Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (7) Sura: Suratu Al'mujadalah
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— مَا یَكُوْنُ مِنْ نَّجْوٰی ثَلٰثَةٍ اِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ اِلَّا هُوَ سَادِسُهُمْ وَلَاۤ اَدْنٰی مِنْ ذٰلِكَ وَلَاۤ اَكْثَرَ اِلَّا هُوَ مَعَهُمْ اَیْنَ مَا كَانُوْا ۚ— ثُمَّ یُنَبِّئُهُمْ بِمَا عَمِلُوْا یَوْمَ الْقِیٰمَةِ ؕ— اِنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ දනියි. එමෙන්ම මහපොළොවේ ඇති දෑ ද දනී. ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තිදෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සිව්වැන්නා ලෙස අල්ලාහ් සිටියි. එමෙන්ම පස් දෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සයවැන්නා ලෙස අල්ලාහ් සිටියි. එම සංඛ්යාව අඩු වුව ද ඊට වඩා වැඩි වුව ද ඔවුන් කොතැනක සිටිය ද ඒ ගැන දැනුවත්ව ඔවුන් සමගම ඔහු සිටියි. ඔවුන්ගේ කිසිදු කතාවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සිදු කළ දෑ පිළිබඳ සියලු තොරතුරු ඔහු ඔවුනට දන්වා සිටියි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• مع أن الله عالٍ بذاته على خلقه؛ إلا أنه مطَّلع عليهم بعلمه لا يخفى عليه أي شيء.
•අල්ලාහ් ඔහුගේ මැවීම්වලට වඩා පැවැත්මෙන් උසස් මෙන්ම, තම ප්රඥාවෙන් සැබැවින්ම ඔහු ඔවුන් කෙරෙහි නිරීක්ෂා කරන්නාය. ඔහු වෙත කිසිවක් සැගවෙන්නේ නැත.

• لما كان كثير من الخلق يأثمون بالتناجي أمر الله المؤمنين أن تكون نجواهم بالبر والتقوى.
•මැවීම් අතරින් බොහෝ දෙනා අයුතු ලෙස රහසිගත සාකච්ඡාවල නිරත වී පාපකම් උපයමින් සිටියදී ඔවුන්ගේ එම රහස් සාකච්ඡා තුළ යහපත හා දේව සවිඥානකත්වය ඇති කරන දෑ කතා කරන්නැයි දේව විශ්වාසී ජනයාට අල්ලාහ් නියෝග කර සිටියේය.

• من آداب المجالس التوسيع فيها للآخرين.
•සභාගර්භයන්හි සෙසු අය සඳහා ඉඩ ප්රස්ථාව ලබා දීම හා විවෘත වීම විනයකි.

 
Fassarar Ma'anoni Aya: (7) Sura: Suratu Al'mujadalah
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa