《古兰经》含义的翻译 - الترجمة السنهالية * - 翻译目录

下载 XML 下载 CSV 下载 Excel API
Please review the Terms and Policies

含义的翻译 章: 迈立克
段:
 

සූරා අල් මුල්ක්

تَبَٰرَكَ ٱلَّذِي بِيَدِهِ ٱلۡمُلۡكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
(සියලු) පාලන බලය කව්රුන් අතෙහි ඇත්තේද ඔහු භාග්‍යයෙන් යුක්ත විය. තවද ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.
阿拉伯语经注:
ٱلَّذِي خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَيَوٰةَ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفُورُ
ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතුරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය. තවද ඔහු සර්ව බලධාරීය. අතික්ෂමාශීලීය.
阿拉伯语经注:
ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٖۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٖ
ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පලුදු කිසිවක් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පලුද්දක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු.
阿拉伯语经注:
ثُمَّ ٱرۡجِعِ ٱلۡبَصَرَ كَرَّتَيۡنِ يَنقَلِبۡ إِلَيۡكَ ٱلۡبَصَرُ خَاسِئٗا وَهُوَ حَسِيرٞ
පසුවද නුඹ දෙවරක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතු ව හැරෙනු ඇත.
阿拉伯语经注:
وَلَقَدۡ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَجَعَلۡنَٰهَا رُجُومٗا لِّلشَّيَٰطِينِۖ وَأَعۡتَدۡنَا لَهُمۡ عَذَابَ ٱلسَّعِيرِ
තවද සැබැවින්ම අපි මෙලොව අහස පහන් මගින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන්ට දමා ගසනු ලබන මෙවලමක් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු.
阿拉伯语经注:
وَلِلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ عَذَابُ جَهَنَّمَۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
එමෙන්ම තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුනට නිරයේ දඬුවම ඇත. තවද (ඔවුහු) යොමු වන ස්ථානය නපුරු විය.
阿拉伯语经注:
إِذَآ أُلۡقُواْ فِيهَا سَمِعُواْ لَهَا شَهِيقٗا وَهِيَ تَفُورُ
ඔවුන් එහි දමනු ලැබූ කල්හි ඔවුහු එහි (බූරු හඬ මෙන්) හුස්ම ගන්නා පිළිකුල් හඬකට සවන් දෙති. තවද එය උතුරමින් පවතී.
阿拉伯语经注:
تَكَادُ تَمَيَّزُ مِنَ ٱلۡغَيۡظِۖ كُلَّمَآ أُلۡقِيَ فِيهَا فَوۡجٞ سَأَلَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ نَذِيرٞ
එය කෝපයෙන් පිපිරෙන්නාක් මෙනි. එහි පිරිසක් දමනු ලැබූ සෑම විටකම “අවවාද කරන්නෙකු නුඹලා වෙත නොපැමිණියේ දැ?”යි එහි භාරකරුවෝ ඔවුන්ගෙන් විමසති.
阿拉伯语经注:
قَالُواْ بَلَىٰ قَدۡ جَآءَنَا نَذِيرٞ فَكَذَّبۡنَا وَقُلۡنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ كَبِيرٖ
“එසේය. අප වෙත අනතුරු අඟවන්නෙකු සැබැවින්ම පැමිණියේය. එවිට අපි බොරු යැයි පැවසුවෙමු තවද අල්ලාහ් කිසිදු දෙයක් පහළ කර නැත. නුඹලා මහත් වූ මුළාවේ මිස නැතැයි” අපි කීවෙමුයි ඔවුහු පවසති.
阿拉伯语经注:
وَقَالُواْ لَوۡ كُنَّا نَسۡمَعُ أَوۡ نَعۡقِلُ مَا كُنَّا فِيٓ أَصۡحَٰبِ ٱلسَّعِيرِ
අප සවන් දෙමින් හෝ අවබෝධ කර ගනිමින් සිටියෙමු නම් දැවෙන ගින්නේ සහකාරයින්ගෙන් අප නොවන්නෙමුයි ඔවුහු කියති.
阿拉伯语经注:
فَٱعۡتَرَفُواْ بِذَنۢبِهِمۡ فَسُحۡقٗا لِّأَصۡحَٰبِ ٱلسَّعِيرِ
එවිට ඔවුහු තම වරද පිළිගනිති. එහෙයින් දැවෙන ගින්නේ සහකාරයින්ට ශාපය වේවා!
阿拉伯语经注:
إِنَّ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٞ
නියත වශයෙන්ම අදෘශ්‍යමානයෙහි තම පරමාධිපතිට බිය වන අය වනාහි ඔවුනට සමාව හා මහත් වූ තිළිණයක් ඇත.
阿拉伯语经注:

