Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
84 : 2

وَاِذْ اَخَذْنَا مِیْثَاقَكُمْ لَا تَسْفِكُوْنَ دِمَآءَكُمْ وَلَا تُخْرِجُوْنَ اَنْفُسَكُمْ مِّنْ دِیَارِكُمْ ثُمَّ اَقْرَرْتُمْ وَاَنْتُمْ تَشْهَدُوْنَ ۟

නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ ලේ හැළීම තහනම් බවත් නිවෙස් වලින් බැහැර කිරීම තහනම් බවත් තව්රාත් නොහොත් තෝරාවෙහි අල්ලාහ් නුඹලාගෙන් ගත් බලවත් ප්රතිඥාව ගැන මෙනෙහි කර බලනු. එම ගිවිසුම නුඹලා පිළිගත්තෙහුය. එය නිවැරැදි යැයි නුඹලා සාක්ෂි දැරුවෙහුය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• من أعظم الكفر: الإيمان ببعض ما أنزل الله والكفر ببعضه؛ لأن فاعل ذلك قد جعل إلهه هواه.
දෙවියන් ප්රතික්ෂේප කිරීමේ බරපතලම කරුණු අතරින් එකක් වනුයේ ඔහු පහළ කළ දැයින් කොටසක් විශ්වාස කොට තවත් කොටසක් ප්රතික්ෂේප කිරීමය. හේතුව එසේ සිදු කරන්නා තම ආශාවන් තම දෙවියන් බවට පත් කරගෙන ඇති බැවිනි. info

• عِظَم ما بلغه اليهود من العناد، واتباع الهوى، والتلاعب بما أنزل الله تعالى.
• හිතුවක්කාරකම, ආශාවන්ට වහල්වීම, අල්ලාහ් පහළ කළ දෑහි සෙල්ලම් කිරීම වැනි කරුණු තුළින් ඔවුන් උපයාගත් දෑ අති බිහිසුණුය. info

• فضل الله تعالى ورحمته بخلقه، حيث تابع عليهم إرسال الرسل وإنزال الكتب لهدايتهم للرشاد.
• ඍජු මග ලබන්නට තම මැවීම්වලට මග පෙන්වීම, ඔවුන් වෙත දේව පුස්තක හා දහම් දූතවරුන් පහළ කිරීම වැනි ආශිර්වාද තුළින් අල්ලාහ් තම මැවීම් වෙත දක්වා ඇති කරුණාව. info

• أن الله يعاقب المعرضين عن الهدى المعاندين لأوامره بالطبع على قلوبهم وطردهم من رحمته؛ فلا يهتدون إلى الحق، ولا يعملون به.
• අල්ලාහ්ගේ නියෝග හිතුවක්කාර ලෙස පැහැර හරින යහමග පිටු දකින ජනයාහට, ඔවුන්ගේ හදවත් මුද්රා කොට තම කරුණාවෙන් නෙරපා හැර අල්ලාහ් ඔවුනට දඬුවම් කරනු ඇත. එවිට ඔවුන් සත්යය වෙත මඟ පෙන්වනු නොලබති. එමෙන්ම ඔවුන් එය වටහා ගන්නේ ද නැත. info