Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya.

external-link copy
77 : 12

قَالُوْۤا اِنْ یَّسْرِقْ فَقَدْ سَرَقَ اَخٌ لَّهٗ مِنْ قَبْلُ ۚ— فَاَسَرَّهَا یُوْسُفُ فِیْ نَفْسِهٖ وَلَمْ یُبْدِهَا لَهُمْ ۚ— قَالَ اَنْتُمْ شَرٌّ مَّكَانًا ۚ— وَاللّٰهُ اَعْلَمُ بِمَا تَصِفُوْنَ ۟

යූසුෆ්ගේ සහෝදරයෝ, "ඔහු සොරකම් කර ඇත්නම් පුදුමයක් නොවේ. ඔහු සොරකම් කිරීමට පෙර ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද සොරකම් කර ඇත." යැයි පැවසූහ. ඔවුහු ඉන් අදහස් කළේ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාවය. නමුත් ඔවුන්ගේ මෙම ප්රකාශය යූසුෆ්ට වේදනා සහගත වුව ද එය ඔවුනට හෙළි නොකර සිත තුළ සඟවා ගත්තේය. ඔහුගේ මනසට ඔවුන් ගැන මෙසේ පවසා ගත්තේය. "නුඹලා කවර නපුරක් සිදු කරමින් හා ක්රෝධ වෙමින් සිටියෙහු ද එය නුඹලාට පෙර සිටම තිබිණ. විශේෂයෙන් මෙම ස්ථානයේ එය නපුරකි. නුඹලා ගැන හෙළි කරන්නට යන නුඹලා ගෙතූ දෑ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මැනවින් දන්නාය." info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• جواز الحيلة التي يُتَوصَّل بها لإحقاق الحق، بشرط عدم الإضرار بالغير.
•වෙනත් කෙනෙකුට හිංසාවක් සිදු නොකිරීමේ කොන්දේසිය මත සත්යය තහවුරු කර ගැනීම සඳහා උපාය මාර්ග යෙදීමේ අනුමැතිය. info

• يجوز لصاحب الضالة أو الحاجة الضائعة رصد جُعْل «مكافأة» مع تعيين قدره وصفته لمن عاونه على ردها.
•නැති වූ භාණ්ඩය සොයා දෙන්නට උපකාර කරන්නාහට විස්තර කළ නියමිත ප්රමාණයක් තිළිණ වශයෙන් ලබා දීම භාණ්ඩය අහිමි වූ පුද්ගලයාට අනුමැතිය ඇත. info

• التغافل عن الأذى والإسرار به في النفس من محاسن الأخلاق.
•හිංසාවන් පිළිබඳ නොසලකා හැරීම හා එය සිත් තුළ යටපත් කර ගැනීම දැහැමි ගුණාංග අතරින් වන්නේය. info