Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi. * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (84) Surə: ən-Nəhl
وَیَوْمَ نَبْعَثُ مِنْ كُلِّ اُمَّةٍ شَهِیْدًا ثُمَّ لَا یُؤْذَنُ لِلَّذِیْنَ كَفَرُوْا وَلَا هُمْ یُسْتَعْتَبُوْنَ ۟
අහෝ දූතය! සෑම සමූහයක් වෙතම එවන ලද දූතයකුම ඔවුන් අතර සිටි දේව විශ්වාසියාගේ දේව විශ්වාසය ගැනත්, දේව ප්රතික්ෂේපකයාගේ දේව ප්රතික්ෂේපය ගැනත් සාක්ෂි කීම සඳහා අල්ලාහ් අවදි කරන දිනය මෙනෙහි කර බලනු. ඔවුන් දේව ප්රතික්ෂේපය මත සිටි බැවින් ඒ සඳහා නිදහසට කරුණු දැක්වීමට දේව ප්රතික්ෂේපකයාට අවසර දෙනු නොලැබේ. ඔවුන්ගේ පරමාධිපති ඔහු ගැන තෘප්තියට පත්වන කටයුතු ඉටු කිරීම සඳහා නැවත මෙලොවට එවනුද නොලැබේ. මතුලොව විනිශ්චයේ නිවහන මිස ක්රියාවන් ඉටු කිරීමේ නිවහන නොවන්නේය.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• دلت الآيات على جواز الانتفاع بالأصواف والأوبار والأشعار على كل حال، ومنها استخدامها في البيوت والأثاث.
සෑම තත්ත්වයකම සත්ව ලොම්, කෙස් හා රෝම භාවිතය අනුමතය යන වග මෙම පාඨ පෙන්වා දෙයි. නිවසේ භාවිතා කරන භාණ්ඩ හා උපකරණ ද ඇතුළත් වෙයි.

• كثرة النعم من الأسباب الجالبة من العباد مزيد الشكر، والثناء بها على الله تعالى.
උත්තරීතර අල්ලාහ්ට අධික ලෙස ස්තුති කිරීම හා ප්රශංසා කිරීම බහුල වශයෙන් ආශිර්වාද ලබන්නට හේතු සාධක වන්නේය.

• الشهيد الذي يشهد على كل أمة هو أزكى الشهداء وأعدلهم، وهم الرسل الذين إذا شهدوا تمّ الحكم على أقوامهم.
සෑම සමූහයක් සඳහාම සාක්ෂි දරන සාක්ෂිකරු, සාක්ෂි කරුවන් අතර වඩාත් පිවිතුරු හා වඩාත් සාධාරණනීය අයකු වනු ඇත. ඔවුන් දහම් දූතයෝ වෙති. ඔවුන් සාක්ෂි දරන විට ඔවුන්ගේ ප්රජාවන් කෙරෙහි වන තීන්දුව සම්පූර්ණ වනු ඇත.

• في قوله تعالى: ﴿وَسَرَابِيلَ تَقِيكُم بِأْسَكُمْ﴾ دليل على اتخاذ العباد عدّة الجهاد؛ ليستعينوا بها على قتال الأعداء.
"(යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරු වලින් ආරක්ෂා කරන කබා ද ඇත" යන පාඨයේ ජිහාද් සඳහා යුධ මෙවලම් සූදානම් කිරීම සඳහා වූ සාධක ඇත. සතුරන් සමග සටන් කරන විට ඒවායින් ප්රයෝජන ලැබිය හැකි වන්නේය.

 
Mənaların tərcüməsi Ayə: (84) Surə: ən-Nəhl
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi. - Tərcumənin mündəricatı

Tərcümə "Quran araşdırmaları Təfsir Mərkəzi" tərəfindən yayımlanmışdır.

Bağlamaq