Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
275 : 2

اَلَّذِیْنَ یَاْكُلُوْنَ الرِّبٰوا لَا یَقُوْمُوْنَ اِلَّا كَمَا یَقُوْمُ الَّذِیْ یَتَخَبَّطُهُ الشَّیْطٰنُ مِنَ الْمَسِّ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ قَالُوْۤا اِنَّمَا الْبَیْعُ مِثْلُ الرِّبٰوا ۘ— وَاَحَلَّ اللّٰهُ الْبَیْعَ وَحَرَّمَ الرِّبٰوا ؕ— فَمَنْ جَآءَهٗ مَوْعِظَةٌ مِّنْ رَّبِّهٖ فَانْتَهٰی فَلَهٗ مَا سَلَفَ ؕ— وَاَمْرُهٗۤ اِلَی اللّٰهِ ؕ— وَمَنْ عَادَ فَاُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟

පොලිය හා බැඳුණු ගනුදෙනු වල නිරත වී එය භුක්ති විඳින්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මිනිවළවල් වලින් ඔවුන් යළි නැගිටින විට ෂෙයිතාන් ස්පර්ශ කළ අයකු මෙන් මිස නැගිට නොසිටිති. මීමැස්මොරය සෑදුනු කෙනෙකු නැගිට සිටින විට හෝ වැටෙන විට දඟලන්නාක් මෙන් ඔහු ඔහුගේ මිණිවළින් නැගිටිනු ඇත. එය පොලිය හා අල්ලාහ් ඉපැයීමට අනුමත කළ ව්යාපාරය අතර වෙන් කර හඳුනා නොගෙන පොලිය අනුභව කිරීම ඔවුන් අනුමත කර ගත් බැවිණි. ඔවුහු ‘පොලිය, සැබැවින්ම වෙළඳාම මෙන් අනුමත ක්රියාවකි. ඒ දෙකින්ම ධනය වර්ධනය කරයි’ යැයි පවසා සිටියහ. එවිට අල්ලාහ් ඔවුනට පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ සැසඳීම හා ඔවුන්ගේ බොරුව ව්යර්ථ කළේය. සැබැවින්ම වෙළඳාම තුළ පොදු යහපත මෙන්ම පුද්ගල යහපත ඇති බැවින් එය අනුමත බවත් පොලිය තුළ අසාධාරණය මෙන්ම මිනිසුන් තෘප්තියට පත් නොවන තත්ත්වයේ ඔවුන්ගේ ධනය හූරාකෑමක් සිදු වන බැවින් එය තහනම් කටයුත්තක් බවත් අල්ලාහ් පැහැදිලි කළේය. කවරෙකුට පොලියේ ඇති ප්රවේසම් සහගත තත්ත්වය ගැන හා එය තහනම් බවට වූ උපදෙස පැමිණි පසු ව ඉන් වැළකී අල්ලාහ් වෙත පාප සමාව අයැද සිටියේද මීට පෙර පොලියෙන් ඔහු ලබා ඇති දෑ ඔහු සතු වනු ඇත. එහි වරදක් නැත. නමුත් මින් පසු මුහුණ දෙන දෑහි අල්ලාහ්ගේ නියෝගය ක්රියාත්මක වනු ඇත. ඒ ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා අල්ලාහ්ගෙන් ලබා ගත් සාක්ෂි හා සාධක ඉදිරිපත් කරමින් එය තහනම් බව දන්වා සිටීමෙන් පසුවත් යළි පොලිය වෙත පිය නගන්නේද ඔහු නිරයට යෑමට සුදුස්සෙකු බවට පත් වන අතරම ඔහු එහි සදාකල් වෙසෙනු ඇත. මෙසේ සදාකල් එහි වෙසෙනු ඇතැයි පැවසීම; පොලිය අනුමත කරමින් එහි නිරත වූ පුද්ගලයා සදාකල් නිරයෙහි සිටී; නැතහොත් එහි දිගු කාලයක් ජීවත් වන බව අර්ථවත් කරයි. නිරයේ සදාකල් වෙසෙනුයේ අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන් වෙති. අල්ලාහ් විශ්වාස කළවුන් එහි සදාකල් නොවෙසෙනු ඇත. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• من أعظم الكبائر أكل الربا، ولهذا توعد الله تعالى آكله بالحرب وبالمحق في الدنيا والتخبط في الآخرة.
•පොලිය අනුභව කිරීම මහා පාපකර්මයන්ගෙන් එකකි. එය භුක්ති විඳින්නා සමග අල්ලාහ් යුද ප්රකාශ කරනු ඇතැයි ද මෙලොවෙහි ඔහු විනාශයට පත් වනු ඇතැයිද මතු ලොවෙහි ඔහු සියල්ල අහිමිකර ගනු ඇතැයි ද අල්ලාහ් ප්රතිඥා කර සිටියේ එබැවිණි. info

• الالتزام بأحكام الشرع في المعاملات المالية ينزل البركة والنماء فيها.
•මූූල්යමය ගනුදෙනු වලදී ආගමික නීතිරීති අකුරටම පිළිපැදීම, එහි අභිවෘද්ධිය හා සමෘද්ධිය පහළ වන්නට හේතුවක් වන්නේය. info

• فضل الصبر على المعسر، والتخفيف عنه بالتصدق عليه ببعض الدَّين أو كله.
•දුෂ්කරතාවක සිටින්නා සමඟ ඉවසිලිවන්ත ව කටයුතු කිරීමේ හා ඔහුගේ ණය බරින් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ දානයක් වශයෙන් අතහැර දමා ඔහුට සහන සැලසීමේ මහිමය. info