Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad * - Teburin Bayani kan wasu Fassarori

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Fassarar Ma'anoni Sura: Al'kahf   Aya:
وَلَقَدْ صَرَّفْنَا فِیْ هٰذَا الْقُرْاٰنِ لِلنَّاسِ مِنْ كُلِّ مَثَلٍ ؕ— وَكَانَ الْاِنْسَانُ اَكْثَرَ شَیْءٍ جَدَلًا ۟
තවද සැබැවින් ම අපි ජනයාට මෙම අල්-කුර්ආනයේ සෑම උපමාවකින් ම විස්තර කර ඇත්තෙමු. තවද මිනිසා බොහෝ දෑ ගැන විවාදශීලී විය.
Tafsiran larabci:
وَمَا مَنَعَ النَّاسَ اَنْ یُّؤْمِنُوْۤا اِذْ جَآءَهُمُ الْهُدٰی وَیَسْتَغْفِرُوْا رَبَّهُمْ اِلَّاۤ اَنْ تَاْتِیَهُمْ سُنَّةُ الْاَوَّلِیْنَ اَوْ یَاْتِیَهُمُ الْعَذَابُ قُبُلًا ۟
තවද මුතුන්මිත්තන්හට අත් වූ ඉරණම තමන් වෙත නො පැමිණීම හා (ඔවුන්) ඉදිරියේදීම දඬුවම ඔවුන් වෙත නො පැමිණීම මිස ජනයා වෙත යහමග පැමිණි විට ඔවුන් විශ්වාස කිරීමට හා ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටීමට වෙනත් කිසිවක් ඔවුන්ව වැළැක්වූයේ නැත.
Tafsiran larabci:
وَمَا نُرْسِلُ الْمُرْسَلِیْنَ اِلَّا مُبَشِّرِیْنَ وَمُنْذِرِیْنَ ۚ— وَیُجَادِلُ الَّذِیْنَ كَفَرُوْا بِالْبَاطِلِ لِیُدْحِضُوْا بِهِ الْحَقَّ وَاتَّخَذُوْۤا اٰیٰتِیْ وَمَاۤ اُنْذِرُوْا هُزُوًا ۟
තවද ධර්ම දූතරවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙසින් මිස අපි නො එව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් එමඟින් සත්‍යය විනාශ කිරීම පිණිස අසත්‍ය දැයින් තර්ක කරති. තවද ඔවුහු මාගේ සංඥාවන් හා අවවාද කරනු ලැබූ දෑ උපහාසයට ගත්තෝ ය.
Tafsiran larabci:
وَمَنْ اَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِاٰیٰتِ رَبِّهٖ فَاَعْرَضَ عَنْهَا وَنَسِیَ مَا قَدَّمَتْ یَدٰهُ ؕ— اِنَّا جَعَلْنَا عَلٰی قُلُوْبِهِمْ اَكِنَّةً اَنْ یَّفْقَهُوْهُ وَفِیْۤ اٰذَانِهِمْ وَقْرًا ؕ— وَاِنْ تَدْعُهُمْ اِلَی الْهُدٰی فَلَنْ یَّهْتَدُوْۤا اِذًا اَبَدًا ۟
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, ඉන් පසුව එය නො සලකා හැර තම දෑත් ඉදිරිපත් කළ දෑ අමතක කර දැමූ අයට වඩා මහා අපරාධකරු කවුරු ද? එය ඔවුහු අවබෝධ කර ගැනීමට (නොහැකි වන සේ) සැබැවින් ම අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයන් ද ඔවුන්ගේ සවන්වලට බිහිරිභාවය ද ඇති කළෙමු. තවද යහ මග වෙත නුඹ ඔවුන් ඇරයුම් කළ ද ඔවුහු කිසිවිටෙක යහ මග නො ලබන්නෝම ය.
Tafsiran larabci:
وَرَبُّكَ الْغَفُوْرُ ذُو الرَّحْمَةِ ؕ— لَوْ یُؤَاخِذُهُمْ بِمَا كَسَبُوْا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ ؕ— بَلْ لَّهُمْ مَّوْعِدٌ لَّنْ یَّجِدُوْا مِنْ دُوْنِهٖ مَوْىِٕلًا ۟
තවද නුඹගේ පරමාධිපති අතික්ෂමාශීලී ය. කරුණා ගුණයෙන් යුක්ත ය. ඔවුහු ඉපැයූ දෑ හේතුකොට ගෙන ඔහු ඔවුන්ව ග්‍රහණය කරන්නේ නම් ඔවුනට දඬුවම ඔහු ඉක්මන් කරනු ඇත. එහෙත් ඔවුනට නියමිත කාලයක් ඇත. ඔහුගෙන් තොරව බේරී යාමක් ඔවුහු නො දකින්නෝම ය.
Tafsiran larabci:
وَتِلْكَ الْقُرٰۤی اَهْلَكْنٰهُمْ لَمَّا ظَلَمُوْا وَجَعَلْنَا لِمَهْلِكِهِمْ مَّوْعِدًا ۟۠
තවද එම ගම්වාසීහු, ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන්ව විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට නියමිත කාල අවකාශයක් ඇති කළෙමු.
Tafsiran larabci:
وَاِذْ قَالَ مُوْسٰی لِفَتٰىهُ لَاۤ اَبْرَحُ حَتّٰۤی اَبْلُغَ مَجْمَعَ الْبَحْرَیْنِ اَوْ اَمْضِیَ حُقُبًا ۟
තවද මුහුදු දෙක එක් වන තැනට මම ළඟා වන තෙක් හෝ දිගු කාලයක් මම ගත කරන තෙක් හෝ මම ගමන නො නවත්වමි යැයි තම (සේවක) කොලුවාට මූසා පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
Tafsiran larabci:
فَلَمَّا بَلَغَا مَجْمَعَ بَیْنِهِمَا نَسِیَا حُوْتَهُمَا فَاتَّخَذَ سَبِیْلَهٗ فِی الْبَحْرِ سَرَبًا ۟
ඒ (මුහුදු) දෙක අතර එක් වන තැනට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක විය. ඌ උගේ මාර්ගය මුහුදෙහි උමගක් ලෙසින් ගත්තේ ය.
Tafsiran larabci:
 
Fassarar Ma'anoni Sura: Al'kahf
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad - Teburin Bayani kan wasu Fassarori

Fassara ta wani gungu na cibiyar fassara ta Ruwwad tare da haɗin gwiwar Ƙungiyar Da'awa ta Rabwah da Ƙungiyar Hidimar Abun ciki na Musulunci a harsuna.

Rufewa