Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo Sinhaliiwo - Ñiiɓirde Ruwwad ngam eggo. * - Tippudi firooji ɗii

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Firo maanaaji Simoore: Simoore Annabaaɓe   Aaya:
وَمَاۤ اَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَّسُوْلٍ اِلَّا نُوْحِیْۤ اِلَیْهِ اَنَّهٗ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنَا فَاعْبُدُوْنِ ۟
‘තවද නියත වශයෙන් ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මට ම නමදිනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නො එව්වෙමු.
Faccirooji aarabeeji:
وَقَالُوا اتَّخَذَ الرَّحْمٰنُ وَلَدًا سُبْحٰنَهٗ ؕ— بَلْ عِبَادٌ مُّكْرَمُوْنَ ۟ۙ
තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු සුවිශුද්ධ ය. එහෙත් (මලක්වරුන් වන) ඔවුහු ගරුත්වයට පත් කරනු ලැබූ ගැත්තෝ වෙති.
Faccirooji aarabeeji:
لَا یَسْبِقُوْنَهٗ بِالْقَوْلِ وَهُمْ بِاَمْرِهٖ یَعْمَلُوْنَ ۟
ඔවුහු ප්‍රකාශයෙන් පවා ඔහුව අබිබවා නො යති. තවද ඔවුහු ඔහුගේ අණට අනුව ක්‍රියාත්මක වෙති.
Faccirooji aarabeeji:
یَعْلَمُ مَا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ وَلَا یَشْفَعُوْنَ ۙ— اِلَّا لِمَنِ ارْتَضٰی وَهُمْ مِّنْ خَشْیَتِهٖ مُشْفِقُوْنَ ۟
ඔවුන් අතර ඇති දෑ ද, ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. ඔහුගේ තෘප්තියට පත් වූ අය වෙනුවෙන් මිස ඔවුහු මැදිහත් නො වෙති. තවද ඔවුහු ඔහු ගැන ඇති බිය හේතුවෙන් තැති ගන්නන් වෙති.
Faccirooji aarabeeji:
وَمَنْ یَّقُلْ مِنْهُمْ اِنِّیْۤ اِلٰهٌ مِّنْ دُوْنِهٖ فَذٰلِكَ نَجْزِیْهِ جَهَنَّمَ ؕ— كَذٰلِكَ نَجْزِی الظّٰلِمِیْنَ ۟۠
තවද ඔහු නොව සැබැවින් ම මමය දෙවියා යැයි ඔවුන් අතරින් කවරෙකු පවසන්නේ ද ඔහුට නිරය ප්‍රතිවිපාකයක් ලෙස අපි දෙන්නෙමු. එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
Faccirooji aarabeeji:
اَوَلَمْ یَرَ الَّذِیْنَ كَفَرُوْۤا اَنَّ السَّمٰوٰتِ وَالْاَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنٰهُمَا ؕ— وَجَعَلْنَا مِنَ الْمَآءِ كُلَّ شَیْءٍ حَیٍّ ؕ— اَفَلَا یُؤْمِنُوْنَ ۟
නියත වශයෙන් ම අහස් හා පොළොව එකට (ස්කන්ධයක් ව) තිබුණි. පසුව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක් ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නො දුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නො වේ ද?
Faccirooji aarabeeji:
وَجَعَلْنَا فِی الْاَرْضِ رَوَاسِیَ اَنْ تَمِیْدَ بِهِمْ وَجَعَلْنَا فِیْهَا فِجَاجًا سُبُلًا لَّعَلَّهُمْ یَهْتَدُوْنَ ۟
තවද එය ඔවුන්ව ඇල නො කරන අයුරින් කඳු මුදුන් මහපොළොවේ අපි ඇති කළෙමු. තවද ඔවුන් මග ලැබිය හැකි වනු පිණිස එහි බොහෝ දිගු මාර්ග ද ඇති කළෙමු.
Faccirooji aarabeeji:
وَجَعَلْنَا السَّمَآءَ سَقْفًا مَّحْفُوْظًا ۖۚ— وَّهُمْ عَنْ اٰیٰتِهَا مُعْرِضُوْنَ ۟
තවද අහස සුරක්ෂිත වියනක් බවට අපි පත් කළෙමු. එහෙත් ඔවුහු එම සංඥාවන් පිටුපාන්නන් වෙති.
Faccirooji aarabeeji:
وَهُوَ الَّذِیْ خَلَقَ الَّیْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ؕ— كُلٌّ فِیْ فَلَكٍ یَّسْبَحُوْنَ ۟
තවද රාත්‍රිය, දහවල, හිරු හා සඳු මැව්වේ ඔහු ය. (ඒ) සියල්ල කක්ෂයක පා වෙති.
Faccirooji aarabeeji:
وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّنْ قَبْلِكَ الْخُلْدَ ؕ— اَفَاۡىِٕنْ مِّتَّ فَهُمُ الْخٰلِدُوْنَ ۟
තවද නුඹට පෙර කිසිදු මිනිසෙකුට අමරණීයත්වයක් අපි ඇති නො කළෙමු. එහෙයින් නුඹ මිය ගියේ නම් ඔවුහු සදාතනිකයෝ වෙත් ද?
Faccirooji aarabeeji:
كُلُّ نَفْسٍ ذَآىِٕقَةُ الْمَوْتِ ؕ— وَنَبْلُوْكُمْ بِالشَّرِّ وَالْخَیْرِ فِتْنَةً ؕ— وَاِلَیْنَا تُرْجَعُوْنَ ۟
සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳවන්නකි. තවද පරීක්ෂණයක් ලෙස අපි නපුරෙන් හා යහපතින් නුඹලා පිරික්සන්නෙමු. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙත ම ය.
Faccirooji aarabeeji:
 
Firo maanaaji Simoore: Simoore Annabaaɓe
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo Sinhaliiwo - Ñiiɓirde Ruwwad ngam eggo. - Tippudi firooji ɗii

Firi ɗum ko fedde hentorde kanngameeji firo e ballondiral e Ceeɗɗi Da'wa e Rabwa e Ceeɗɗi Ballondiral Ndeernde Islaam e ɗemngal.

Uddude