Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
158 : 6

هَلْ یَنْظُرُوْنَ اِلَّاۤ اَنْ تَاْتِیَهُمُ الْمَلٰٓىِٕكَةُ اَوْ یَاْتِیَ رَبُّكَ اَوْ یَاْتِیَ بَعْضُ اٰیٰتِ رَبِّكَ ؕ— یَوْمَ یَاْتِیْ بَعْضُ اٰیٰتِ رَبِّكَ لَا یَنْفَعُ نَفْسًا اِیْمَانُهَا لَمْ تَكُنْ اٰمَنَتْ مِنْ قَبْلُ اَوْ كَسَبَتْ فِیْۤ اِیْمَانِهَا خَیْرًا ؕ— قُلِ انْتَظِرُوْۤا اِنَّا مُنْتَظِرُوْنَ ۟

මෙසේ බොරු කරන්නන් බලාපොරොත්තු වනුයේ මෙලොවෙහි තම ප්රාණ අත්පත් කිරීම සඳහා මරණයේ දූතයා හා ඔහුගේ සහකරුවන් ඔවුන් වෙත පැමිණීම හෝ මතු ලොවෙහි ජනයා අතර වෙන් කරන දින ඔබේ පරමාධිපති පැමිණ ඔවුන් අතර තීන්දු දී වෙන් කිරීම හෝ හිරු බටහිරෙන් උදාවීම වැනි ඔබේ පරමාධිපතිගේ ඇතැම් සංඥාවන් සිදු වන දින අවසන් හෝරාව පිළිබඳ පෙන්වා දෙන ඔබේ පරමාධිපතිගේ ඇතැම් සාධක පැමිණීම මිස වෙනකක් නොවේ. එදින දේව ප්රතික්ෂෙපකයාගේ දේව විශ්වාසය පලක් නොවනු ඇත. ඊට පෙර කිසිදු යහපතක් සිදු නොකළ දේව විශ්වාසියාටත් ඔහුගේ ක්රියාවන් පලක් නොවනු ඇත. අහෝ දූතය, මේවායින් කිසිවක් ඇති වන තෙක් ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම අප ද බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. යැයි දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින් හට ඔබ පවසනු. info
التفاسير:
Придобивки од ајетите на оваа страница:
• أن الدين يأمر بالاجتماع والائتلاف، وينهى عن التفرق والاختلاف.
•සැබැවින්ම දහම එකමුතුකම හා ලෙන්ගතුකම පිළිපදින මෙන් නියෝග කරයි. නමුත් එය වෙන් වීම හා මත ගැටුම් ඇති කර ගැනීම වළක්වාලයි. info

• من تمام عدله تعالى وإحسانه أنه يجازي بالسيئة مثلها، وبالحسنة عشرة أمثالها، وهذا أقل ما يكون من التضعيف.
•අල්ලාහ් පාපයකට ඒ හා සමාන ප්රතිවිපාකයක් පිරිනැමීමෙන් හා යහපතකට ඒ හා සමාන ප්රතිඵල දහයක් පිරිනැමීමෙන් ඔහුගේ පූර්ණ සාධාරණත්වය ඔහුගේ ත්යාගශීලීභාවය විදහා පාන්නේය. ගුණ කර දීමේ දී එහි අවම ප්රමාණය මෙය වන්නේය. info

• الدين الحق القَيِّم يتطَلب تسخير كل أعمال العبد واهتماماته لله عز وجل، فله وحده يتوجه العبد بصلاته وعبادته ومناسكه وذبائحه وجميع قرباته وأعماله في حياته وما أوصى به بعد وفاته.
•සැබෑ ඍජු දහම ගැත්තාගේ සියලු ක්රියාවන් හා වැදගත් කටයුතු සියල්ල අල්ලාහ්ට පමණක් පිළිගන්වන මෙන් ඉල්ලා සිටියි. ගැත්තා තම සලාත් නැමදුම් අනෙකුත් නැමදුම් හා වන්දනාවන් ඔහුගේ සත්ව කැපකිරීම් ඔහුගේ සියලු පිළිගැන්වීම් ඔහුගේ මෙලොව ජීවිතයේ සියලු ක්රියාවන් හා ඔහු මිය ගිය පසු ව ඔහුගේ අන්තිම කැමැත්ත යනාදී සියල්ල අල්ලාහ්ට පමණක් පිළිගැන්විය යුතුය. info