Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad * - Teburin Bayani kan wasu Fassarori

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Fassarar Ma'anoni Sura: Al'furqan   Aya:
وَمَاۤ اَرْسَلْنٰكَ اِلَّا مُبَشِّرًا وَّنَذِیْرًا ۟
තවද ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි නුඹව නො එව්වෙමු.
Tafsiran larabci:
قُلْ مَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ اِلَّا مَنْ شَآءَ اَنْ یَّتَّخِذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا ۟
කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ මගක් සොයා ගන්නට මිස (වෙනත්) කිසිදු කුලියක් මම ඒ සඳහා නුඹලාගෙන් නො ඉල්ලමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
Tafsiran larabci:
وَتَوَكَّلْ عَلَی الْحَیِّ الَّذِیْ لَا یَمُوْتُ وَسَبِّحْ بِحَمْدِهٖ ؕ— وَكَفٰی بِهٖ بِذُنُوْبِ عِبَادِهٖ خَبِیْرَا ۟
තවද අමරණීය වූ සදා ජීවමානයාණන් වෙත නුඹ භාර කරනු. තවද ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු. තම ගැත්තතන්ගේ පාපකම් පිළිබඳ තොරතුරු දන්නා වශයෙන් ඔහු ප්‍රමාණවත් ය.
Tafsiran larabci:
١لَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ ۛۚ— اَلرَّحْمٰنُ فَسْـَٔلْ بِهٖ خَبِیْرًا ۟
ඔහු වනාහි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ ය. පසුව මහාකරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය. එහෙයින් ඔහු පිළිබඳව අභිඥානවත් අයෙකුගෙන් විමසනු.
Tafsiran larabci:
وَاِذَا قِیْلَ لَهُمُ اسْجُدُوْا لِلرَّحْمٰنِ ۚ— قَالُوْا وَمَا الرَّحْمٰنُ ۗ— اَنَسْجُدُ لِمَا تَاْمُرُنَا وَزَادَهُمْ نُفُوْرًا ۟
තවද මහාකරුණාන්විතයාණන්ට සුජූද් කරනුයි ඔවුනට කියනු ලැබූ විට මහා කරුණාන්විතයාණන් කවුරුන් ද? නුඹ අපට අණ කරන දෑට අපි සුජූද් කළ යුතු දැ? යි ඔවුහු පවසා සිටියහ. තවද එය ඔවුනට (දේව විශ්වාසයෙන්) පලා යෑම අධික කළේ ය.
Tafsiran larabci:
تَبٰرَكَ الَّذِیْ جَعَلَ فِی السَّمَآءِ بُرُوْجًا وَّجَعَلَ فِیْهَا سِرٰجًا وَّقَمَرًا مُّنِیْرًا ۟
අහසෙහි තාරකා මණ්ඩල ඇති කළ ඔහු උත්කෘෂ්ට විය. තවද පහන (හෙවත් සූර්යයා) ද ආලෝකය විහිදු වන සඳු ද ඔහු එහි ඇති කළේ ය.
Tafsiran larabci:
وَهُوَ الَّذِیْ جَعَلَ الَّیْلَ وَالنَّهَارَ خِلْفَةً لِّمَنْ اَرَادَ اَنْ یَّذَّكَّرَ اَوْ اَرَادَ شُكُوْرًا ۟
තවද උපදෙස් ලබන්නට අපේක්ෂා කරන්නන්ට හෝ කෘතවේදීත්වය අපේක්ෂා කරන්නන්ට හෝ රාත්‍රිය හා දහවල අනුපිළිවලින් (ගමන් කරන්නට) ඇති කළේ ඔහු ය.
Tafsiran larabci:
وَعِبَادُ الرَّحْمٰنِ الَّذِیْنَ یَمْشُوْنَ عَلَی الْاَرْضِ هَوْنًا وَّاِذَا خَاطَبَهُمُ الْجٰهِلُوْنَ قَالُوْا سَلٰمًا ۟
තවද මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානීව ගමන් කරති. අඥානයෝ ඔවුන් සමඟ කතා කළ විට සාමය වේවා! යැයි පවසති.
Tafsiran larabci:
وَالَّذِیْنَ یَبِیْتُوْنَ لِرَبِّهِمْ سُجَّدًا وَّقِیَامًا ۟
තවද ඔවුහු වනාහි තම පරමාධිපතිට සිරස පහත් කරමින් ද, නැගිට සිටිමින් ද රාත්‍රිය ගත කරන්නෝ වෙති.
Tafsiran larabci:
وَالَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖۗ— اِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ۟ۗۖ
තවද ඔවුහු වනාහි අපගේ පරමාධිපතියාණනි! නිරයේ දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන් ම එහි දඬුවම නියම වන්නක් වී ඇතැයි ඔවුහු පවසති.
Tafsiran larabci:
اِنَّهَا سَآءَتْ مُسْتَقَرًّا وَّمُقَامًا ۟
නියත වශයෙන් ම එය වාසස්ථානයෙන් හා නවාතැනින් ද නපුරු වී ඇත.
Tafsiran larabci:
وَالَّذِیْنَ اِذَاۤ اَنْفَقُوْا لَمْ یُسْرِفُوْا وَلَمْ یَقْتُرُوْا وَكَانَ بَیْنَ ذٰلِكَ قَوَامًا ۟
තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති කළේ නැත. තවද මසුරු වූයේ ද නැත. ඒ අතර මැද මාවතක විය.
Tafsiran larabci:
 
Fassarar Ma'anoni Sura: Al'furqan
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad - Teburin Bayani kan wasu Fassarori

Wani gungu na cibiyar fassara ta Ruwad ne suka fassarasu tare da haɗin gwiwar Ƙungiyar Da'awa ta Rabwah da Kungiyar hidimtawa abinda Musulunci ya kunsa da yaruka

Rufewa