Check out the new design

Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung - Ruwwad Zentrum für Übersetzungen. * - Übersetzungen

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Übersetzung der Bedeutungen Surah / Kapitel: Al-Qaṣaṣ   Vers:
قُلْ اَرَءَیْتُمْ اِنْ جَعَلَ اللّٰهُ عَلَیْكُمُ الَّیْلَ سَرْمَدًا اِلٰی یَوْمِ الْقِیٰمَةِ مَنْ اِلٰهٌ غَیْرُ اللّٰهِ یَاْتِیْكُمْ بِضِیَآءٍ ؕ— اَفَلَا تَسْمَعُوْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත රාත්‍රිය සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා වෙත ආලෝකය නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා සවන් නො දෙන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.
Arabische Interpretationen von dem heiligen Quran:
قُلْ اَرَءَیْتُمْ اِنْ جَعَلَ اللّٰهُ عَلَیْكُمُ النَّهَارَ سَرْمَدًا اِلٰی یَوْمِ الْقِیٰمَةِ مَنْ اِلٰهٌ غَیْرُ اللّٰهِ یَاْتِیْكُمْ بِلَیْلٍ تَسْكُنُوْنَ فِیْهِ ؕ— اَفَلَا تُبْصِرُوْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත දහවල සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා එහි ගිමන් හරින රාත්‍රිය නුඹලා වෙත නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා අවධානයෙන් බැලිය යුතු නො වේ ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.
Arabische Interpretationen von dem heiligen Quran:
وَمِنْ رَّحْمَتِهٖ جَعَلَ لَكُمُ الَّیْلَ وَالنَّهَارَ لِتَسْكُنُوْا فِیْهِ وَلِتَبْتَغُوْا مِنْ فَضْلِهٖ وَلَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
තවද එහි නුඹලා වාසය කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් සොයනු පිණිසත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය තුළින් ඔහු නුඹලාට රාත්‍රිය හා දහවල ඇති කළේ ය.
Arabische Interpretationen von dem heiligen Quran:
وَیَوْمَ یُنَادِیْهِمْ فَیَقُوْلُ اَیْنَ شُرَكَآءِیَ الَّذِیْنَ كُنْتُمْ تَزْعُمُوْنَ ۟
තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේ දැ? යි ඔහු විමසයි.
Arabische Interpretationen von dem heiligen Quran:
وَنَزَعْنَا مِنْ كُلِّ اُمَّةٍ شَهِیْدًا فَقُلْنَا هَاتُوْا بُرْهَانَكُمْ فَعَلِمُوْۤا اَنَّ الْحَقَّ لِلّٰهِ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟۠
තවද සෑම සමූහයකින් ම සාක්ෂිකරුවකු අපි වෙන් කර නුඹලාගේ සාධක ගෙන එනුයි අපි පවසන්නෙමු. එවිට නියත වශයෙන් ම සත්‍යය අල්ලාහ් සතු යැයි ඔවුන් දැන ගනු ඇත. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යයි.
Arabische Interpretationen von dem heiligen Quran:
اِنَّ قَارُوْنَ كَانَ مِنْ قَوْمِ مُوْسٰی فَبَغٰی عَلَیْهِمْ ۪— وَاٰتَیْنٰهُ مِنَ الْكُنُوْزِ مَاۤ اِنَّ مَفَاتِحَهٗ لَتَنُوْٓاُ بِالْعُصْبَةِ اُولِی الْقُوَّةِ ۗ— اِذْ قَالَ لَهٗ قَوْمُهٗ لَا تَفْرَحْ اِنَّ اللّٰهَ لَا یُحِبُّ الْفَرِحِیْنَ ۟
නියත වශයෙන් ම කාරූන් මූසාගේ ජනයා අතරින් කෙනෙකු විය. එහෙත් ඔහු ඔවුනට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළේ ය. තවද අපි ඔහුට නිධන් වස්තු පිරිනැමුවෙමු. නියත වශයෙන් ම එහි යතුරු ශක්තිමත් කණ්ඩායමක් විසින් ඉතා අසීරුවෙන් උසුලන්නක් විය. ඔබ උදම් නො වනු යැයි ඔහුගේ ජනයා ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන් ම අල්ලාහ් උදම් වන්නන් ප්‍රිය නො කරයි.
Arabische Interpretationen von dem heiligen Quran:
وَابْتَغِ فِیْمَاۤ اٰتٰىكَ اللّٰهُ الدَّارَ الْاٰخِرَةَ وَلَا تَنْسَ نَصِیْبَكَ مِنَ الدُّنْیَا وَاَحْسِنْ كَمَاۤ اَحْسَنَ اللّٰهُ اِلَیْكَ وَلَا تَبْغِ الْفَسَادَ فِی الْاَرْضِ ؕ— اِنَّ اللّٰهَ لَا یُحِبُّ الْمُفْسِدِیْنَ ۟
තවද අල්ලාහ් ඔබ වෙත පිරිනැමූ දෑහි මතු ලොව නිවහන ඔබ සොයනු. තවද මෙලොවෙහි ඔබේ කොටස අමතක නො කරනු. අල්ලාහ් ඔබ වෙත උපකාරශීලීව කටයුතු කළාක් මෙන් ඔබ ද උපකාරශීලීව කටයුතු කරනු. තවද මහපොළොවේ කලහකම් කිරීමට නො සොයනු. නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන් ප්‍රිය නො කරයි.
Arabische Interpretationen von dem heiligen Quran:
 
Übersetzung der Bedeutungen Surah / Kapitel: Al-Qaṣaṣ
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung - Ruwwad Zentrum für Übersetzungen. - Übersetzungen

Übersetzt vom Team des Rowwad-Übersetzungszentrums in Zusammenarbeit mit der Da'wa-Vereinigung in Rabwa und der Vereinigung für die Bereitstellung islamischer Inhalte in verschiedenen Sprachen.

Schließen