Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
16 : 31

یٰبُنَیَّ اِنَّهَاۤ اِنْ تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُنْ فِیْ صَخْرَةٍ اَوْ فِی السَّمٰوٰتِ اَوْ فِی الْاَرْضِ یَاْتِ بِهَا اللّٰهُ ؕ— اِنَّ اللّٰهَ لَطِیْفٌ خَبِیْرٌ ۟

මාගේ ආදරණීය පුතණුවනි! සැබැවින්ම නපුර හෝ යහකම හෝ වේවා, එය අබ ඇටයක තරම් කුඩාවට තිබුණ ද, එය කිසිවකු විසින් එබී බැලිය නොහැකි කළු ගල් පර්වතයක් තුළ තිබුණ ද, අහස් හි හෝ මහපොළොවේ හෝ කවර ස්ථානයක තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අල්ලාහ් එය ගෙන එනු ඇත. ඒ සඳහා ගැත්තාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. සැබැවින්ම අල්ලාහ් සියුම් ඥානීය. කරුණුවල සියුම් දෑ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එම කරුණුවල යථාර්ථයන් හා ඒවායෙහි ස්ථාන පිළිබඳ ඔහු සර්ව ඥානීය. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• لما فصَّل سبحانه ما يصيب الأم من جهد الحمل والوضع دلّ على مزيد برّها.
•ගර්භණීභාවය, දරු ප්රසූතිය යනාදී මවට උදාවන දුෂ්කරතාවන් පිළිබඳ අල්ලාහ් පැහැදිලි කිරීම ඇයට අධික ලෙස ඇප උපස්ථාන කළ යුතු බව පෙන්වා දෙයි. info

• نفع الطاعة وضرر المعصية عائد على العبد.
•අවනත වීමෙන් සිදු වන පල ප්රයෝජන හා පාපකම් කිරීමෙන් සිදු වන හිංසනය ගැත්තා මත හැරී එනු ඇත. info

• وجوب تعاهد الأبناء بالتربية والتعليم.
•දරුවන්ට උගන්වමින් පුරුදු පුහුණු කරමින් ඔවුන් රැකබලා ගැනීමේ අනිවාර්යභාවය. info

• شمول الآداب في الإسلام للسلوك الفردي والجماعي.
•පුද්ගල මෙන්ම සමාජීය ගමනට ඉස්ලාමය තුළ අන්තර්ගත වන විනයන්. info