Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Übersetzungen


Übersetzung der Bedeutungen Vers: (82) Surah / Kapitel: Al-A‘râf
وَمَا كَانَ جَوَابَ قَوْمِهٖۤ اِلَّاۤ اَنْ قَالُوْۤا اَخْرِجُوْهُمْ مِّنْ قَرْیَتِكُمْ ۚ— اِنَّهُمْ اُنَاسٌ یَّتَطَهَّرُوْنَ ۟
ඔවුන් වෙත තහනම් කළ මෙම අශීලාචාර ක්රියාව සඳහා ඔහුගේ සමූහයා අතර සිටින වැරදිකරුවන් සත්ය ප්රතික්ෂේප කරමින්: “ඔබ ලූත් හා ඔහුගේ පවුල ඔබේ ගම්මානයෙන් පිටුවහල් කරනු. සැබැවින්ම ඔවුන් අප කරන ක්රියාවෙන් ඈත්ව සිටින මිනිස් කණ්ඩායමකි. අප අතර ඔවුන් රදවා ගන්නට කිසිදු සුදුසුකමක් අපට නැත.” යැයි පිළිතුරු වශයෙන් පවසා සිටීම මිස වෙනත් පිළිතුරක් ඔවුනට නොවීය.
Arabische Interpretationen von dem heiligen Quran:
Die Nutzen der Versen in dieser Seite:
• اللواط فاحشة تدلُّ على انتكاس الفطرة، وناسب أن يكون عقابهم من جنس عملهم فنكس الله عليهم قُراهم.
•සමලිංගික සේවනය අසභ්ය වන අතර එය ස්වභාව ධර්මයාට විරුද්ධ බව පෙන්නුම් කරයි. ඔවුන්ගේ දඬුවම ඔවුන්ගේ කාර්යයට සමාන වීම සුදුසුය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ ගම් ඔවුන් මත පෙරළා දැමුවේය.

• تقوم دعوة الأنبياء - ومنهم شعيب عليه السلام - على أصلين: تعظيم أمر الله: ويشمل الإقرار بالتوحيد وتصديق النبوة. والشفقة على خلق الله: ويشمل ترك البَخْس وترك الإفساد وكل أنواع الإيذاء.
•නබිවරුන්ගේ ඇරයුම (ෂුඅය්බ් -අලය්හිස් සලාම්- තුමා ද ඔවුන් අතරින් කෙනෙකි) මූලික කරුණු දෙකක් මත විය. පළමුවැන්න, අල්ලාහ්ගේ නියෝගයට ගරු කිරීම, එහි ඒකීයත්වය පිළිගැනීම හා නබිත්වය සැබෑවක් ලෙස විශ්වාස කිරීම ඇතුළත් වේ. දෙවැන්න, අල්ලාහ්ගේ මැවීම් වෙත දක්වන සෙනෙහස. අඩු ලුහුඩුකම් කිරීම අතහැරීම, කලහකම් කිරීම හා සියලුම වර්ගයේ වේදනා ගෙන දෙන ක්රියාවන් අතහැර දැමීම යනාදිය ඇතුළත් වේ.

• الإفساد في الأرض بعد الإصلاح جُرْم اجتماعي في حق الإنسانية؛ لأن صلاح الأرض بالعقيدة والأخلاق فيه خير للجميع، وإفساد الأرض عدوان على الناس.
විධිමත් වූවායින් පසු මහපොළොවේ ප්රචණ්ඩකම් සිදු කිරීම මිනිස් අයිතිවාසිකම් තුළ සමාජමය වරදකි. ප්රතිපත්තියෙන් හා සදාචාරයෙන් මහපොළොව විධිමත් වීමෙන් සියලු දෙනා හට යහපත ඇති අතර, එහි ප්රචණ්ඩත්වයෙන් හැසිරීම මිනිසුන් හට කරන සතුරුකමකි.

• من أعظم الذنوب وأكبرها وأشدها وأفحشها أخذُ ما لا يحقُّ أخذه شرعًا من الوظائف المالية بالقهر والجبر؛ فإنه غصب وظلم وعسف على الناس وإذاعة للمنكر وعمل به ودوام عليه وإقرار له.
•පාපයෙන් ඉතා බරපතළම, විශාලතම, දැඩි හා අශික්ෂිත පාපය වනුයේ මූල්ය කටයුතු වලින් නීත්යානුකූලව අවසර නැති දේ බලහත්කාරයෙන් ගැනීමය. සැබැවින්ම එය පැහැර ගැනීමකි. අපරාධයකි. මිනිසුනට කරන වරදකි. එමෙන්ම එය නපුර විකාශනය කරන අතරම එලෙස කටයුතු කිරීමටත් එහි අඛණ්ඩව සිටීමටත් එය පිළිගැනීමටත් අනුබල දෙන්නකි.

 
Übersetzung der Bedeutungen Vers: (82) Surah / Kapitel: Al-A‘râf
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Übersetzungen

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Schließen