Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
4 : 38

وَعَجِبُوْۤا اَنْ جَآءَهُمْ مُّنْذِرٌ مِّنْهُمْ ؗ— وَقَالَ الْكٰفِرُوْنَ هٰذَا سٰحِرٌ كَذَّابٌ ۟ۖۚ

ඔවුන් දේව ප්රතික්ෂේපය මත අඛණ්ඩව සිටින්නේ නම් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ඔවුනට ඇතැයි අවවාද කරන ඔවුන් අතරින්ම වූ දූතයකු ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ ඔවුහු පුදුමයට පත් වූවෝය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය සත්යයක් බව පෙන්වා දෙන සාධක දේව ප්රතික්ෂේපකයින් දෑසින් දුටු කල්හි, ‘මොහු මිනිසුනට හූනියම් කරන මායාකාර පුද්ගලයෙකි. සැබැවින්ම තමන් දේව පණිවිඩ ලැබෙන අල්ලාහ්ගෙන් වූ දූතයෙකි යැයි කරන තර්කයෙහි ඔහු මහා බොරුකාරයෙකි’ යැයි ඔවුහු පවසා සිටියෝය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• أقسم الله عز وجل بالقرآن العظيم، فالواجب تَلقِّيه بالإيمان والتصديق، والإقبال على استخراج معانيه.
•කීර්තිමත් අල්ලාහ් මහඟු අල් කුර්ආනය මත දිවුරා සිටියි. අනිවාර්යය වනුයේ දේව විශ්වාසය ලබා, එය තහවුරු කිරීම හා එහි අන්තර්ගත අදහස ඉස්මතු වන පරිදි පිළිගැනීමයි. info

• غلبة المقاييس المادية في أذهان المشركين برغبتهم في نزول الوحي على السادة والكبراء.
•දේවත්වයට ආදේශ තබන්නන් තම නායකයින් හා ප්රභූවරන් මත දේව පණිවිඩ පහළ වීම ගැන ආශාවෙන් පසු විය. එහෙයින් භෞතික නිර්ණායකවල ප්රමුඛත්වය ඔවුන්ගේ බුද්ධිය තුළ ආධිපත්යය දැරීය. info

• سبب إعراض الكفار عن الإيمان: التكبر والتجبر والاستعلاء عن اتباع الحق.
•දේව ප්රතික්ෂේපකයින් දේව විශ්වාසය පිටු දැකීමට හේතුව ‘අහංකාරකම, බලපුළුවන්කාරකම හා සත්යය පිළිපැදීමෙදී ඔවුන්ගේ උඩඟුකමයි. info