Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (42) Simoore: Simoore rewɓe
یَوْمَىِٕذٍ یَّوَدُّ الَّذِیْنَ كَفَرُوْا وَعَصَوُا الرَّسُوْلَ لَوْ تُسَوّٰی بِهِمُ الْاَرْضُ ؕ— وَلَا یَكْتُمُوْنَ اللّٰهَ حَدِیْثًا ۟۠
ඒ මහත් වූ දිනයේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ට පිටුපා කටයුතු කළවුන් තමන් පසට පස් වී මහපොළොව සමග සමතලා වී තිබුණා නම් මැනවයි ප්රිය කරති. ඔවුන් කළ කම් කිසිවක් අල්ලාහ්ට සැඟ වී යන්නේ නැත. ඊට හේතුව නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට කතා කළ නොහැකි පරිදි ඔවුන්ගේ දිවවල් මුද්රා තබා ඔවුන්ගේ සෙසු අවයව වලට කතා කිරීමට අනුමැතිය ලබා දෙනු ඇත. එවිට ඒවා ඔවුනට එරෙහි ව ඔවුන් කළ කම් පිළිබඳ සාක්ෂි දරනු ඇත.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• من كمال عدله تعالى وتمام رحمته أنه لا يظلم عباده شيئًا مهما كان قليلًا، ويتفضل عليهم بمضاعفة حسناتهم.
•අල්ලාහ්ගේ පූර්ණ සාධාරණීයත්වය හා ඔහුගේ පූර්ණ දයාලුභාවය. සුළුවෙන් වුවද ඔහු ඔහුගේ ගැත්තන්හට කිසිදු අසාධාරණයක් සිදු නොකරන්නේය. ඔවුන්ගේ යහපත ගුණ කරමින් ඔවුන් වෙත භාග්යය පිරිනමන්නේය.

• من شدة هول يوم القيامة وعظم ما ينتظر الكافر يتمنى أن يكون ترابًا.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින භයානක අර්බුදය හා දෙවියන් ප්රතික්ෂේප කරන්නා එය දකින විට තමන් පස් බවට පත් විය යුතු නොවේදැයි පවසා සිටින බිහිසුණු දර්ශනය.

• الجنابة تمنع من الصلاة والبقاء في المسجد، ولا بأس من المرور به دون مُكْث فيه.
•කිලිටි තත්ත්වයට පත්වීම සලාතය ඉටු කිරීමෙන් හා මස්ජිදයේ රුඳී සිටීමෙන් වළක්වනු ඇත. නමුත් මස්ජිදයේ රුඳී නොසිට ඒ හරහා ගමන් කිරීම වරදක් නැත.

• تيسير الله على عباده بمشروعية التيمم عند فقد الماء أو عدم القدرة على استعماله.
•ජලය නොමැති වූ අවස්ථාවක හෝ එය භාවිත කිරීමට නොහැකි අවස්ථාවක තයම්මුම් කිරීමේ පිළිවෙත ආගමානුගත කිරීමෙන් අල්ලාහ් තම ගැත්තන්හට පහසු කර තිබීම.

 
Firo maanaaji Aaya: (42) Simoore: Simoore rewɓe
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude