Qurani Kərimin mənaca tərcüməsi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (140) Surə: əl-Ənam
قَدْ خَسِرَ الَّذِیْنَ قَتَلُوْۤا اَوْلَادَهُمْ سَفَهًا بِغَیْرِ عِلْمٍ وَّحَرَّمُوْا مَا رَزَقَهُمُ اللّٰهُ افْتِرَآءً عَلَی اللّٰهِ ؕ— قَدْ ضَلُّوْا وَمَا كَانُوْا مُهْتَدِیْنَ ۟۠
තමන්ගේ බුද්ධිහීනතාව හා අඥානකම හේතුවෙන් තම දරුවන් මරා දමමින් අල්ලාහ් තමන්හට ආහාර වශයෙන් පිරිනැමූ ගොවිපළ සතුන් ඔහු මත බොරු ගොතමින් ඒවා තහනම් කළවුන් විනාශ වී ගියහ. ඍජු මාර්ගයෙන් ඔවුන් දුරස් වූහ. ඔවුහු ඒ වෙත මග ලබන්නන් නොවූහ.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• ذم الله المشركين بسبع صفات هي : الخسران والسفاهة وعدم العلم وتحريم ما رزقهم الله والافتراء على الله والضلال وعدم الاهتداء؛ فهذه أمور سبعة، وكل واحد منها سبب تام في حصول الذم.
අල්ලාහ්ට ආදේශ කරන්නන්ව ගුණාංග හතකින් අල්ලාහ් අපහාසයට ලක් කරන්නේය. ඒවානම්: පරාජය අත්විඳීම, අධමකම, අඥානකම, අල්ලාහ් ඔවුනට පෝෂණය කළ දෑ තහනම් කිරීම, අල්ලාහ් මත බොරු ගෙතීම, නොමග යෑම, යහමග නොලැබීම යන කරුණු හතයි. මේ සෑම එකක්ම අපහාසයට ලක්වීමට පූර්ණ හේතුවක් වන්නේය.

• الأهواء سبب تحريم ما أحل الله وتحليل ما حرم الله.
අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කිරීමටත් ඔහු තහනම් කළ දෑ අනුමත කිරීමටත් ආශාවන් හේතුවක් වනු ඇත.

• وجوب الزكاة في الزروع والثمار عند حصادها، مع جواز الأكل منها قبل إخراج زكاتها، ولا يُحْسَب من الزكاة.
භෝග වගාව හා පළතුරු වගාවෙහි අස්වැනු නෙළන අවස්ථාවේ ඒ සඳහා සකාත් දීමේ අනිවාර්යයභාවය. සකාත් නිකුත් කිරීමට පෙර එයින් අනුභව කිරීමේ අනුමැතිය ඇති අතර එය සකාත් වශයෙන් ගණන් ගනු නොලැබේ.

• التمتع بالطيبات مع عدم الإسراف ومجاوزة الحد في الأكل والإنفاق.
අනුභව කිරීමෙහි හා වියදම් කිරීමෙහි සීමාව ඉක්මවා නොයමින් නාස්තියෙන් තොර ව යහපත් පිවිතුරු දෑ භුක්ති විඳීම.

 
Mənaların tərcüməsi Ayə: (140) Surə: əl-Ənam
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq