Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (60) Sura: Suratu Al'kahf
وَاِذْ قَالَ مُوْسٰی لِفَتٰىهُ لَاۤ اَبْرَحُ حَتّٰۤی اَبْلُغَ مَجْمَعَ الْبَحْرَیْنِ اَوْ اَمْضِیَ حُقُبًا ۟
අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා තම සේවක යූෂුඃ ඉබ්නු නූන්ට "සාගර දෙක එකට හමුවන ප්රධාන ස්ථානය වෙත ළඟා වන තෙක්ම ගමන් කරමින්ම සිටිමි. එසේ නැතහොත් දැහැමි ගැත්තා හමු වී ඔහු ගැන මා දැන ගන්නා තෙක් දිගු කාලයක් වුව ද ගමන් කරමින්ම සිටිමි" යැයි පැවසූ අවස්ථාව මෙනෙහි කර බලනු.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• عظمة القرآن وجلالته وعمومه؛ لأن فيه كل طريق موصل إلى العلوم النافعة، والسعادة الأبدية، وكل طريق يعصم من الشر.
•අල් කුර්ආනයේ මහිමය, එහි කීර්තිය හා එහි පොදුතාවය. සැබැවින්ම එහි ප්රයෝජනවත් දැනුම, සදාතනික සුවය වෙත ළඟා කරවන සියලුම මාර්ග හා උවදුරුවලින් ආරක්ෂා වීමේ සියලුම මාර්ග එහි ඇතුළත්ව තිබීම ඊට හේතුවයි.

• من حكمة الله ورحمته أن تقييضه المبطلين المجادلين الحق بالباطل من أعظم الأسباب إلى وضوح الحق، وتبيُّن الباطل وفساده.
•අල්ලාහ්ගේ ප්රඥාව හා ඔහුගේ කරුණා දයාව නම්, සත්යයට එරෙහිව අසත්යයෙන් තර්ක කරන ව්යාජ පුද්ගලයින් සීමා කිරීම සත්ය පැහැදිලි කිරීමටත් අසත්යය හා එහි අර්බුධ පැහැදිලි කිරීමටත් අතිමහත් සාධකයකි.

• في الآيات من التخويف لمن ترك الحق بعد علمه أن يحال بينه وبين الحق، ولا يتمكن منه بعد ذلك، ما هو أعظم مُرَهِّب وزاجر عن ذلك.
•සත්ය දැනගත් පසු, එය අතහැර දමන්නන්හට ඔවුන් අතර හා ඒ අතර බාධකයක් ඇතිවීම හා ඉන් පසුව එයට කිසිදු ඉඩ ප්රස්ථාවක් නොමැති වීම ගැන බිය ගැන්වීමක් මෙම පාඨවල සඳහන්ව ඇත. එය වඩාත් බිය දන්වන බරපතල කරුණකි. එමෙන්ම හෙළා දැකීමකි.

• فضيلة العلم والرحلة في طلبه، واغتنام لقاء الفضلاء والعلماء وإن بعدت أقطارهم.
•දැනුම හා එය සොයා යෑමේ මහිමය. විශේෂඥයින් හා උගතුන් දුර ප්රදේශවල විසූවද ඔවුන් හමුවීම සඳහා කාලය වෙන්කර ගත යුතුයි.

• الحوت يطلق على السمكة الصغيرة والكبيرة ولم يرد في القرآن لفظ السمك، وإنما ورد الحوت والنون واللحم الطري.
•‘හූත්’ නම් පදය ලොකු කුඩා මත්සයින් සඳහා භාවිත කරන පොදු නාමයකි. අල් කුර්ආනයේ ‘අස්සමක්’ මාළුවා නම් පදයෙන් භාවිතා වී නැත. එහි පැමිණ ඇත්තේ ‘හූත්’ තල්මසා, අන්නූන්- ආදා සහ ‘අල්ලහ්මුත් තරී’ පුෂ්ටිමත් මස් සහිත යනුවෙනි.

 
Fassarar Ma'anoni Aya: (60) Sura: Suratu Al'kahf
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa