《古兰经》译解 - 僧伽罗语翻译。 * - 译解目录

PDF XML CSV Excel API
Please review the Terms and Policies

含义的翻译 章: 阿舍也   段:

සූරා අල් ඝාෂියා

هَلْ اَتٰىكَ حَدِیْثُ الْغَاشِیَةِ ۟ؕ
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේ ද?
阿拉伯语经注:
وُجُوْهٌ یَّوْمَىِٕذٍ خَاشِعَةٌ ۟ۙ
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත්ව අවමානයෙන් පවතී.
阿拉伯语经注:
عَامِلَةٌ نَّاصِبَةٌ ۟ۙ
වෙහෙසව හා විඩාවට පත්ව පවතී.
阿拉伯语经注:
تَصْلٰی نَارًا حَامِیَةً ۟ۙ
ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
阿拉伯语经注:
تُسْقٰی مِنْ عَیْنٍ اٰنِیَةٍ ۟ؕ
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
阿拉伯语经注:
لَیْسَ لَهُمْ طَعَامٌ اِلَّا مِنْ ضَرِیْعٍ ۟ۙ
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නැත.
阿拉伯语经注:
لَّا یُسْمِنُ وَلَا یُغْنِیْ مِنْ جُوْعٍ ۟ؕ
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නො කරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නො වෙයි.
阿拉伯语经注:
وُجُوْهٌ یَّوْمَىِٕذٍ نَّاعِمَةٌ ۟ۙ
(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
阿拉伯语经注:
لِّسَعْیِهَا رَاضِیَةٌ ۟ۙ
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳව තෘප්තියට පත් ව,
阿拉伯语经注:
فِیْ جَنَّةٍ عَالِیَةٍ ۟ۙ
උසස් ස්වර්ග උයන්හි (පවතී.)
阿拉伯语经注:
لَّا تَسْمَعُ فِیْهَا لَاغِیَةً ۟ؕ
එහි පුහු වදන් ශ්‍රවණය නො කරයි.
阿拉伯语经注:
فِیْهَا عَیْنٌ جَارِیَةٌ ۟ۘ
එහි ගලා යන උල්පත් ඇත.
阿拉伯语经注:
فِیْهَا سُرُرٌ مَّرْفُوْعَةٌ ۟ۙ
එහි උස් නිදියහන් ද ඇත.
阿拉伯语经注:
وَّاَكْوَابٌ مَّوْضُوْعَةٌ ۟ۙ
(බීමට) තබන ලද ගුරුලේත්තු ද,
阿拉伯语经注:
وَّنَمَارِقُ مَصْفُوْفَةٌ ۟ۙ
වියන ලද කොට්ට ද,
阿拉伯语经注:
وَّزَرَابِیُّ مَبْثُوْثَةٌ ۟ؕ
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
阿拉伯语经注:
اَفَلَا یَنْظُرُوْنَ اِلَی الْاِبِلِ كَیْفَ خُلِقَتْ ۟ۥ
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැ? යි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?
阿拉伯语经注:
وَاِلَی السَّمَآءِ كَیْفَ رُفِعَتْ ۟ۥ
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැ? යි ද;
阿拉伯语经注:
وَاِلَی الْجِبَالِ كَیْفَ نُصِبَتْ ۟ۥ
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැ? යි ද;
阿拉伯语经注:
وَاِلَی الْاَرْضِ كَیْفَ سُطِحَتْ ۟
මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැ? යි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?)
阿拉伯语经注:
فَذَكِّرْ ۫— اِنَّمَاۤ اَنْتَ مُذَكِّرٌ ۟ؕ
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන් ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
阿拉伯语经注:
لَسْتَ عَلَیْهِمْ بِمُصَۜیْطِرٍ ۟ۙ
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නො වන්නෙහි ය.
阿拉伯语经注:
اِلَّا مَنْ تَوَلّٰی وَكَفَرَ ۟ۙ
කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
阿拉伯语经注:
فَیُعَذِّبُهُ اللّٰهُ الْعَذَابَ الْاَكْبَرَ ۟ؕ
සැබැවින් ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේ ය.
阿拉伯语经注:
اِنَّ اِلَیْنَاۤ اِیَابَهُمْ ۟ۙ
සැබැවින් ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
阿拉伯语经注:
ثُمَّ اِنَّ عَلَیْنَا حِسَابَهُمْ ۟۠
පසුව සැබැවින් ම ඔවුන් (කළ ක්‍රියාවන්)ගේ ගණනය අප මත ය.
阿拉伯语经注:
 
含义的翻译 章: 阿舍也
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语翻译。 - 译解目录

古兰经僧伽罗文译解,拉瓦德翻译中心团队与伊斯兰之家网站合作翻译

关闭