Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Übersetzungen


Übersetzung der Bedeutungen Vers: (28) Surah / Kapitel: Al-An‘âm
بَلْ بَدَا لَهُمْ مَّا كَانُوْا یُخْفُوْنَ مِنْ قَبْلُ ؕ— وَلَوْ رُدُّوْا لَعَادُوْا لِمَا نُهُوْا عَنْهُ وَاِنَّهُمْ لَكٰذِبُوْنَ ۟
තමන් නැවත හරවා යවනු ලැබුවේ නම් දෙවියන් විශ්වාස කරන්නේ යැයි ඔවුන් පවසන අයුරින් එම කරුණ පවතින්නේ නැත. ඔවුන්ගේ ශරීරි අවයව ඔවුනට එරෙහි ව සාක්ෂි දරන විට, (අල්ලාහ් මත දිවුරා පවසමි, අපි ආදේශ කරන්නන් නොවූයෙමු යැයි පවසා) ඔවුන් සගවා සිටි ඔවුන්ගේ ප්රකාශය ඔවුනට හෙළිවනු ඇත. සැබැවින්ම ඔවුන් මෙලොවට නැවත එවනු ලබන්නට නියම කරනු ලැබුවත් ඔවුනට තහනම් කරන ලද දේව ප්රතික්ෂේපය හා දෙවියන්ට ආදේශ තැබීම වෙත නැවත යොමු වනු ඇත. සැබැවින්ම තමන් නැවත හරවා යවනු ලැබූ විට දේවත්වය විශ්වාස කරන බවට වූ ඔවුන්ගේ තර්කයෙහි ඔවුන් බොරුකාරයෝය.
Arabische Interpretationen von dem heiligen Quran:
Die Nutzen der Versen in dieser Seite:
• من عدل الله تعالى أنه يجمع العابد والمعبود والتابع والمتبوع في عَرَصات القيامة ليشهد بعضهم على بعض.
•නමදින්නා හා නමදිනු ලබන්නාද අනුගමනය කරන්නා හා අනුගමනය කරනු ලබන්නාද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන එළිමහන් පිටියේ ඔවුන් එකිනෙකා අනෙකාට එරෙහි ව සාක්ෂි දරනු පිණිස එක්රැස් කිරීම අල්ලාහ්ගේ සාධාරණීයත්වයෙන් එකකි.

• ليس كل من يسمع القرآن ينتفع به، فربما يوجد حائل مثل ختم القلب أو الصَّمَم عن الانتفاع أو غير ذلك.
•අල් කුර්ආනයට සවන් දෙන සෑම කෙනෙකුම එයින් ප්රයෝජන ලබන්නේ නැත. ඇතැම් විට එයින් ප්රයෝජන ලබන්නට නොහැකි අයුරින් හදවතට මුද්රා තැබීම බිහිරි බව හා වෙනත් බාධක මගින් තිරයක් යොදා තිබීම දකින්නට පුළුවන.

• بيان أن المشركين وإن كانوا يكذبون في الظاهر فهم يستيقنون في دواخلهم بصدق النبي عليه الصلاة والسلام.
•සැබැවින්ම දෙවියන්ට ආදේශ කරන්නන් මතුපිටින් බොරු කළ ද ඔවුන්ගේ අභ්යන්තරය තුළ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ සත්යතාව පිළිබඳ ව තරයේ විශ්වාස කරති.

• تسلية النبي عليه الصلاة والسلام ومواساته بإعلامه أن هذا التكذيب لم يقع له وحده، بل هي طريقة المشركين في معاملة الرسل السابقين.
•සැබැවින්ම මෙසේ බොරු කිරීම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට පමණක් සිදු වූ කරුණක් නොව පෙර පැමිණි දූතවරුන් සමග කටයුතු කිරීමේදී දෙවියන්ට ආදේශ තැබූවන් කටයුතු කළ මාර්ගයද මෙසේ වූ බව එතුමාණන්ට දැනුම් දෙමින් එතුමාණන් ව සැනසුමට හා තෘප්තියට පත් කිරීම.

 
Übersetzung der Bedeutungen Vers: (28) Surah / Kapitel: Al-An‘âm
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Übersetzungen

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Schließen