Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Übersetzungen


Übersetzung der Bedeutungen Vers: (199) Surah / Kapitel: Al -I-‘Imrân
وَاِنَّ مِنْ اَهْلِ الْكِتٰبِ لَمَنْ یُّؤْمِنُ بِاللّٰهِ وَمَاۤ اُنْزِلَ اِلَیْكُمْ وَمَاۤ اُنْزِلَ اِلَیْهِمْ خٰشِعِیْنَ لِلّٰهِ ۙ— لَا یَشْتَرُوْنَ بِاٰیٰتِ اللّٰهِ ثَمَنًا قَلِیْلًا ؕ— اُولٰٓىِٕكَ لَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ؕ— اِنَّ اللّٰهَ سَرِیْعُ الْحِسَابِ ۟
ආගම් ලත් ජනයා එක සමාන නොවෙති. ඊට හේතුව ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ් හා නුඹලා වෙත පහළ කරනු ලැබූ සත්යය හා මඟ පෙන්වීම විශ්වාස කරති. තවද ඔවුන්ගේ පුස්තක වල ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. අල්ලාහ්ගේ දූතවරු අතර වෙනස්කම් නොකරති. අල්ලාහ් අබියස ඇති දෑට ප්රිය කරමින් ඔහුට යටහත් පහත් ව අවනත වෙති. මෙලොව සුළු සැපත වෙනුවෙන් අල්ලාහ්ගේ වදන් මිල කොට හුවමාරු නොකරති. මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස අතිමහත් කුසල් ඇත. සැබැවින්ම අල්ලාහ් සියලුම ක්රියාවන් පිළිබඳ විනිශ්චය කිරීමේ දී ඉතා වේගවත්ය. එමෙන්ම ඒ සඳහා කුසල් පිරිනැමීමේ දී ද ඉතා වේගවත්ය.
Arabische Interpretationen von dem heiligen Quran:
Die Nutzen der Versen in dieser Seite:
• الأذى الذي ينال المؤمن في سبيل الله فيضطره إلى الهجرة والخروج والجهاد من أعظم أسباب تكفير الذنوب ومضاعفة الأجور.
•අල්ලාහ්ගේ මාර්ගයේ සිටින මුඃමින් හෙවත් දේව විශ්වාස කරන්නාට අත්වන වේදනාවන් තම පදිංචි ස්ථානයෙන් බැහැර කරවා තවත් දේශයකට යෑමේ තත්ත්වයක් ඔහුට උදා කරනු ඇත. පාප ක්ෂමා වීමටත් ප්රතිඵල ගුණ වී ලැබීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම අතිමහත් සාධකයක් වන්නේය.

• ليست العبرة بما قد ينعم به الكافر في الدنيا من المال والمتاع وإن عظم؛ لأن الدنيا زائلة، وإنما العبرة بحقيقة مصيره في الآخرة في دار الخلود.
•දේව ප්රතික්ෂේපකයාට මෙලොව පිරිනමා ඇති ධනය හා සම්පත අධික ව තිබුණ ද ඒවා පදනම් කරගෙන ආදර්ශය පිහිටන්නේ නැත. සැබැවින්ම මෙලොව ඉතා පහත්ය. සැබෑ ආදර්ශය වනුයේ මතු ලොවෙහි සදාතනික නිවහනෙහි ඔහුගේ නවාතැන වීමය.

• من أهل الكتاب من يشهدون بالحق الذي في كتبهم، فيؤمنون بما أنزل إليهم وبما أنزل على المؤمنين، فهؤلاء لهم أجرهم مرتين.
•ආගම් ලත් ජනයා අතුරින් ඔවුන්ගේ පුස්තක වල සඳහන් සත්යයට සාක්ෂි දරන ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ හා දෙවියන් විශ්වාස කරන්නන්හට පහළ කරනු ලැබූ දෑ විශ්වාස කරන අය ද වෙති. ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට දෙවතාවක් හිමි වනු ඇත.

• الصبر على الحق، ومغالبة المكذبين به، والجهاد في سبيله، هو سبيل الفلاح في الآخرة.
•සත්යය මත ඉවසීම සත්යය බොරු කරන්නන් අබිබවා යෑම එම මාර්ගයේ අරගල කිරීම වැනි දෑ මතුලොව ජයග්රහණයේ මාර්ග වෙයි.

 
Übersetzung der Bedeutungen Vers: (199) Surah / Kapitel: Al -I-‘Imrân
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Übersetzungen

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Schließen