Check out the new design

Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung - Ruwwad Zentrum für Übersetzungen. * - Übersetzungen

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Übersetzung der Bedeutungen Surah / Kapitel: An-Nisāʾ   Vers:
اِنَّاۤ اَوْحَیْنَاۤ اِلَیْكَ كَمَاۤ اَوْحَیْنَاۤ اِلٰی نُوْحٍ وَّالنَّبِیّٖنَ مِنْ بَعْدِهٖ ۚ— وَاَوْحَیْنَاۤ اِلٰۤی اِبْرٰهِیْمَ وَاِسْمٰعِیْلَ وَاِسْحٰقَ وَیَعْقُوْبَ وَالْاَسْبَاطِ وَعِیْسٰی وَاَیُّوْبَ وَیُوْنُسَ وَهٰرُوْنَ وَسُلَیْمٰنَ ۚ— وَاٰتَیْنَا دَاوٗدَ زَبُوْرًا ۟ۚ
සැබැවින් ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී (දිව්‍ය පණිවිඩය) පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින් ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ධර්ම ග්‍රන්ථය) පිරිනැමුවෙමු.
Arabische Interpretationen von dem heiligen Quran:
وَرُسُلًا قَدْ قَصَصْنٰهُمْ عَلَیْكَ مِنْ قَبْلُ وَرُسُلًا لَّمْ نَقْصُصْهُمْ عَلَیْكَ ؕ— وَكَلَّمَ اللّٰهُ مُوْسٰی تَكْلِیْمًا ۟ۚ
ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන මීට පෙර අපි නුඹට පවසා ඇත. තවද ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන අපි නුඹට පවසා නැත. තවද අල්ලාහ් මූසා සමඟ කතා කළේ ය.
Arabische Interpretationen von dem heiligen Quran:
رُسُلًا مُّبَشِّرِیْنَ وَمُنْذِرِیْنَ لِئَلَّا یَكُوْنَ لِلنَّاسِ عَلَی اللّٰهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ ؕ— وَكَانَ اللّٰهُ عَزِیْزًا حَكِیْمًا ۟
එම රසූල්වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහිව ජනයාට නො වනු පිණිස ඇතැම් රසූල්වරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය.
Arabische Interpretationen von dem heiligen Quran:
لٰكِنِ اللّٰهُ یَشْهَدُ بِمَاۤ اَنْزَلَ اِلَیْكَ اَنْزَلَهٗ بِعِلْمِهٖ ۚ— وَالْمَلٰٓىِٕكَةُ یَشْهَدُوْنَ ؕ— وَكَفٰی بِاللّٰهِ شَهِیْدًا ۟ؕ
එහෙත් නුඹ වෙත පහළ කළ දෑට අල්ලාහ් සාක්ෂි දරනු ඇත. එය ඔහුගේ අනු දැනුමෙන් පහළ කළේ ය. තවද මලාඉකාවරු ද සාක්ෂි දරති. සාක්ෂි දරන්නා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
Arabische Interpretationen von dem heiligen Quran:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ قَدْ ضَلُّوْا ضَلٰلًا بَعِیْدًا ۟
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළවුන් වනාහි සැබැවින් ම අන්ත මුළාවකින් මුළා වූහ.
Arabische Interpretationen von dem heiligen Quran:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَظَلَمُوْا لَمْ یَكُنِ اللّٰهُ لِیَغْفِرَ لَهُمْ وَلَا لِیَهْدِیَهُمْ طَرِیْقًا ۟ۙ
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට අපරාධ කළවුන් වනාහි ඔවුනට සමාව දීමට හෝ ඔවුන්ව යහමඟ යැවීමට හෝ අල්ලාහ්ට කිසිදු මඟක් නො වීය.
Arabische Interpretationen von dem heiligen Quran:
اِلَّا طَرِیْقَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— وَكَانَ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرًا ۟
නිරයේ මාර්ගය මිස. ඔවුහු එහි නිරන්තරයෙන් ම සදාතනිකයින් වෙති. තවද අල්ලාහ්ට එය පහසු කාර්යයක් විය.
Arabische Interpretationen von dem heiligen Quran:
یٰۤاَیُّهَا النَّاسُ قَدْ جَآءَكُمُ الرَّسُوْلُ بِالْحَقِّ مِنْ رَّبِّكُمْ فَاٰمِنُوْا خَیْرًا لَّكُمْ ؕ— وَاِنْ تَكْفُرُوْا فَاِنَّ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَكِیْمًا ۟
අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන මෙම රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා විශ්වාස කරනු. නුඹලාට එය යහපතකි. එහෙත් නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට (දැන ගනු) සැබැවින් ම අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය.
Arabische Interpretationen von dem heiligen Quran:
 
Übersetzung der Bedeutungen Surah / Kapitel: An-Nisāʾ
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung - Ruwwad Zentrum für Übersetzungen. - Übersetzungen

Übersetzt vom Team des Rowwad-Übersetzungszentrums in Zusammenarbeit mit der Da'wa-Vereinigung in Rabwa und der Vereinigung für die Bereitstellung islamischer Inhalte in verschiedenen Sprachen.

Schließen