Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
100 : 17

قُلْ لَّوْ اَنْتُمْ تَمْلِكُوْنَ خَزَآىِٕنَ رَحْمَةِ رَبِّیْۤ اِذًا لَّاَمْسَكْتُمْ خَشْیَةَ الْاِنْفَاقِ ؕ— وَكَانَ الْاِنْسَانُ قَتُوْرًا ۟۠

අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන මොවුනට නුඹ මෙසේ පවසනු. ‘කිසිදා නිම නොවන, නැති නොවන මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩාවන් නුඹලා සතුව තිබුණේ නම්, නුඹලා දිළිඳුභාවයට පත් නොවන සේ ඒවා රඳවා තබා ගනිමින් ඒවා අහිමි වීමට බියෙන් ඒවා වියදම් කිරීමෙන් නුඹලා වැළකී සිටිනු ඇත. දේවත්වය විශ්වාස කරන්නෙකු වී නම් මිස සැබැවින්ම මිනිසා මසුරෙකු වීම ඔහුගේ ස්වභාවයයි. දෙවියන් විශ්වාස කරන්නා අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් වියදම් කරනු ඇත. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الله تعالى هو المنفرد بالهداية والإضلال، فمن يهده فهو المهتدي على الحقيقة، ومن يضلله ويخذله فلا هادي له.
•මග පෙන්වන්නේත් නොමග යන්නට ඉඩ හරින්නේත් උත්තරීතර අල්ලාහ් පමණය. එහෙයින් ඔහු කවරෙකුට යහමඟ පෙන්වන්නේද ඔහු සැබෑ ලෙසින්ම යහමඟ ලැබූවෙකු වේ. කවරෙකු ඔහු නොමග යන්නට ඉඩ හැර අවමානයට පත් කරන්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නැත. info

• مأوى الكفار ومستقرهم ومقامهم جهنم، كلما سكنت نارها زادها الله نارًا تلتهب.
•දේව ප්රතික්ෂේපකයින් යොමු වන ස්ථානය, ඔවුන්ගේ නවාතැන, ඔවුන්ගේ වාසස්ථානය නිරයයි. එහි ගින්න නිවන සෑම කල්හිම දලු ලා ඇවිළෙන ගින්නක් බවට අල්ලාහ් එය වර්ධනය කරයි. info

• وجوب الاعتصام بالله عند تهديد الطغاة والمُسْتَبدين.
•අපරාධකරුවන් හා ඒකාධිපතියන් විසින් සිදු කරන තර්ජන වලදී අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීමේ අනිවාර්යභාවය. info

• الطغاة والمُسْتَبدون يلجؤون إلى استخدام السلطة والقوة عندما يواجهون أهل الحق؛ لأنهم لا يستطيعون مواجهتهم بالحجة والبيان.
•අපරාධකරුවන් හා ඒකාධිපතියන්, සත්යවාදීන්හට මුහුණ දෙන විට බලය හා ශක්තිය යෙදවීමෙන් ඈත් ව සිටිති. ඊට හේතුව පැහැදිලි කිරීම් හා පැහැදිලි සාධක හේතුවෙන් ඔවුනට මුහුණ දීමට හැකියාවක් නොමැති වීම නිසාය. info