Check out the new design

Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans * - Übersetzungen


Übersetzung der Bedeutungen Vers: (171) Surah / Kapitel: Al-Aʿrāf
وَاِذْ نَتَقْنَا الْجَبَلَ فَوْقَهُمْ كَاَنَّهٗ ظُلَّةٌ وَّظَنُّوْۤا اَنَّهٗ وَاقِعٌ بِهِمْ ۚ— خُذُوْا مَاۤ اٰتَیْنٰكُمْ بِقُوَّةٍ وَّاذْكُرُوْا مَا فِیْهِ لَعَلَّكُمْ تَتَّقُوْنَ ۟۠
අහෝ මුහම්මද්! ඉස්රාඊල් දරුවන් තව්රාතයේ ඇති දෑ පිළිගැනීමෙන් වැළකී සිටි කල්හි, ඔවුනට ඉහළින් අපි කන්ද උගුලා ඔසවා තැබූ අවස්ථාව මෙනෙහි කරනු. එවිට එම කන්ද ඔවුන්ගේ හිසට හෙවණක් ගෙන දෙන වලාකුළක් මෙන් විය. සැබැවින්ම එය ඔවුන් මත කඩා වැටෙනු ඇතැයි ඔවුනට තහවුරු විය. එවිට ඔවුනට මෙසේ පවසන ලදී: අපි නුඹලාට පිරිනැමූ දෑ ඉතා මැනවින් කැපවීමෙන් හා ස්ථීර ලෙස ගනු. එහි අල්ලාහ් නුඹලාට ආගමානුගත කළ නීති මෙනෙහි කර බලනු. ඒවා අමතක නොකරනු. එලෙස නුඹලා කටයුතු කරන විට නුඹලා අල්ලාහ්ට බැතිමත් වීම අපේක්ෂා කළ හැකිය.
Arabische Interpretationen von dem heiligen Quran:
Die Nutzen der Versen in dieser Seite:
• المقصود من إنزال الكتب السماوية العمل بمقتضاها لا تلاوتها باللسان وترتيلها فقط، فإن ذلك نَبْذ لها.
•දිව්යමය පුස්තක පහළ කිරීමේ අරමුණ වනුයේ, එහි ඇති නියමයන් ක්රියාවට නැංවීම මිස හුදෙක් එය මුවින් පාරායනය කිරීමට හෝ ගායනා කිරීමට පමණක් නොවේ. සැබැවින්ම එය ඒ සඳහා වූ සුළු ක්රියාවක් පමණි.

• أن الله خلق في الإنسان من وقت تكوينه إدراك أدلة الوحدانية، فإذا كانت فطرته سليمة، ولم يدخل عليها ما يفسدها أدرك هذه الأدلة، وعمل بمقتضاها.
•මිනිසා මැවූ අවස්ථාවේ සිට ම ඒක දේවත්වයේ සාක්ෂි පිළිබඳ දැනුවත්භාවය අල්ලාහ් ඔහු තුළ මැවීය. එහෙයින් ඔහුගේ ස්වභාවය ආරෝග්යමත් නම්, එකී සාක්ෂි ලැබීම පළුඳු කරන කිසිවක් ඒ තුළිට පිවිසෙන්නේ නැත. ඔහු ඒ අනුව ක්රියා කරනු ඇත.

• في الآيات عبرة للموفَّقين للعمل بآيات القرآن؛ ليعلموا فضل الله عليهم في توفيقهم للعمل بها؛ لتزكو نفوسهم.
•අල්-කුර්ආනයේ වදන් වලට අනුකූලව ක්රියා කරන භාග්යවන්තයින්හට පාඩමක් මෙම වදන් වල ඇත. එය එසේ ක්රියා කිරීම සඳහා ඔවුන් වෙත පිරිනමන ලද ආශිර්වාදය තුළ අල්ලාහ්ගේ භාග්ය ඔවුන් දැන ගනු පිණිස හා ඔවුන්ගේ ආත්මාවන් පිරිසිදු කර ගනු පිණිසය.

• في الآيات تلقين للمسلمين للتوجه إلى الله تعالى بطلب الهداية منه والعصمة من مزالق الضلال.
•අල්ලාහ්ගෙන් යහමග හා තමන් මුළාවේ ලිස්සා වැටීමෙන් ආරක්ෂාව පැතීමෙන් ඔහු වෙත යොමු වන්නට මුස්ලිම් වරුන්හට මග පෙන්වීමක් මෙම දේව වාක්යයන් තුළ ඇතුළත් ව ඇත.

 
Übersetzung der Bedeutungen Vers: (171) Surah / Kapitel: Al-Aʿrāf
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans - Übersetzungen

Vom Tafsirzentrum für Quranwissenschaften herausgegeben.

Schließen