Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
25 : 29

وَقَالَ اِنَّمَا اتَّخَذْتُمْ مِّنْ دُوْنِ اللّٰهِ اَوْثَانًا ۙ— مَّوَدَّةَ بَیْنِكُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا ۚ— ثُمَّ یَوْمَ الْقِیٰمَةِ یَكْفُرُ بَعْضُكُمْ بِبَعْضٍ وَّیَلْعَنُ بَعْضُكُمْ بَعْضًا ؗ— وَّمَاْوٰىكُمُ النَّارُ وَمَا لَكُمْ مِّنْ نّٰصِرِیْنَ ۟ۗۖ

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා තම ජනයාට මෙසේ පවසා සිටියේය. "සැබවින්ම නුඹලා මෙලොව ජීවිතයේ එකිනෙකා හඳුනා ගන්නටත් සෙනෙහස පාන්නටත් දෙවිවරුන් වශයෙන් පිළිම තෝරාගත්තෙහුය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා අතර පවතින එම ආදරය විසන්ධි වී යනු ඇත. දඬුවම දෑසින් දකින අවස්ථාවේ නුඹලාගේ ඇතැමෙක් ඇතැමෙකුගෙන් ඉවත් ව යයි. නුඹලා එකිනෙකා දොස් පවරා ගනියි. නුඹලා යොමු වන නවාතැන නිරා ගින්නය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ව ආරක්ෂා කරන උදව්කරුවන් හෝ ඔහු හැර නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම හෝ ඒ හැර වෙනත් දෑ ද නුඹලාට නොමැත. info
التفاسير: |
Придобивки од ајетите на оваа страница:
• عناية الله بعباده الصالحين حيث ينجيهم من مكر أعدائهم.
•අල්ලාහ් තම දැහැමි ගැත්තන්ගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ඔවුන් මුදවා ගනිමින් ඔවුනට දක්වන සැලකිල්ල. info

• فضل الهجرة إلى الله.
•අල්ලාහ් වෙත ‘හිජ්රත්’ හෙවත් නික්ම යෑමේ මහිමය. info

• عظم منزلة إبراهيم وآله عند الله تعالى.
•උත්තරීතර අල්ලාහ් ඉදිරියේදී ඉබ්රාහීම් තුමාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ මහඟු තත්ත්වය. info

• تعجيل بعض الأجر في الدنيا لا يعني نقص الثواب في الآخرة.
•මෙලොවෙහි ඇතැම් ප්රතිඵල ඉක්මන් කර දීම තුළින් මතු ලොවෙහි කුසල් හිඟ කරනු ලබන්නේ නැත. info

• قبح تعاطي المنكرات في المجالس العامة.
•පොදු රැස්වීම් වලදී (සිදු කරන) පිළිකුල් සහගත අපයෝජනයන්හි අශීලාචාරකම. info