Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Übersetzungen


Übersetzung der Bedeutungen Vers: (39) Surah / Kapitel: Al-A‘râf
وَقَالَتْ اُوْلٰىهُمْ لِاُخْرٰىهُمْ فَمَا كَانَ لَكُمْ عَلَیْنَا مِنْ فَضْلٍ فَذُوْقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْسِبُوْنَ ۟۠
අනුගමනය කරනු ලැබූ නායකයින් තම අනුගාමිකයින් දෙස බලා, "අහෝ අනුගමනය කළවුනි! ඔබෙන් දඬුවම සැහැල්ලු කිරීමට තරම් අපට වඩා සුදුසුකමක් ලබන මහිමයක් ඔබට නැත. දඬුවම පිහිටනුයේ ඔබ උපයාගත් ක්රියාවන් අනුවය. ව්යාජ දෑ අනුගමනය කිරීමේ දී ඔබට කිසිදු නිදහසට කරුණක් නැත. එහෙයින් අනුගමනය කළවුනි! ඔබ උපයාගනිමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අප භුක්ති විදන දෑ හා සමාන දඬුවමක් ඔබද භුක්ති විඳිනු."
Arabische Interpretationen von dem heiligen Quran:
Die Nutzen der Versen in dieser Seite:
• المودة التي كانت بين المكذبين في الدنيا تنقلب يوم القيامة عداوة وملاعنة.
මෙලොවෙහි බොරුකාරයින් අතර පවතින සෙනෙහස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සතුරුකමක් හා දොස් නගන්නක් බවට පෙරළෙනු ඇත.

• أرواح المؤمنين تفتح لها أبواب السماء حتى تَعْرُج إلى الله، وتبتهج بالقرب من ربها والحظوة برضوانه.
දේව විශ්වාස කළවුන්ගේ ප්රාණය අල්ලාහ් වෙත ඉහළට නැග යාම සඳහා අහසේ දොරටු විවෘත කරනු ලැබේ. ඒවා තම පමරාධපතිට සමීප වීම හේතුවෙන් හා ඔහුගේ තෘප්තියට භාජනය වීම හේතුවෙන් සතුටට පත් වෙති.

• أرواح المكذبين المعرضين لا تفتح لها أبواب السماء، وإذا ماتوا وصعدت فهي تستأذن فلا يؤذن لها، فهي كما لم تصعد في الدنيا بالإيمان بالله ومعرفته ومحبته، فكذلك لا تصعد بعد الموت، فإن الجزاء من جنس العمل.
ප්රතික්ෂේප කරමින් බොරු කරමින් සිටි අයගේ ප්රාණ වෙනුවෙන් අහසේ දොරටු විවෘත කරනු නොලැබේ. ඔවුහු මරණයට පත් ව ප්රාණ ඉහළට යන විට එයට අවසරය ලැබුණ ද ඒ සඳහා වූ අවසරය වලංගු නොවනු ඇත. එය මෙලොවෙහි අල්ලාහ් පිළිබඳ විශ්වාසය ඔහු පිළිබඳ අවබෝධය ඔහුගේ සෙනෙහස තම මනසට නොනැංගාක් මෙන් පිහිටනු ඇත. එලෙසම මිය ගිය පසු ඒවා ඉහළට යන්නේ නැත. සැබැවින්ම ප්රතිඵල හිමි වනුයේ ඔහු කළ ක්රියාවේ වර්ගයටම අනුකූලවය.

• أهل الجنة نجوا من النار بعفو الله، وأدخلوا الجنة برحمة الله، واقتسموا المنازل وورثوها بالأعمال الصالحة وهي من رحمته، بل من أعلى أنواع رحمته.
ස්වර්ගවාසීහු අල්ලාහ්ගේ සමාව තුළින් නිරයෙන් මිදුණහ. අල්ලාහ්ගේ කරුණා ව තුළින් ස්වර්ගයට පිවිසුණහ. නිලයන් බෙදා ගත්හ. දැහැමි ක්රියාවන් තුළින් ඒවා උරුම කර ගත්හ. එය අල්ලාහ්ගේ ආශිර්වාදයකි. එය ඔහුගේ (අල්ලාහ්ගේ) කරුණාවේ වර්ග අතුරින් ඉහළින් පිහිටයි.

 
Übersetzung der Bedeutungen Vers: (39) Surah / Kapitel: Al-A‘râf
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Übersetzungen

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Schließen