وَأَسِرُّواْ قَوۡلَكُمۡ أَوِ ٱجۡهَرُواْ بِهِۦٓۖ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
නුඹලාගේ ප්‍රකාශයන් රහසිගත ව කියනු. නැතහොත් එය හඬ නගා කියනු. නියත වශයෙන්ම ඔහු සිත්හි ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
阿拉伯语经注:
أَلَا يَعۡلَمُ مَنۡ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ
(සියල්ල) මැවූ ඔහු (අභ්‍යන්තරය පිළිබඳ ව) නොදන්නේද? ඔහු සියුම් ඥානීය. අභිඥානවන්තය යැයි දැනගනු.
阿拉伯语经注:
هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ ذَلُولٗا فَٱمۡشُواْ فِي مَنَاكِبِهَا وَكُلُواْ مِن رِّزۡقِهِۦۖ وَإِلَيۡهِ ٱلنُّشُورُ
නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් පිහිටුවාලූයේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ වල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ.
阿拉伯语经注:
ءَأَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يَخۡسِفَ بِكُمُ ٱلۡأَرۡضَ فَإِذَا هِيَ تَمُورُ
මහපොළොව දෙදරී යන විට අහසේ සිටින්නා නුඹලා එය තුළට ගිල්වීමෙන් නුඹලා සුරක්ෂිත දැයි සිතන්නෙහිද?
阿拉伯语经注:
أَمۡ أَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗاۖ فَسَتَعۡلَمُونَ كَيۡفَ نَذِيرِ
එසේ නැතහොත් අහසෙහි සිටින්නා ගල් කුණාටුවක් නුඹලා වෙත එවීමෙන් නුඹලා සුරක්ෂිත දැයි සිතන්නෙහු ද? එවිට මාගේ අනතුරු ඇඟවීම කෙසේ දැයි නුඹලා මතු දැන ගනු ඇත.
阿拉伯语经注:
وَلَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَكَيۡفَ كَانَ نَكِيرِ
තවද සැබැවින්ම ඔවුනට පෙර සිටියවුන් බොරු කළහ. එවිට මාගේ උදහස කෙසේ වී ද?
阿拉伯语经注:
أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ فَوۡقَهُمۡ صَـٰٓفَّـٰتٖ وَيَقۡبِضۡنَۚ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱلرَّحۡمَٰنُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءِۭ بَصِيرٌ
ඔවුනට ඉහළින් පක්ෂීන් තම පියාපත් දිගු හරිමින් හා හකුළුවාලමින් සිටිනු ඔවුහු නුදුටුවෝද ? උන් රඳවා තබනුයේ අපරිමිත දයාන්විතයාණන් මිස අන් කිසිවෙකු නොවෙයි. නියත වශයෙන්ම ඔහු සෑම දෙයක් පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
阿拉伯语经注:
أَمَّنۡ هَٰذَا ٱلَّذِي هُوَ جُندٞ لَّكُمۡ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحۡمَٰنِۚ إِنِ ٱلۡكَٰفِرُونَ إِلَّا فِي غُرُورٍ
අපරිමිත දායන්විතයාණන් හැර නුඹලාට උදව් කරන සේනාව කවරෙකු ද? ප්‍රතික්ෂේපකයින් මුළාවෙහි මිස නැත.
阿拉伯语经注:
أَمَّنۡ هَٰذَا ٱلَّذِي يَرۡزُقُكُمۡ إِنۡ أَمۡسَكَ رِزۡقَهُۥۚ بَل لَّجُّواْ فِي عُتُوّٖ وَنُفُورٍ
නැතහොත් ඔහුගේ පෝෂණය ඔහු නතර කළේ නම් නුඹලාට පෝෂණය සපයනුයේ කවරෙකු ද? නමුත් ඔවුහු සත්‍ය යෙන් දුරස් ව සීමාව ඉක්මවීමෙහි හා (සත්‍යයෙන්) පලා යෑමෙහි එල්බගෙන සිටිති.
阿拉伯语经注:
أَفَمَن يَمۡشِي مُكِبًّا عَلَىٰ وَجۡهِهِۦٓ أَهۡدَىٰٓ أَمَّن يَمۡشِي سَوِيًّا عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
තම මුහුණ මුණින් අතට වැටී ඇවිදින්නා ද එසේ නැතහොත් කෙළින් ඍජු මාර්ගය මත ඇවිදින්නා ද ඍජු මාර්ගයක සිටිනුයේ ?
阿拉伯语经注:
قُلۡ هُوَ ٱلَّذِيٓ أَنشَأَكُمۡ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ
නුඹලා මවා නුඹලාට ශ‍්‍රවණය ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහුය. නුඹලා ගුණ ගරුක වනුයේ ස්වල්පයකි යැයි (නබිවරය) නුඹ කියනු.
阿拉伯语经注:
قُلۡ هُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ
නුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහුය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය) නුඹ පවසනු.
阿拉伯语经注:
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ?යි ඔවුහු ප්‍රශ්න කරති.
阿拉伯语经注:
قُلۡ إِنَّمَا ٱلۡعِلۡمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٞ
(එයට) නියත වශයෙන්ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය) නුඹ කියනු.
阿拉伯语经注:

