Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
101 : 16

وَاِذَا بَدَّلْنَاۤ اٰیَةً مَّكَانَ اٰیَةٍ ۙ— وَّاللّٰهُ اَعْلَمُ بِمَا یُنَزِّلُ قَالُوْۤا اِنَّمَاۤ اَنْتَ مُفْتَرٍ ؕ— بَلْ اَكْثَرُهُمْ لَا یَعْلَمُوْنَ ۟

අල් කුර්ආනයේ නීතිමය පාඨයක් තවත් පාඨයකින් අපි වෙනස් කළ විට, -යම් ප්රඥාවක් සඳහා එසේ අල් කුර්ආනයෙන් වෙනස් කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඉන් වෙනස් නොකරන දෑ පිළිබඳවත් ඔහු සර්වඥානීය.- "අහෝ මුහම්මද්! නුඹ අල්ලාහ් මත කරුණු මවා බොරු පවසන්නෙහිය" යැයි ඔවුහු පැවසුවෝය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සැබැවින්ම එම වෙනස් කිරීම, ගැඹුරු දේව ප්රඥාවක් නිසාවෙන් වන්නක් බව නොදනිති. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• العمل الصالح المقرون بالإيمان يجعل الحياة طيبة.
දේව විශ්වාසය සමඟ බැඳුණු දැහැමි ක්රියාවන් ජීවිතය යහපත් කරනු ඇත. info

• الطريق إلى السلامة من شر الشيطان هو الالتجاء إلى الله، والاستعاذة به من شره.
ෂෙයිතාන්ගේ නපුරු උවදුරුවලින් ආරක්ෂාව පැතීමේ මාර්ගය වනුයේ අල්ලාහ් වෙත යොමු වී ෂෙයිතාන්ගේ නපුරෙන් අල්ලාහ් වෙත ආරක්ෂාව පැතීමය. info

• على المؤمنين أن يجعلوا القرآن إمامهم، فيتربوا بعلومه، ويتخلقوا بأخلاقه، ويستضيئوا بنوره، فبذلك تستقيم أمورهم الدينية والدنيوية.
අල් කුර්ආනය තමන් මෙහෙයවන නායකයා බවට පත් කිරීමත්, එහි ඇති දැනුමෙන් වැඩී, එහි ඇති සාදාචාරයන් තුළින් ගුණ යහපත් වී, එහි ආලෝකයෙන් ආලෝකය ලැබීමත් දේව විශ්වාසීන්ගේ යුතුකම වන්නේය. එමගින් ඔවුන්ගේ මෙලොව හා මතුලොව කටයුතු විධිමත් වනු ඇත. info

• نسخ الأحكام واقع في القرآن زمن الوحي لحكمة، وهي مراعاة المصالح والحوادث، وتبدل الأحوال البشرية.
අල් කුර්ආනය පහළ වන සමයේ යම් කිසි ප්රඥාවක් සඳහා නීති වෙනස් කිරීම් සිදු විය. එය යහපත සිදුවීම් හා මිනිස් තත්ත්වයන් වෙනස්වීම සැලකිල්ලට ගනිමිනි. info