Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
224 : 2

وَلَا تَجْعَلُوا اللّٰهَ عُرْضَةً لِّاَیْمَانِكُمْ اَنْ تَبَرُّوْا وَتَتَّقُوْا وَتُصْلِحُوْا بَیْنَ النَّاسِ ؕ— وَاللّٰهُ سَمِیْعٌ عَلِیْمٌ ۟

නුඹලාගේ දිවුරීම් දැහැමි හෝ බැතිමත් ක්රියාවක් සිදු කිරීමෙන් හා ජනයා අතර යහපත සලසන ක්රියාවක් සිදු කිරීමෙන් වැළකීමේ සාධකයක් බවට පත් කර නොගනු. නමුත් නුඹලා යහපත අතහැර දමන බවට දිවුරා සිටියෙහු නම් නුඹලා එම යහපත සිදු කොට නුඹලා දිවුරා සිටි දෑ වෙනුවෙන් ප්රතිකර්මයක් කරනු. අල්ලාහ් නුඹලා කතා කරන දෑට සවන් දෙන්නාය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්ව ඥානීය. ඒ වෙනුවෙන් අල්ලාහ් නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• تحريم النكاح بين المسلمين والمشركين، وذلك لبُعد ما بين الشرك والإيمان.
•අල්ලාහ්ට අවනත වන මුස්ලිම්වරුන් හා අල්ලාහ්ට ආදේශ තබන මුෂ්රික්වරුන් අතර විවාහය සිදු කිරීමේ තහනම එය දේව විශ්වාසය හා දේව ආදේශය අතර පවතින දුරස් බව හේතුවෙනි. info

• دلت الآية على اشتراط الولي عند عقد النكاح؛ لأن الله تعالى خاطب الأولياء لمّا نهى عن تزويج المشركين.
•විවාහය ගිවිස ගන්නා අවස්ථාවේ වලී හෙවත් භාරකරුවකු සිටීමේ කොන්දේසිය මෙම ආයතය අවධාරණය කරයි. දෙවියන් ආදේශ කරන්නන් විවාහ කර දීමෙන් වැළකෙන්නැයි අවධාරණය කරමින් අල්ලාහ් භාරකරුවන් සම්බන්ධයෙන් කතා කර ඇති බැවිණි. info

• حث الشريعة على الطهارة الحسية من النجاسات والأقذار، والطهارة المعنوية من الشرك والمعاصي.
•කිලිටි හා අපවිත්ර දැයින් භෞතික පිරිසිදුකම ගැන ෂරීආ පිළිවෙත දිරිගන්වා ඇති අතරම අල්ලාහ්ට ආදේශ කිරම, පාපකම් කිරීම යනාදියෙන් අභ්යන්තරය පිරිසිදු කර ගැනීම ගැනද දිරිගන්වා ඇත. info

• ترغيب المؤمن في أن يكون نظره في أعماله - حتى ما يتعلق بالملذات - إلى الدار الآخرة، فيقدم لنفسه ما ينفعه فيها.
•දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකු මතු ලොව නිවහන වෙත තමන් යොමු කරවන තම ක්රියාදමයන් දෙස බලන්නට කැමැත්ත ඇති කරයි. එය තමන්ගේ ආශාවන් හා බැඳුණු ක්රියාවකින් හෝ වේවා එසේ සිදු වීම බලාපොරොත්තු වෙයි. info