Qurani Kərimin mənaca tərcüməsi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (18) Surə: ən-Nisa
وَلَیْسَتِ التَّوْبَةُ لِلَّذِیْنَ یَعْمَلُوْنَ السَّیِّاٰتِ ۚ— حَتّٰۤی اِذَا حَضَرَ اَحَدَهُمُ الْمَوْتُ قَالَ اِنِّیْ تُبْتُ الْـٰٔنَ وَلَا الَّذِیْنَ یَمُوْتُوْنَ وَهُمْ كُفَّارٌ ؕ— اُولٰٓىِٕكَ اَعْتَدْنَا لَهُمْ عَذَابًا اَلِیْمًا ۟
පාපකම් වල තමන් නිරත වෙමින් මිය යන අවස්ථාව දෑසින් දකින තෙක් ඒ ගැන පශ්චාත්තාප නොවන්නන්ගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගන්නේ නැත. මිය යන අවස්ථාවේ ඔවුන්ගේ කෙනෙක් “කවර පාපයක් මා සිදු කළේද ඒ ගැන සැබැවින්ම මම දැන් පශ්චාත්තාප වී සමාව අයදිමි’ යැයි ඉල්ලා සිටියද එලෙස අල්ලාහ් දේව ප්රතික්ෂේපය මත පිහිටා එම තත්ත්වයේම මියගිය තැනැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගන්නේ නැත. පාපකම් වල නිරත ව සිටි පාපිෂ්ඨයින් හා දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටි තත්ත්වයේ මරණයට පත් වූවන්හට අපි වේදනීය දඬුවම සූදානම් කර ඇත්තෙමු.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• ارتكاب فاحشة الزنى من أكثر المعاصي خطرًا على الفرد والمجتمع؛ ولهذا جاءت العقوبات عليها شديدة.
•දුරාචාරය පුද්ගල ජීවිතයටත් සමාජ ජීවිතයටත් මහත් සේ බලපාන බොහෝ පාපකම් අතුරින් ඉතා බරපතළ වරදකි. ඒ සම්බන්ධයෙන් දැඩි දණ්ඩ නීති සඳහන් වී පැමිණ ඇත්තේ එබැවිණි.

• لطف الله ورحمته بعباده حيث فتح باب التوبة لكل مذنب، ويسر له أسبابها، وأعانه على سلوك سبيلها.
•පාපකම් රන සෑම කෙනෙකුටම තව්බා නොහොත් පශ්චාත්තාප වී සමාව අයැද සිටීමේ දොරටු විවෘත කරන අයුරින් අල්ලාහ් තම ගැත්තන් සමග ඉතා කරුණාවෙන් හා මෛත්රියෙන් යුතු ව කටයුතු කරයි. ඒ සඳහා වූ සාධක ඔහුට පහසු කර දෙයි. ඒ මාර්ගයේ ගමන් කිරීමට ඔහු ඔහුට උපකාරය කරයි.

• كل من عصى الله تعالى بعمد أو بغير عمد فهو جاهل بقدر من عصاه جل وعلا، وجاهل بآثار المعاصي وشؤمها عليه.
•උවමනාවෙන් හෝ නිකරුණේ හෝ උත්තරීතර අල්ලාහ්ට පිටුපාන සෑම කෙනෙකුම එසේ සිදු කරනුයේ ඔහුට පිටුපෑමේ බරපතළකම සිදු කරන ලද පාපකම් වල බරපතළකම හා ඉන් ඇති වන අභාග්ය පිළිබඳ නොදැනුවත්කම හේතුවෙනි.

• من أسباب استمرار الحياة الزوجية أن يكون نظر الزوج متوازنًا، فلا يحصر نظره فيما يكره، بل ينظر أيضا إلى ما فيه من خير، وقد يجعل الله فيه خيرًا كثيرًا.
•විවාහ ජීවිතය දිගටම පවත්වාගෙන යෑමේ දී අවශ්ය සාධක වනුයේ විවාහ ජීවිතය පිළිබඳ තුලනාත්මක දැක්මක් තිබීමය. තමන් පිළිකුල් කරන දෑහි පමණක් එම දැක්ම සීමා නොකළ යුතුයි. තවදුරටත් එහි ඇති යහපත දෙස බැලිිය යුතුය. අල්ලාහ් එහි අධික යහපත තබා ඇත.

 
Mənaların tərcüməsi Ayə: (18) Surə: ən-Nisa
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq