَرْقًا ۟ۙ
සාහසික ලෙස (ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.
Arapça tefsirler:
وَّالنّٰشِطٰتِ نَشْطًا ۟ۙ
මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.
Arapça tefsirler:
وَّالسّٰبِحٰتِ سَبْحًا ۟ۙ
පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.
Arapça tefsirler:
فَالسّٰبِقٰتِ سَبْقًا ۟ۙ
තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
Arapça tefsirler:
فَالْمُدَبِّرٰتِ اَمْرًا ۟ۘ
කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)
Arapça tefsirler:
یَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ ۟ۙ
එදින කම්පනය වන දෑ කම්පනය වේ.
Arapça tefsirler:
تَتْبَعُهَا الرَّادِفَةُ ۟ؕ
එයට පරව කම්පනය නැවත සිදු වනු ඇත.
Arapça tefsirler:
قُلُوْبٌ یَّوْمَىِٕذٍ وَّاجِفَةٌ ۟ۙ
එදින හදවත් (බියෙන්) තැති ගනියි.
Arapça tefsirler:
اَبْصَارُهَا خَاشِعَةٌ ۟ۘ
ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.
Arapça tefsirler:
یَقُوْلُوْنَ ءَاِنَّا لَمَرْدُوْدُوْنَ فِی الْحَافِرَةِ ۟ؕ
“නියත වශයෙන් ම අපි පෙර තත්ත්වයට ම නැවත හරවනු ලබන්නෙමු දැ” යි ඔවුහු පවසති.
Arapça tefsirler:
ءَاِذَا كُنَّا عِظَامًا نَّخِرَةً ۟ؕ
“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”
Arapça tefsirler:
قَالُوْا تِلْكَ اِذًا كَرَّةٌ خَاسِرَةٌ ۟ۘ
“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
Arapça tefsirler:
فَاِنَّمَا هِیَ زَجْرَةٌ وَّاحِدَةٌ ۟ۙ
එහෙත් එය එක් භයානක හඬක් පමණි.
Arapça tefsirler:
فَاِذَا هُمْ بِالسَّاهِرَةِ ۟ؕ
එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.
Arapça tefsirler:
هَلْ اَتٰىكَ حَدِیْثُ مُوْسٰی ۟ۘ
මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේ ද?
Arapça tefsirler:
اِذْ نَادٰىهُ رَبُّهٗ بِالْوَادِ الْمُقَدَّسِ طُوًی ۟ۚ
ඔහුගේ පරමාධිපති ඔහුව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,
Arapça tefsirler:
اِذْهَبْ اِلٰی فِرْعَوْنَ اِنَّهٗ طَغٰی ۟ؗۖ
ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
Arapça tefsirler:
فَقُلْ هَلْ لَّكَ اِلٰۤی اَنْ تَزَكّٰی ۟ۙ
එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු.
Arapça tefsirler:
وَاَهْدِیَكَ اِلٰی رَبِّكَ فَتَخْشٰی ۟ۚ
තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත.
Arapça tefsirler:
فَاَرٰىهُ الْاٰیَةَ الْكُبْرٰی ۟ؗۖ
එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වී ය.
Arapça tefsirler:
فَكَذَّبَ وَعَصٰی ۟ؗۖ
එහෙත් ඔහු (ෆිර්අවුන් එය) බොරු යැයි පවසා පිටුපෑවේ ය.
Arapça tefsirler:
ثُمَّ اَدْبَرَ یَسْعٰی ۟ؗۖ
පසුව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේ ය.
Arapça tefsirler:
فَحَشَرَ ۫— فَنَادٰی ۟ؗۖ
එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට ඇමතුවේ ය.
Arapça tefsirler:
فَقَالَ اَنَا رَبُّكُمُ الْاَعْلٰی ۟ؗۖ
එවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේ ය.
Arapça tefsirler:
فَاَخَذَهُ اللّٰهُ نَكَالَ الْاٰخِرَةِ وَالْاُوْلٰی ۟ؕ
එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහුව හසු කර ගත්තේ ය.
Arapça tefsirler:
اِنَّ فِیْ ذٰلِكَ لَعِبْرَةً لِّمَنْ یَّخْشٰی ۟ؕ۠
