Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
57 : 11

فَاِنْ تَوَلَّوْا فَقَدْ اَبْلَغْتُكُمْ مَّاۤ اُرْسِلْتُ بِهٖۤ اِلَیْكُمْ ؕ— وَیَسْتَخْلِفُ رَبِّیْ قَوْمًا غَیْرَكُمْ ۚ— وَلَا تَضُرُّوْنَهٗ شَیْـًٔا ؕ— اِنَّ رَبِّیْ عَلٰی كُلِّ شَیْءٍ حَفِیْظٌ ۟

"මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද නුඹලා එය පිටුපා ඒ ගැන කුමන්ත්රණ කරන්නෙහු නම් දැන ගනු මා සතු වන්නේ නුඹලාට දැනුම් දීම පමණි. අල්ලාහ් කවර කරුණක් මා වෙත එව්වේ ද එමෙන්ම කවර කරුණක් දන්වා සිටින මෙන් මාහට නියෝග කළේ ද ඒ සියල්ල මම නුඹලාට දන්වා සිටියෙමි. නුඹලා වෙත සාධක ඇත. මාගේ පරමාධිපති නුඹලා විනාශ කොට නුඹලාගෙන් පසු ව නුඹලා නොවන තවත් පිරිසක් ගෙන එනු ඇත. නුඹලා කරන නුඹලාගේ බොරුවෙන් හෝ නුඹලාගේ පිටුපෑමෙන් ලොකු හෝ කුඩා නපුරක් නුඹලා විසින් අල්ලාහ්ට සිදු කළ නොහැක. හේතුව, සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ අවශ්යතාවන්ගෙන් තොර බැවිණි. සැබැවින්ම මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ නිරීක්ෂකය. නුඹලා කවර කරුණක් මට එරෙහි ව කුමන්ත්රණ කරන්නෙහු ද එවන් නපුරෙන් මා ආරක්ෂා කරනුයේ ඔහුය." info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• من وسائل المشركين في التنفير من الرسل الاتهام بخفة العقل والجنون.
•දහම් දූතවරුන්හට චෝදනා නැගීමේ දී දෙවියන්ට ආදේශ තබන්නන් මාධ්යයක් ලෙස ගෙන ඇත්තේ බුද්ධි හීන හා උන්මත්තභාවයෙන් පෙළෙන්නන් ලෙස ඔවුනට චෝදනා නැගීමය. info

• ضعف المشركين في كيدهم وعدائهم، فهم خاضعون لله مقهورون تحت أمره وسلطانه.
•දෙවියන්ට අදේශ තබන්නන්ගේ කුමන්ත්රණවල හා ඔවුන්ගේ සතුරුකම්හි බෙලහීනතාවය. ඔවුහු අල්ලාහ්ට යටහත් පහත් වන අතර ඔහුගේ අණ හා අධිකාරය යටතේ පසුවෙති. info

• أدلة الربوبية من الخلق والإنشاء مقتضية لتوحيد الألوهية وترك ما سوى الله.
•මැවීම් හා නිර්මාණ අතර පවතින පරිපාලන බලයේ සාධක අල්ලාහ්ගේ දේවත්වය ඒකීය කරණය කිරීමටත් අල්ලාහ් හැර වෙනත් දෑ අතහැර දැමීමටත් බල කෙරෙනු ඇත. info