Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
32 : 2

قَالُوْا سُبْحٰنَكَ لَا عِلْمَ لَنَاۤ اِلَّا مَا عَلَّمْتَنَا ؕ— اِنَّكَ اَنْتَ الْعَلِیْمُ الْحَكِیْمُ ۟

මලක්වරු තමන්ගේ අඩුව පිළිගනිමින් එම මහිමය අල්ලාහ් වෙත යොමු කරමින්, අපගේ පරමාධිපතියාණනි, ඔබගේ පිළිවෙත හා නියමය තුළ ඔබට විරෝධය පෑමෙන් අපි ඔබ ව පිවිතුරු කරන්නෙමු. ඔබට ගරුබුහුමන් කරන්නෙමු. ඔබ අපට පිරිනැමූ දැනුම මිස වෙනත් කිසිවක් අපි නොදනිමු. සැබැවින්ම ඔබ සර්වඥානීය. ඔබ වෙත කිසිවක් සැඟවෙන්නේ නැත. ඔබ මහා ප්රඥාවන්තය. ඔබේ නියමය හා ඔබේ පිළිවෙත අනුව සියලු කරුණු නිසි තැන ඔබ තබනු ඇත. යැයි පැවසීය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الواجب على المؤمن إذا خفيت عليه حكمة الله في بعض خلقه وأَمْرِهِ أن يسلِّم لله في خلقه وأَمْرِهِ.
•අල්ලාහ්ගේ ඇතැම් මැවීම් හා ඔහුගේ නියෝගවල පවතින යථාර්ථය දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට සැඟවුණු දෙයක් වී නම් එය අල්ලාහ්ටම භාරදීම අනිවාර්ය වන්නේය. info

• رَفَعَ القرآن الكريم منزلة العلم، وجعله سببًا للتفضيل بين الخلق.
•ශුද්ධ වූ අල්කුර්ආනය දැනුම් මට්ටම උසස් කරවයි. මැවීම් අතර පවතින උස්පහත් මට්ටම තරාතිරම් අනුව වෙන් කර හඳුනාගන්නට හේතුවක් ලෙස ඔහු එය පත් කොට ඇත. info

• الكِبْرُ هو رأس المعاصي، وأساس كل بلاء ينزل بالخلق، وهو أول معصية عُصِيَ الله بها.
•උඩඟුකම පාපකම්හි මූලය වේ. මිනිසාට පහළ වන සියලු ආකාරයේ පරීක්ෂණවල පදනම ද එය වේ. එමෙන්ම අල්ලාහ් පවක් ලෙස සැලකූ පළමු පාපය ද එය වේ. info