Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi. * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (27) Surə: əl-Maidə
وَاتْلُ عَلَیْهِمْ نَبَاَ ابْنَیْ اٰدَمَ بِالْحَقِّ ۘ— اِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ اَحَدِهِمَا وَلَمْ یُتَقَبَّلْ مِنَ الْاٰخَرِ ؕ— قَالَ لَاَقْتُلَنَّكَ ؕ— قَالَ اِنَّمَا یَتَقَبَّلُ اللّٰهُ مِنَ الْمُتَّقِیْنَ ۟
අහෝ දූතය, මෙම අපරාධකාරී ඊර්ෂ්යා සහගත යුදෙව්වන්හට ආදම්ගේ දරුවන් දෙනොගේ පුවත පවසනු. ඔවුන් දෙදෙනා කාබීල් හා හාබීල්ය. එය කිසිදු සැකයක් නොමැති සත්ය කතාවකි. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකු ම තම භාරය අල්ලාහ් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ හාබිල් ඉදිරිපත් කළ භාරය අල්ලාහ් පිළිගත්තේය. එය ඔහු අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නෙකු වූ බැවිණි. නමුත් කාබිල්ගේ භාරය ඔහු පිළිගත්තේ නැත. එය ඔහු අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නෙකු නොවූ බැවිණි. පසු ව හාබිල්ගේ භාරය පිළිගැනීම ගැන ඊර්ෂ්යාවෙන් පෙළුණු කාබීල්, ප්රසිද්ධියේ චෝදනා කර 'අහෝ හාබීල්! සැබැවින්ම මම ඔබ මරමි.' යැයි පැවසීය. එවිට හාබිල් සැබැවින්ම අල්ලාහ් භාරයන් පිළිගනුයේ ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින පුද්ගලයාගේ යැයි පැවසීය.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• مخالفة الرسل توجب العقاب، كما وقع لبني إسرائيل؛ إذ عاقبهم الله تعالى بالتِّيه.
•දූතවරුන්හට විරුද්ධ ව කටයුතු කිරීම දඬුවම අනිවාර්යය කරනු ඇත. තියාහ් නම් මුළාවට පත් ස්ථානයේ අල්ලාහ් ඔවුන් දඬවම් කළ විට එවැන්නක් ඉස්රාඊල් දරුවන්ටද සිදු විය.

• قصة ابني آدم ظاهرها أن أول ذنب وقع في الأرض - في ظاهر القرآن - هو الحسد والبغي، والذي أدى به للظلم وسفك الدم الحرام الموجب للخسران.
•ආදම්ගේ දරුවන්ගේ කතා වස්තුවෙන් හෙළිවන කරුණක් නම් අල් කුර්ආනයේ සඳහන් පරිදි මහපොළොවේ සිදු වුණු පළමු පාපය ඊර්ෂ්යාව හා සීමාව ඉක්මවීම විය. එය අපාරධ කිරීමටත් ලේ වැගිරීමටත් විනාශය වෙත තල්ලු කිරීමටත් කටයුතු කර ඇත.

• الندامة عاقبة مرتكبي المعاصي.
•පාපකම් සිදුකළ පාපතරයා සතු දඬුවම පසුතැවිල්ලයි.

• أن من سَنَّ سُنَّة قبيحة أو أشاع قبيحًا وشجَّع عليه، فإن له مثل سيئات من اتبعه على ذلك.
•කවරෙකු අවලස්සන පිළිවෙතක් අනුගමනය කරන්නේ ද එසේ නැතහොත් අවලස්සන කටයුත්තක් පතුරුවා හැර එයට උනන්දු කරවන්නේද සැබැවින් එය සෙස්සන් විසින් අනුගමනය කරනු ලැබූ විටෙක ඒ හා සමාන පාපකම් ඔහුට ද හිමි වනු ඇත.

 
Mənaların tərcüməsi Ayə: (27) Surə: əl-Maidə
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Sinhal dilinə tərcüməsi. - Tərcumənin mündəricatı

Tərcümə "Quran araşdırmaları Təfsir Mərkəzi" tərəfindən yayımlanmışdır.

Bağlamaq