Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad * - Teburin Bayani kan wasu Fassarori

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Fassarar Ma'anoni Sura: Al'taubah   Aya:
یَحْلِفُوْنَ بِاللّٰهِ لَكُمْ لِیُرْضُوْكُمْ ۚ— وَاللّٰهُ وَرَسُوْلُهٗۤ اَحَقُّ اَنْ یُّرْضُوْهُ اِنْ كَانُوْا مُؤْمِنِیْنَ ۟
ඔවුහු නුඹලාව තෘප්තියට පත් කරවනු පිණිස නුඹලා ඉදිරියේ අල්ලාහ් මත දිවුරති. තවද ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන්ව සිටියෙහු නම් ඔවුහු තෘප්තියට පත් කරවීමට වඩාත් සුදුස්සන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ය.
Tafsiran larabci:
اَلَمْ یَعْلَمُوْۤا اَنَّهٗ مَنْ یُّحَادِدِ اللّٰهَ وَرَسُوْلَهٗ فَاَنَّ لَهٗ نَارَ جَهَنَّمَ خَالِدًا فِیْهَا ؕ— ذٰلِكَ الْخِزْیُ الْعَظِیْمُ ۟
කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පටහැණිව කටයුතු කරන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහුට නිරා ගින්න හිමි බවත් ඔහු එහි සදාතනිකයකු වන බවත් ඔවුහු දැන සිටිය යුතු නො වේ ද? මහත් වූ අවමානය එයයි.
Tafsiran larabci:
یَحْذَرُ الْمُنٰفِقُوْنَ اَنْ تُنَزَّلَ عَلَیْهِمْ سُوْرَةٌ تُنَبِّئُهُمْ بِمَا فِیْ قُلُوْبِهِمْ ؕ— قُلِ اسْتَهْزِءُوْا ۚ— اِنَّ اللّٰهَ مُخْرِجٌ مَّا تَحْذَرُوْنَ ۟
ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුනට දන්වන පරිච්ඡේදයක් ඔවුන් මත පහළ වීම ගැන කුහකයෝ බිය වෙති. "නුඹලා සමච්චල් කරමින් සිටිනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා බියවෙමින් සිටින දෑ හෙළි කරන්නේය" යැයි (නබිවරය!) නුඹ පවසනු.
Tafsiran larabci:
وَلَىِٕنْ سَاَلْتَهُمْ لَیَقُوْلُنَّ اِنَّمَا كُنَّا نَخُوْضُ وَنَلْعَبُ ؕ— قُلْ اَبِاللّٰهِ وَاٰیٰتِهٖ وَرَسُوْلِهٖ كُنْتُمْ تَسْتَهْزِءُوْنَ ۟
තවද නුඹ (මේ ගැන) ඔවුන්ගෙන් විමසුවෙහි නම් ‘අපි (අනවශ්‍ය කතාවන්හි) නිරත වෙමින් ද කෙළිලොල් කරමින් ද සිටියෙමු’ යැයි ඔවුහු පවසති. නුඹලා සමච්චල් කරමින් සිටියේ අල්ලාහ් පිළිබඳවත් ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන් පිළිබඳවත් දැ? යි (නබිවරය!) නුඹ අසනු.
Tafsiran larabci:
لَا تَعْتَذِرُوْا قَدْ كَفَرْتُمْ بَعْدَ اِیْمَانِكُمْ ؕ— اِنْ نَّعْفُ عَنْ طَآىِٕفَةٍ مِّنْكُمْ نُعَذِّبْ طَآىِٕفَةًۢ بِاَنَّهُمْ كَانُوْا مُجْرِمِیْنَ ۟۠
නුඹලා නිදහසට කරුණු නො කියනු. නුඹලාගේ විශ්වාසයෙන් පසුව සැබැවින් ම නුඹලා ප්‍රතික්ෂේප කළෙහු ය. නුඹලා අතරින් පිරිසකට අපි සමාව පිරිනැමුව ද තවත් පිරිසකට දඬුවම් කරන්නෙමු. හේතුව ඔවුන් වැරදි කරන්නන් ලෙස සිටි බැවිනි.
Tafsiran larabci:
اَلْمُنٰفِقُوْنَ وَالْمُنٰفِقٰتُ بَعْضُهُمْ مِّنْ بَعْضٍ ۘ— یَاْمُرُوْنَ بِالْمُنْكَرِ وَیَنْهَوْنَ عَنِ الْمَعْرُوْفِ وَیَقْبِضُوْنَ اَیْدِیَهُمْ ؕ— نَسُوا اللّٰهَ فَنَسِیَهُمْ ؕ— اِنَّ الْمُنٰفِقِیْنَ هُمُ الْفٰسِقُوْنَ ۟
කුහකයෝ හා කුහක කාන්තාවෝ, ඔවුන් ඇතැමෙකු ඇතමෙකුගෙන් ය. ඔවුහු පිළිකුල් සහගත දෑ නියෝග කරති. යහපත් දැයින් වළක්වති. (වියදම් නො කර) ඔවුන්ගේ අත් මිට මොළවා ගනිති. ඔවුහු අල්ලාහ්ව අමතක කළෝ ය. එබැවින් ඔහු ද ඔවුන්ව අමතක කර දැමී ය. නියත වශයෙන් ම කුහකයින් වන ඔවුහු මය පාපතරයින් වන්නෝ.
Tafsiran larabci:
وَعَدَ اللّٰهُ الْمُنٰفِقِیْنَ وَالْمُنٰفِقٰتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ؕ— هِیَ حَسْبُهُمْ ۚ— وَلَعَنَهُمُ اللّٰهُ ۚ— وَلَهُمْ عَذَابٌ مُّقِیْمٌ ۟ۙ
කුහකයින් හා කුහක කාන්තාවන්ට ද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ද නිරා ගින්න සතු බව අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය. ඔවුන් එහි සදාතනිකයෝ වෙති. එය ඔවුනට ප්‍රමාණවත් ය. තවද අල්ලාහ් ඔවුනට ශාප කළේ ය. තවද ඔවුනට ස්ථීර දඬුවමක් ද ඇත.
Tafsiran larabci:
 
Fassarar Ma'anoni Sura: Al'taubah
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad - Teburin Bayani kan wasu Fassarori

Wani gungu na cibiyar fassara ta Ruwad ne suka fassarasu tare da haɗin gwiwar Ƙungiyar Da'awa ta Rabwah da Kungiyar hidimtawa abinda Musulunci ya kunsa da yaruka

Rufewa