නියත වශයෙන් ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.
Arapça tefsirler:
ءَاَنْتُمْ اَشَدُّ خَلْقًا اَمِ السَّمَآءُ ؕ— بَنٰىهَا ۟۫
මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේ ය.
Arapça tefsirler:
رَفَعَ سَمْكَهَا فَسَوّٰىهَا ۟ۙ
ඔහු එහි වියන ඔසවා පසුව එය නිවැරදිව සැකසුවේ ය.
Arapça tefsirler:
وَاَغْطَشَ لَیْلَهَا وَاَخْرَجَ ضُحٰىهَا ۪۟
තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේ ය.
Arapça tefsirler:
وَالْاَرْضَ بَعْدَ ذٰلِكَ دَحٰىهَا ۟ؕ
තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේ ය.
Arapça tefsirler:
اَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعٰىهَا ۪۟
ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වී ය.
Arapça tefsirler:
وَالْجِبَالَ اَرْسٰىهَا ۟ۙ
තවද කඳු එය ඔහු ස්ථාපිත කළේ ය.
Arapça tefsirler:
مَتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْ ۟ؕ
(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.
Arapça tefsirler:
فَاِذَا جَآءَتِ الطَّآمَّةُ الْكُبْرٰی ۟ؗۖ
එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,
Arapça tefsirler:
یَوْمَ یَتَذَكَّرُ الْاِنْسَانُ مَا سَعٰی ۟ۙ
එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේ ය.
Arapça tefsirler:
وَبُرِّزَتِ الْجَحِیْمُ لِمَنْ یَّرٰی ۟
තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්ෂ කරනු ලබයි.
Arapça tefsirler:
فَاَمَّا مَنْ طَغٰی ۟ۙ
"එහෙයින් සීමාව උල්ලංඝනය කර"
Arapça tefsirler:
وَاٰثَرَ الْحَیٰوةَ الدُّنْیَا ۟ۙ
"මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"
Arapça tefsirler:
فَاِنَّ الْجَحِیْمَ هِیَ الْمَاْوٰی ۟ؕ
සැබැවින් ම නිරය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
Arapça tefsirler:
وَاَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهٖ وَنَهَی النَّفْسَ عَنِ الْهَوٰی ۟ۙ
"තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී"
Arapça tefsirler:
فَاِنَّ الْجَنَّةَ هِیَ الْمَاْوٰی ۟ؕ
සැබැවින් ම ස්වර්ගය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
Arapça tefsirler:
یَسْـَٔلُوْنَكَ عَنِ السَّاعَةِ اَیَّانَ مُرْسٰىهَا ۟ؕ
එම හෝරාව එය කවදා සිදු වන්නේ දැ? යි ඔවුහු ඔබගෙන් විමසති.
Arapça tefsirler:
فِیْمَ اَنْتَ مِنْ ذِكْرٰىهَا ۟ؕ
ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේ ද?
Arapça tefsirler:
اِلٰی رَبِّكَ مُنْتَهٰىهَا ۟ؕ
එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.
Arapça tefsirler:
اِنَّمَاۤ اَنْتَ مُنْذِرُ مَنْ یَّخْشٰىهَا ۟ؕ
ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින් ම නුඹ අවවාද කරන්නෙක් පමණි.
Arapça tefsirler:
كَاَنَّهُمْ یَوْمَ یَرَوْنَهَا لَمْ یَلْبَثُوْۤا اِلَّا عَشِیَّةً اَوْ ضُحٰىهَا ۟۠
සැබැවින් ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නො සිටියාක් මෙන් සිතනු ඇත.
Arapça tefsirler:
 
Anlam tercümesi Sure: Sûretu'n-Nâziât
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية - Mealler fihristi

www.islamhouse.com ترجمة معاني القرآن الكريم إلى اللغة السنهالية، ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

Kapat