فَلَمَّا رَأَوۡهُ زُلۡفَةٗ سِيٓـَٔتۡ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَدَّعُونَ
එය කිට්ටුවෙන්ම ඔවුන් දකින කල්හි ප‍්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ.
阿拉伯语经注:
قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَهۡلَكَنِيَ ٱللَّهُ وَمَن مَّعِيَ أَوۡ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلۡكَٰفِرِينَ مِنۡ عَذَابٍ أَلِيمٖ
(නබි මුහම්මද්) මා හා මා සමග සිටින අය අල්ලාහ් විනාශ කළේ නම් හෝ නැතහොත් අප වෙත ඔහු දයාව දැක් වූයේ නම් හෝ වේදනීය දඬුවමින් ප‍්‍රතික්ෂේපකයින් ගලවා ගන්නේ කවුරුන් දැයි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (ඔවුන්ගෙන්) අසනු.
阿拉伯语经注:
قُلۡ هُوَ ٱلرَّحۡمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيۡهِ تَوَكَّلۡنَاۖ فَسَتَعۡلَمُونَ مَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ
(අපිරිමිත දයාන්විතයා ඔහුය. අපි ඔහු ගැන විශ්වාස කළෙමු. තවද ඔහු වෙතම බලාපොරොත්තු තබන්නෙමු. එහෙයින් කවරෙකු ප‍්‍රකට නොමගෙහි දැයි නුඹලා මතු දැන ගනු ඇත. යැයි (නබි මුහම්මද්) කියනු.
阿拉伯语经注:
قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَصۡبَحَ مَآؤُكُمۡ غَوۡرٗا فَمَن يَأۡتِيكُم بِمَآءٖ مَّعِينِۭ
නුඹලාගේ ජලය (මහපොළොව තුළට) කිඳා බැස්සේ නම් ගලා යන දිය දහර නුඹලාට ලබා දෙන්නේ කවුරුන් දැ?යි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (නබි මුහම්මද්) අසනු.
阿拉伯语经注:

 
含义的翻译 章: 迈立克
章节目录 页码
 
《古兰经》含义的翻译 - الترجمة السنهالية - 翻译目录

www.islamhouse.com ترجمة معاني القرآن الكريم إلى اللغة السنهالية، ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

关闭