Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi. * - Tərcumənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: əl-Ənam   Ayə:
وَلَا تَقْرَبُوْا مَالَ الْیَتِیْمِ اِلَّا بِالَّتِیْ هِیَ اَحْسَنُ حَتّٰی یَبْلُغَ اَشُدَّهٗ ۚ— وَاَوْفُوا الْكَیْلَ وَالْمِیْزَانَ بِالْقِسْطِ ۚ— لَا نُكَلِّفُ نَفْسًا اِلَّا وُسْعَهَا ۚ— وَاِذَا قُلْتُمْ فَاعْدِلُوْا وَلَوْ كَانَ ذَا قُرْبٰی ۚ— وَبِعَهْدِ اللّٰهِ اَوْفُوْا ؕ— ذٰلِكُمْ وَصّٰىكُمْ بِهٖ لَعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟ۙ
අනාථයාගේ ධන සම්පත් වෙත, ඔහු වැඩි වියට පත් වන තුරු යුක්ති සහගත අයුරින් මිස සමීප නොවනු. තවද කිරුම් මිණුම් යුක්ති සහගත ලෙසින් පූර්ණ ව ඉටු කරනු. කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස අපි බර නොපටවන්නෙමු. සමීප ඥාතියකු වුව ද නුඹලා පවසන විට යුක්තිගරුක ව පවසනු. තවද අල්ලාහ්ගේ ගිවිසුම ඉටු කරනු. මෙමගින් නුඹලාට ඔහු (අල්ලාහ්) උපදෙස් දෙනුයේ නුඹලා මෙනෙහි කිරීමට හැකි වනු පිණිසය.
Ərəbcə təfsirlər:
وَاَنَّ هٰذَا صِرَاطِیْ مُسْتَقِیْمًا فَاتَّبِعُوْهُ ۚ— وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِیْلِهٖ ؕ— ذٰلِكُمْ وَصّٰىكُمْ بِهٖ لَعَلَّكُمْ تَتَّقُوْنَ ۟
තවද නියත වශයෙන් ම මෙය මාගේ ඍජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. (වෙනත්) මාර්ග අනුගමනය නො කරනු. එවිට නුඹලාව ඔහුගේ මාර්ගයෙන් එය වෙන් කරනු ඇත. මෙමඟින් නුඹලාට ඔහු (අල්ලාහ්) උපදෙස් දෙනුයේ නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස ය.
Ərəbcə təfsirlər:
ثُمَّ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ تَمَامًا عَلَی الَّذِیْۤ اَحْسَنَ وَتَفْصِیْلًا لِّكُلِّ شَیْءٍ وَّهُدًی وَّرَحْمَةً لَّعَلَّهُمْ بِلِقَآءِ رَبِّهِمْ یُؤْمِنُوْنَ ۟۠
පසුව දැහැමි ලෙස කටයුතු කරන්නාහට පූර්ණ කිරීමක් ලෙස ද සෑම දෙයක් ම විස්තර කරන්නක් ලෙස ද මඟ පෙන්වීමක් ලෙස ද ආශිර්වාදයක් ලෙස ද එම පුස්තකය අපි මූසාට පිරිනැමුවෙමු. එය ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ඔවුන් විශ්වාස කිරීමට හැකි වනු පිණිස ය.
Ərəbcə təfsirlər:
وَهٰذَا كِتٰبٌ اَنْزَلْنٰهُ مُبٰرَكٌ فَاتَّبِعُوْهُ وَاتَّقُوْا لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟ۙ
තවද අපි පහළ කළ මෙම පුස්තකය භාග්‍ය සම්පන්න ය. එබැවින් නුඹලා එය පිළිපදිනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස නුඹලා බිය බැතිමත් වනු.
Ərəbcə təfsirlər:
اَنْ تَقُوْلُوْۤا اِنَّمَاۤ اُنْزِلَ الْكِتٰبُ عَلٰی طَآىِٕفَتَیْنِ مِنْ قَبْلِنَا ۪— وَاِنْ كُنَّا عَنْ دِرَاسَتِهِمْ لَغٰفِلِیْنَ ۟ۙ
අපට පෙර ධර්ම ග්‍රන්ථය පහළ කරනු ලැබුවේ (යුදෙව් හා කිතුනු යන) දෙපිරිස වෙත ම ය. තවද අපි ඔවුන්ගේ ඉගැන්වීම් ගැන අපි අනවධානීන් ලෙස සිටියෙමු යැයි (ප්‍රතික්ෂේප කළ) නුඹලා නො පවසනු පිණිස ය.
Ərəbcə təfsirlər:
اَوْ تَقُوْلُوْا لَوْ اَنَّاۤ اُنْزِلَ عَلَیْنَا الْكِتٰبُ لَكُنَّاۤ اَهْدٰی مِنْهُمْ ۚ— فَقَدْ جَآءَكُمْ بَیِّنَةٌ مِّنْ رَّبِّكُمْ وَهُدًی وَّرَحْمَةٌ ۚ— فَمَنْ اَظْلَمُ مِمَّنْ كَذَّبَ بِاٰیٰتِ اللّٰهِ وَصَدَفَ عَنْهَا ؕ— سَنَجْزِی الَّذِیْنَ یَصْدِفُوْنَ عَنْ اٰیٰتِنَا سُوْٓءَ الْعَذَابِ بِمَا كَانُوْا یَصْدِفُوْنَ ۟
නැතහොත් සැබැවින් ම අප වෙත ධර්ම ග්‍රන්ථය පහළ කරනු ලැබුවේ නම් ඔවුනට වඩා අපි යහ මඟ ලැබූවන් වන්නෙමු යැයි නුඹලා නො පවසනු පිණිස ය. එහෙත් නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකය, මඟ පෙන්වීම හා ආශිර්වාදය පැමිණ ඇත. අල්ලාහ්ගේ වදන් බොරු කොට එය පිටු පෑ අයට වඩා මහත් අපරාධකරුවා කවරෙකු ද? අපගේ වදන් පිටුපාන්නන්ට ඔවුන් පිටුපාමින් සිටි හේතුවෙන් නපුරු දඬුවමක් අපි ප්‍රතිවිපාක වශයෙන් මතු පිරිනමන්නෙමු.
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: əl-Ənam
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi. - Tərcumənin mündəricatı

Tərcümə "Ruvvad" tərcümə mərkəzi tərəfindən "Rəbva" dəvət cəmiyyəti və İslam məzmununun dillərə xidmət cəmiyyəti ilə birgə əməkdaşlığı ilə tərcümə edilmişdir.

Bağlamaq