Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (11) Simoore: Simoore anfaali
اِذْ یُغَشِّیْكُمُ النُّعَاسَ اَمَنَةً مِّنْهُ وَیُنَزِّلُ عَلَیْكُمْ مِّنَ السَّمَآءِ مَآءً لِّیُطَهِّرَكُمْ بِهٖ وَیُذْهِبَ عَنْكُمْ رِجْزَ الشَّیْطٰنِ وَلِیَرْبِطَ عَلٰی قُلُوْبِكُمْ وَیُثَبِّتَ بِهِ الْاَقْدَامَ ۟ؕ
දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා ව කිලිටෙන් පිරිසිදු කරනු පිණිසත්, ෂෙය්තාන්ගේ නපුරු සිතුවිලි නුඹලාගෙන් ඉවත් කරනු පිණිසත්, නුඹලා සතුරන් හමුවන අවස්ථාවේ නුඹලාගේ සිත් ප්රබෝධමත් කොට නුඹලාගේ ශරීරයට නැවුම් බව ඇති කරනු පිණිසත්, වැලි පොළොව මත නුඹලාගේ පාද තබන විට එහි නොසැලී ස්ථාවර තැබීමට පාද ශක්තිමත් කරනු පිණිසත්, නුඹලාගේ සතුරන්ගෙන් නුඹලාට අත් වූ බියෙන් නුඹලා අභයදායී වනු පිණිසත් අල්ලාහ් නුඹලා වෙත මද නින්ද ඇති කොට නුඹලා වෙත අහසින් වාර්ෂාව පහළ කළ අවස්ථාව මෙනෙහි කරනු.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• في الآيات اعتناء الله العظيم بحال عباده المؤمنين، وتيسير الأسباب التي بها ثبت إيمانهم، وثبتت أقدامهم، وزال عنهم المكروه والوساوس الشيطانية.
•තම දේව විශ්වාසී ගැත්තන්ගේ තත්ත්වය පිළිබඳ අල්ලාහ්ගේ සැලකිලිමත් භාවය, ඔවුන්ගේ විශ්වාසය ස්ථීර කරන ඔවුන්ගේ පාද ස්ථාවර කරන හේතු කාරණා පහසු කිරීම. හෙළා දකිනු ලබන හා ෂාතානීය කුතුහලයන් ඔවුන්ගෙන් ඉවත් කිරීම යනාදිය මෙම පාඨයන්හි අන්තර්ගත වී ඇත.

• أن النصر بيد الله، ومن عنده سبحانه، وهو ليس بكثرة عَدَدٍ ولا عُدَدٍ مع أهمية هذا الإعداد.
•සැබැවින්ම ජයග්රහණය අල්ලාහ්ගේ දෑතෙහිය. සුවිශුද්ධ ඔහු අබියසින් පැමිණෙන්නකි. එය සූදානම් වීම සඳහා වැදගත්කමක් ලබා දී, ඒ සමගම ප්රමාණයෙන් හා සංඛ්යාවෙන් අධිකත්වය මත හිමිවන්නක් නොවේ.

• الفرار من الزحف من غير عذر من أكبر الكبائر.
•කිසිදු සාධාරණ හේතුවකින් තොරව යුද පිටියෙන් පලා යෑම මහා පාපයන්ගෙන් එකකි.

• في الآيات تعليم المؤمنين قواعد القتال الحربية، ومنها: طاعة الله والرسول، والثبات أمام الأعداء، والصبر عند اللقاء، وذِكْر الله كثيرًا.
•මෙම පාඨ වල යුදමය නීතිරීති පිළිබඳ ඉගැන්වීමක් මුඃමින්වරුන්හට කර ඇත. ඒ අතරින්, අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වීම, සතුරන් හමුවන අවස්ථාවේ ඉවසීමෙන් යුද වැදීම, අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කිරීම වේ.

 
Firo maanaaji Aaya: (11) Simoore: Simoore anfaali
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude