Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad * - Teburin Bayani kan wasu Fassarori

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Fassarar Ma'anoni Sura: Al'israa   Aya:
اِلَّا رَحْمَةً مِّنْ رَّبِّكَ ؕ— اِنَّ فَضْلَهٗ كَانَ عَلَیْكَ كَبِیْرًا ۟
නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාලුභාවයක් ලෙසින් මිස (එය පැවතියේ) නැත. නියත වශයෙන් ම නුඹ වෙත වූ ඔහුගේ භාග්‍යය අතිමහත් විය.
Tafsiran larabci:
قُلْ لَّىِٕنِ اجْتَمَعَتِ الْاِنْسُ وَالْجِنُّ عَلٰۤی اَنْ یَّاْتُوْا بِمِثْلِ هٰذَا الْقُرْاٰنِ لَا یَاْتُوْنَ بِمِثْلِهٖ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِیْرًا ۟
මෙම අල්-කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත යැයි (නබිවරය!) නුඹ පවසනු.
Tafsiran larabci:
وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِیْ هٰذَا الْقُرْاٰنِ مِنْ كُلِّ مَثَلٍ ؗ— فَاَبٰۤی اَكْثَرُ النَّاسِ اِلَّا كُفُوْرًا ۟
තවද මෙම අල්-කුර්ආනයෙහි සෑම උපමාවක් තුළින් ම (විවිධ පැතිකඩ වලින්) අපි විස්තර කළෙමු. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස සිටියා මිස (එය) පිළිගත්තේ නැත.
Tafsiran larabci:
وَقَالُوْا لَنْ نُّؤْمِنَ لَكَ حَتّٰی تَفْجُرَ لَنَا مِنَ الْاَرْضِ یَنْۢبُوْعًا ۟ۙ
තවද මහපොළොවෙන් උල්පතක් අප වෙත නුඹ මතු කර දෙන තෙක් අපි නුඹව විශ්වාස නො කරන්නේ මය යැයි ඔවුහු පැවසූහ.
Tafsiran larabci:
اَوْ تَكُوْنَ لَكَ جَنَّةٌ مِّنْ نَّخِیْلٍ وَّعِنَبٍ فَتُفَجِّرَ الْاَنْهٰرَ خِلٰلَهَا تَفْجِیْرًا ۟ۙ
නැතහොත් ඉඳි හා මිදිවලින් යුත් උයනක් නුඹට තිබී ඒ අතර ගංගාවන් නුඹ මතු කරන තෙක් හෝ,
Tafsiran larabci:
اَوْ تُسْقِطَ السَّمَآءَ كَمَا زَعَمْتَ عَلَیْنَا كِسَفًا اَوْ تَاْتِیَ بِاللّٰهِ وَالْمَلٰٓىِٕكَةِ قَبِیْلًا ۟ۙ
නැතහොත් නුඹ ප්‍රතිඥා කළ පරිදි අප වෙත අහස කැබලිවලට කඩා නුඹ බිම හෙළෙන තෙක් හෝ නැතහොත් අල්ලාහ් හා මලක්වරුන් (අප) ඉදිරියට නුඹ ගෙන එන තෙක් හෝ,
Tafsiran larabci:
اَوْ یَكُوْنَ لَكَ بَیْتٌ مِّنْ زُخْرُفٍ اَوْ تَرْقٰی فِی السَّمَآءِ ؕ— وَلَنْ نُّؤْمِنَ لِرُقِیِّكَ حَتّٰی تُنَزِّلَ عَلَیْنَا كِتٰبًا نَّقْرَؤُهٗ ؕ— قُلْ سُبْحَانَ رَبِّیْ هَلْ كُنْتُ اِلَّا بَشَرًا رَّسُوْلًا ۟۠
නැතහොත් නුඹට රනින් වූ නිවසක් තිබෙන තෙක් හෝ නැතහොත් අහසට නුඹ නැග යන තෙක් හෝ (අපි නුඹව විශ්වාස නො කරන්නේ ම ය.) තවද නුඹ අප වෙත ග්‍රන්ථයක් පහළ කොට එය අපි කිය වන තෙක් නුඹගේ ආරෝහණ ගමන සැබැවින් ම අපි විශ්වාස නො කරන්නෙමු. මාගේ පරමාධිපති සුවිශුද්ධ ය. මම ධර්ම දූතයකු වූ මිනිසෙකු විනා (වෙනත් ස්වරූපයකින්) මම සිටියෙමි දැ? යි (නබිවරය! ඔවුන්ගෙන්) නුඹ විමසනු.
Tafsiran larabci:
وَمَا مَنَعَ النَّاسَ اَنْ یُّؤْمِنُوْۤا اِذْ جَآءَهُمُ الْهُدٰۤی اِلَّاۤ اَنْ قَالُوْۤا اَبَعَثَ اللّٰهُ بَشَرًا رَّسُوْلًا ۟
තවද ජනයා වෙත යහ මග පැමිණි විට "අල්ලාහ් ධර්ම දූතයකු වශයෙන් මිනිසෙකුවද යැව්වේ" යැයි විමසීම මිස වෙනත් කිසිවක් ඔවුන් විශ්වාස කිරීමෙන් ඔවුන්ව වැළැක්වූයේ නැත.
Tafsiran larabci:
قُلْ لَّوْ كَانَ فِی الْاَرْضِ مَلٰٓىِٕكَةٌ یَّمْشُوْنَ مُطْمَىِٕنِّیْنَ لَنَزَّلْنَا عَلَیْهِمْ مِّنَ السَّمَآءِ مَلَكًا رَّسُوْلًا ۟
මහපොළොවේ මලක්වරු සන්සුන්ව සැරිසරමින් (ජීවත් ව) පැමිණ තිබුණා නම් අපි ඔවුන් වෙත අහසින් රසූල්වරයකු වශයෙන් මලක්වරයකු එවන්නට තිබුණි යැයි (නබිවරය!) නුඹ පවසනු.
Tafsiran larabci:
قُلْ كَفٰی بِاللّٰهِ شَهِیْدًا بَیْنِیْ وَبَیْنَكُمْ ؕ— اِنَّهٗ كَانَ بِعِبَادِهٖ خَبِیْرًا بَصِیْرًا ۟
මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය. නියත වශයෙන් ම ඔහු තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්ත නිරීක්ෂක විය යැයි නුඹ පවසනු.
Tafsiran larabci:
 
Fassarar Ma'anoni Sura: Al'israa
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad - Teburin Bayani kan wasu Fassarori

Fassara ta wani gungu na cibiyar fassara ta Ruwwad tare da haɗin gwiwar Ƙungiyar Da'awa ta Rabwah da Ƙungiyar Hidimar Abun ciki na Musulunci a harsuna.

Rufewa