Check out the new design

Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung - Ruwwad Zentrum für Übersetzungen. * - Übersetzungen

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Übersetzung der Bedeutungen Surah / Kapitel: Al-Baqarah   Vers:
وَاِنْ كُنْتُمْ عَلٰی سَفَرٍ وَّلَمْ تَجِدُوْا كَاتِبًا فَرِهٰنٌ مَّقْبُوْضَةٌ ؕ— فَاِنْ اَمِنَ بَعْضُكُمْ بَعْضًا فَلْیُؤَدِّ الَّذِی اؤْتُمِنَ اَمَانَتَهٗ وَلْیَتَّقِ اللّٰهَ رَبَّهٗ ؕ— وَلَا تَكْتُمُوا الشَّهَادَةَ ؕ— وَمَنْ یَّكْتُمْهَا فَاِنَّهٗۤ اٰثِمٌ قَلْبُهٗ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ عَلِیْمٌ ۟۠
නුඹලා ගමනක සිටිය දී ලේඛනගත කරන්නෙකු නුඹලා නො ලැබුවෙහු නම් එවිට උකසක් අත්පත් කර ගනු ලැබේ. එහෙත් නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුව විශ්වාස කළේ නම් විශ්වාස කරනු ලැබූ අය ඔහුගේ වගකීම ඉටු කරත්වා. තවද ඔහුගේ පරමාධිපතිට බියබැතිමත් වෙත්වා. තවද නුඹලා සාක්ෂිය වසන් නො කරනු. කවරෙකු එය වසන් කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඔහුගේ හදවත පාපී අයෙකි. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය.
Arabische Interpretationen von dem heiligen Quran:
لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَاِنْ تُبْدُوْا مَا فِیْۤ اَنْفُسِكُمْ اَوْ تُخْفُوْهُ یُحَاسِبْكُمْ بِهِ اللّٰهُ ؕ— فَیَغْفِرُ لِمَنْ یَّشَآءُ وَیُعَذِّبُ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද අල්ලාහ් සතු ය. නුඹලාගේ හදවත් තුළ ඇති දෑ නුඹලා හෙළිදරව් කරන්නේ නම් හෝ එය නුඹලා සඟවන්නේ නම් හෝ ඒ පිළිබඳව අල්ලාහ් නුඹලාගෙන් පශ්න කරන්නේ ය. පසුව ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේ ය. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
Arabische Interpretationen von dem heiligen Quran:
اٰمَنَ الرَّسُوْلُ بِمَاۤ اُنْزِلَ اِلَیْهِ مِنْ رَّبِّهٖ وَالْمُؤْمِنُوْنَ ؕ— كُلٌّ اٰمَنَ بِاللّٰهِ وَمَلٰٓىِٕكَتِهٖ وَكُتُبِهٖ وَرُسُلِهٖ ۫— لَا نُفَرِّقُ بَیْنَ اَحَدٍ مِّنْ رُّسُلِهٖ ۫— وَقَالُوْا سَمِعْنَا وَاَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَاِلَیْكَ الْمَصِیْرُ ۟
තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳව ධර්ම දූතයා විශ්වාස කළේ ය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝ ය.) සියල්ලෝ ම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්‍රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කළෝ ය. ඔහුගේ ධර්ම දූතයින් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නො කරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි! ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝ ය.
Arabische Interpretationen von dem heiligen Quran:
لَا یُكَلِّفُ اللّٰهُ نَفْسًا اِلَّا وُسْعَهَا ؕ— لَهَا مَا كَسَبَتْ وَعَلَیْهَا مَا اكْتَسَبَتْ ؕ— رَبَّنَا لَا تُؤَاخِذْنَاۤ اِنْ نَّسِیْنَاۤ اَوْ اَخْطَاْنَا ۚ— رَبَّنَا وَلَا تَحْمِلْ عَلَیْنَاۤ اِصْرًا كَمَا حَمَلْتَهٗ عَلَی الَّذِیْنَ مِنْ قَبْلِنَا ۚ— رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهٖ ۚ— وَاعْفُ عَنَّا ۥ— وَاغْفِرْ لَنَا ۥ— وَارْحَمْنَا ۥ— اَنْتَ مَوْلٰىنَا فَانْصُرْنَا عَلَی الْقَوْمِ الْكٰفِرِیْنَ ۟۠
අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයට ය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයට ය. ‘අපගේ පරමාධිපතියාණනි! අප (යමක්) අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් හෝ අපව දඬුවමට ග්‍රහණය නො කරනු මැනව! තවද අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නො සලස්වනු මැනව! කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නො පටවනු මැනව! (අප කළ වැරදි) අපගෙන් නො සලකා හරිනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරු ය. එබැවින් දේව ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහිව අපට උදව් කරනු මැනව!’
Arabische Interpretationen von dem heiligen Quran:
 
Übersetzung der Bedeutungen Surah / Kapitel: Al-Baqarah
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung - Ruwwad Zentrum für Übersetzungen. - Übersetzungen

Übersetzt vom Team des Rowwad-Übersetzungszentrums in Zusammenarbeit mit der Da'wa-Vereinigung in Rabwa und der Vereinigung für die Bereitstellung islamischer Inhalte in verschiedenen Sprachen.

Schließen