Check out the new design

Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans * - Übersetzungen


Übersetzung der Bedeutungen Vers: (7) Surah / Kapitel: Al-Māʾidah
وَاذْكُرُوْا نِعْمَةَ اللّٰهِ عَلَیْكُمْ وَمِیْثَاقَهُ الَّذِیْ وَاثَقَكُمْ بِهٖۤ ۙ— اِذْ قُلْتُمْ سَمِعْنَا وَاَطَعْنَا ؗ— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
අල්ලාහ් ඔබ ව ඉස්ලාමය වෙත මග පෙන්වා කළ ආශිර්වාදය ගැන මෙනෙහි කර බලනු. දිරිමත් හා දුබල අවස්ථාවේ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට සවන් දෙන බවටත්, අවනත වන බවටත් ප්රතිඥා දෙමින් ‘අපි ඔබේ ප්රකාශයට සවන් දුනිමු. ඔබේ නියෝගයට අවනත වූයෙමු.‘ යැයි පවසමින් ඔබ සමග ඇතිකර ගත් ඔහුගේ ගිවිසුම මෙනෙහි කර බලනු. එමෙන්ම ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කරනු. ඔහුගේ ගිවිසුම්ද ඒවායින් එකකි. නියත වශයෙන් ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ සර්ව ඥානීය. එහෙයින් ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.
Arabische Interpretationen von dem heiligen Quran:
Die Nutzen der Versen in dieser Seite:
• الأصل في الطهارة هو استعمال الماء بالوضوء من الحدث الأصغر، والغسل من الحدث الأكبر.
පිරිසිදුකමේ මූලධර්මය සුළු කිල්ලෙන් ඉවත් වීම සඳහා ජලය භාවිත කරමින් වුළු හෙවත් අර්ධ ධෝවනය සිදු කිරීම හා මහා කිල්ලෙන් බැහැර වීමට ස්නානය කිරීමයි.

• في حال تعذر الحصول على الماء، أو تعذّر استعماله لمرض مانع أو برد قارس، يشرع التيمم (بالتراب) لرفع حكم الحدث (الأصغر أو الأكبر).
ජලය ලබන්නට නොහැකි තත්ත්වයක හෝ රෝගීභාවය, දැඩි සීතල වැනි එය භාවිත කළ නොහැකි තත්ත්වයක සුළු හා මහා කිලිටි වලින් ඉවත් වන්නට පස් මගින් තයම්මුම් කිරීම ආගමානුගත කර ඇත.

• الأمر بتوخي العدل واجتناب الجور حتى في معاملة المخالفين.
වැරදිකරුවන් සමග කටයුතු කිරීමේදී පවා යුක්තිය පසිඳලීම සහ අයුක්තිය වළක්වා ගැනීම සඳහා වූ නියෝගය.

 
Übersetzung der Bedeutungen Vers: (7) Surah / Kapitel: Al-Māʾidah
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans - Übersetzungen

Vom Tafsirzentrum für Quranwissenschaften herausgegeben.

Schließen