Check out the new design

Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung - Ruwwad Zentrum für Übersetzungen. * - Übersetzungen

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Übersetzung der Bedeutungen Surah / Kapitel: Ar-Rūm   Vers:
وَاِذَا مَسَّ النَّاسَ ضُرٌّ دَعَوْا رَبَّهُمْ مُّنِیْبِیْنَ اِلَیْهِ ثُمَّ اِذَاۤ اَذَاقَهُمْ مِّنْهُ رَحْمَةً اِذَا فَرِیْقٌ مِّنْهُمْ بِرَبِّهِمْ یُشْرِكُوْنَ ۟ۙ
තවද මිනිසුන්ට කුමක් හෝ විපතක් සිදු වූ විට ඔවුන්ගේ පරමාධිපති වෙත යොමුවන්නන් ලෙසින් ඔවුහු ඔහුට කන්නලව් කරති. පසුව එයින් ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුන් අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට සමානයන් තබති.
Arabische Interpretationen von dem heiligen Quran:
لِیَكْفُرُوْا بِمَاۤ اٰتَیْنٰهُمْ ؕ— فَتَمَتَّعُوْا ۥ— فَسَوْفَ تَعْلَمُوْنَ ۟
(එසේ සිදු කරනුයේ) ඔවුනට අපි පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔවුන් ගුණමකු වනු පිණිස ය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. එවිට නුඹලා මතු දැන ගනු ඇත.
Arabische Interpretationen von dem heiligen Quran:
اَمْ اَنْزَلْنَا عَلَیْهِمْ سُلْطٰنًا فَهُوَ یَتَكَلَّمُ بِمَا كَانُوْا بِهٖ یُشْرِكُوْنَ ۟
එසේ නැතහොත් ඔවුන් කවර දෙයක් මත ආදේශ කරමින් සිටියේ ද ඒ ගැන කතා කරන සාධකයක් ඔවුන් වෙත අපි පහළ කළෙමු ද?
Arabische Interpretationen von dem heiligen Quran:
وَاِذَاۤ اَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوْا بِهَا ؕ— وَاِنْ تُصِبْهُمْ سَیِّئَةٌ بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ اِذَا هُمْ یَقْنَطُوْنَ ۟
තවද ජනයාට ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුහු එමඟින් සතුටු වෙති. එහෙත් ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඔවුනට අත්වූයේ නම් එවිට ඔවුහු බලාපොරොත්තු සුන් කර ගනිති.
Arabische Interpretationen von dem heiligen Quran:
اَوَلَمْ یَرَوْا اَنَّ اللّٰهَ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
තවද නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් (ඇතැමුන්ට) සීමා කර දෙන බවත් ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
Arabische Interpretationen von dem heiligen Quran:
فَاٰتِ ذَا الْقُرْبٰى حَقَّهٗ وَالْمِسْكِیْنَ وَابْنَ السَّبِیْلِ ؕ— ذٰلِكَ خَیْرٌ لِّلَّذِیْنَ یُرِیْدُوْنَ وَجْهَ اللّٰهِ ؗ— وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟
එහෙයින් ඥාතී වූ අයට ඔහුගේ උරුමය දෙනු. තවද දුප්පතාට ද තවද මගියාට ද (දෙනු.) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන්හට එය උතුම් ය. තවද ඔවුහු මය ජයග්‍රාහකයෝ.
Arabische Interpretationen von dem heiligen Quran:
وَمَاۤ اٰتَیْتُمْ مِّنْ رِّبًا لِّیَرْبُوَاۡ فِیْۤ اَمْوَالِ النَّاسِ فَلَا یَرْبُوْا عِنْدَ اللّٰهِ ۚ— وَمَاۤ اٰتَیْتُمْ مِّنْ زَكٰوةٍ تُرِیْدُوْنَ وَجْهَ اللّٰهِ فَاُولٰٓىِٕكَ هُمُ الْمُضْعِفُوْنَ ۟
තවද ජනයාගේ වස්තුවෙන් වැඩෙනු පිණිස නුඹලා දෙන පොළිය අල්ලාහ් අභියස වර්ධනය වන්නේ නැත. එහෙත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්‍යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහු මය ගුණ කරනු ලබන්නෝ.
Arabische Interpretationen von dem heiligen Quran:
اَللّٰهُ الَّذِیْ خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ یُمِیْتُكُمْ ثُمَّ یُحْیِیْكُمْ ؕ— هَلْ مِنْ شُرَكَآىِٕكُمْ مَّنْ یَّفْعَلُ مِنْ ذٰلِكُمْ مِّنْ شَیْءٍ ؕ— سُبْحٰنَهٗ وَتَعٰلٰى عَمَّا یُشْرِكُوْنَ ۟۠
අල්ලාහ් වන ඔහු නුඹලාව මැව්වේ ය. නුඹලාට පෝෂණය දුන්නේ ය. පසුව ඔහු නුඹලා මරණයට පත් කරන්නේ ය. පසුව නුඹලාට ජීවය දෙන්නේ ය. මේවායින් කිසිවක් හෝ සිදු කරන නුඹලාගේ හවුල්කරුවන් කිසිවෙකු හෝ වෙත් ද? ඔහු සුපිවිතුර ය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර විය.
Arabische Interpretationen von dem heiligen Quran:
ظَهَرَ الْفَسَادُ فِی الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ اَیْدِی النَّاسِ لِیُذِیْقَهُمْ بَعْضَ الَّذِیْ عَمِلُوْا لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්‍යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිස ය.
Arabische Interpretationen von dem heiligen Quran:
 
Übersetzung der Bedeutungen Surah / Kapitel: Ar-Rūm
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung - Ruwwad Zentrum für Übersetzungen. - Übersetzungen

Übersetzt vom Team des Rowwad-Übersetzungszentrums in Zusammenarbeit mit der Da'wa-Vereinigung in Rabwa und der Vereinigung für die Bereitstellung islamischer Inhalte in verschiedenen Sprachen.

Schließen