Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

Seb-nengã limoro wã:close

external-link copy
6 : 100

اِنَّ الْاِنْسَانَ لِرَبِّهٖ لَكَنُوْدٌ ۟ۚ

මෙසේ අශ්වයින් මත දිවුරා සැබැවින්ම මිනිසා තම පරමාධිපති බලාපොරොත්තුවන අයුරින් තමන් කළ යුතුව ඇති යහපත් දෑ නොකොට ඉන් වැළකී සිටින බව අවධාරණය කරයි. info
التفاسير: |

external-link copy
7 : 100

وَاِنَّهٗ عَلٰی ذٰلِكَ لَشَهِیْدٌ ۟ۚ

එසේ යහපත් දෑ සිදුකිරීමෙන් වැළකී සිටින ඔහුම එයට සාක්ෂිකරුවකි. එය පැහැදිළි කරන විට එය ප්රතික්ෂේප කරන්නට ඔහුට හැකියාවක් නොලැබෙන්නේය. info
التفاسير: |

external-link copy
8 : 100

وَاِنَّهٗ لِحُبِّ الْخَیْرِ لَشَدِیْدٌ ۟ؕ

සැබැවින්ම ඔහු ධනයට කෑදරය. මසුරුය. info
التفاسير: |

external-link copy
9 : 100

اَفَلَا یَعْلَمُ اِذَا بُعْثِرَ مَا فِی الْقُبُوْرِ ۟ۙ

විනිශ්චය සඳහාත් ප්රතිඵල පිරිනැමීම සඳහාත් මියගිය ඇත්තන් මිනීවළවල් වලින් යළි අවදිකරවා මහපොළොවෙන් ඉවතට ගන්නා විට ඔවුන් කල්පනය කරන්නාක් මෙන් එම විෂය නොපවතිනු ඇතැයි මෙළොව ජීවිතය තෝරාගත් අය වටහා නොගන්නේ මන්ද? info
التفاسير: |

external-link copy
10 : 100

وَحُصِّلَ مَا فِی الصُّدُوْرِ ۟ۙ

සිත් තුළ ඇති කරගත් ඔහුගේ සිතුවිලි, විශ්වාසයන් හා වෙනත් දෑ පැහැදිළි කරනු ලැබ, ඒවා එළියට ගෙන එනු ලැබේ. info
التفاسير: |

external-link copy
11 : 100

اِنَّ رَبَّهُمْ بِهِمْ یَوْمَىِٕذٍ لَّخَبِیْرٌ ۟۠

සැබැවින්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ සියලු තොරතුරු මැනවින් දැන සිටියි. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්ර්තිඵල පිරිනමනු ඇත. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• خطر التفاخر والتباهي بالأموال والأولاد.
• දරුවන් හා සම්පත් හේතුවෙන් පුරසාරම් දෙඩීමේ හා අහංකාරකමේ ඇති භයානකත්වය. info

• القبر مكان زيارة سرعان ما ينتقل منه الناس إلى الدار الآخرة.
• කබ්ර් හෙවත් මිනීවල, ජනයා ඉතා ඉක්මණින් මතුලොව වෙත පෙරළා එය මුණ ගස්වන ස්ථානයකි. info

• يوم القيامة يُسْأل الناس عن النعيم الذي أنعم به الله عليهم في الدنيا.
• මෙලොවෙහි මිනිසාට කවර කරුණක් අල්ලාහ් දායාද කර තිබුණේද ඒ සියලුම ආශිර්වාද පිළිබඳ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහුගෙන් ප්රශ්න කරනු ලබනු ඇත. info

• الإنسان مجبول على حب المال.
• මිනිසාව ධනයට ඇලුම් කරන ස්වභාවයෙන් මවනු ලැබ ඇත. info