Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
78 : 27

اِنَّ رَبَّكَ یَقْضِیْ بَیْنَهُمْ بِحُكْمِهٖ ۚ— وَهُوَ الْعَزِیْزُ الْعَلِیْمُ ۟ۚ

අහෝ දූතය! සැබවින්ම නුඹේ පරමාධිපති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ යුක්ති ධර්මය අනුව ජනයා අතර සිටින දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය ප්රතික්ෂේප කරන්නන් අතර තීන්දු දෙන්නේය. දේව විශ්වාසියාට ආශිර්වාද කරන අතර දේව ප්රතික්ෂේපකයාට ඔහු දඬුවම් දෙනු ඇත. ඔහු ඔහුගේ සතුරන් හට සම ප්රතිචාර දක්වන සර්ව බලධාරියාය. කිසිවකු ඔහු අබිබවා යා නො හැක. සත්යවාදියා අසත්යවාදියා සමග මුසු නොකර ඒ ගැන මැනවින් දන්නාය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• أهمية التوكل على الله.
•අල්ලාහ් මත තවක්කුල් හෙවත් සියලු කටයුතු භාර කිරීමේ වැදගත්කම. info

• تزكية النبي صلى الله عليه وسلم بأنه على الحق الواضح.
•සැබවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි සත්යය මත සිටින බව දන්වා එතුමාණන්ව පිවිතුරු කිරීම. info

• هداية التوفيق بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•යහමග ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info

• دلالة النوم على الموت، والاستيقاظ على البعث.
•නින්ද මරණයට සාධකයකි. නින්දෙන් අවදි වීම යළි නැගිටුවනු ලැබීමට සාධකයකි. info