Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
21 : 46

وَاذْكُرْ اَخَا عَادٍ اِذْ اَنْذَرَ قَوْمَهٗ بِالْاَحْقَافِ وَقَدْ خَلَتِ النُّذُرُ مِنْ بَیْنِ یَدَیْهِ وَمِنْ خَلْفِهٖۤ اَلَّا تَعْبُدُوْۤا اِلَّا اللّٰهَ ؕ— اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟

අහෝ දූතය! පෙළපතින් ආද්ගේ සහෝදර හූද් තුමා තම සමූහයාට අල්ලාහ්ගේ දඬුවම පහළ වීම ගැන අවවාද කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුන්ගේ නිවෙස් අරාබි අර්ධත්වීපයට දකුණු දෙසින් වැලිකඳු මත පිහිටා තිබිණ. හූද්ට පෙරත් ඔහුගෙන් පසුවත් ඔවුන්ගේ සමූහයාට අවවාද කරමින්, ‘අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නොනමදින මෙන් ඔවුනට පවසමින් පැමිණි දූතවරුන් ඉකුත් ව ගොස් ඇත. එහෙයින් නුඹලා ඔහු සමග වෙනත් කිසිවකු නොනමදිනු. අහෝ මාගේ ජනයිනි! මහත් වූ දිනයේ දඬුවම නුඹලාට අත්වනු ඇතැයි සැබැවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.' යැයි පැවසීය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• لا علم للرسل بالغيب إلا ما أطلعهم ربهم عليه منه.
•දූතවරුන් වෙත ඔවුන්ගේ පරමාධිපතියාණන් පෙන්වා දුන් දෑ මිස ගුප්ත දෑ පිළිබඳ දැනුම ඔවුනට නැත. info

• اغترار قوم هود حين ظنوا العذاب النازل بهم مطرًا، فلم يتوبوا قبل مباغتته لهم.
•තමන් වෙත වර්ෂාවක් පහළවන්නට යනු ඇතැයි දඬුවම ගැන අනුමාන කළ හූද්ගේ ජනයා රැවටීමට ලක්විය. ඔවුනට එය අත්වීමට පෙර පාපක්ෂමාවේ ඔවුන් නිරත වූයේ නැත. info

• قوة قوم عاد فوق قوة قريش، ومع ذلك أهلكهم الله.
•කුරෙයිෂ්වරුන්ගේ බලයට වඩා ඉහළින් ආද් සමූහයාගේ බලය තිබියදීත් අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. info

• العاقل من يتعظ بغيره، والجاهل من يتعظ بنفسه.
•බුද්ධිවන්තයා යනු වෙනත් අය විසින් උපදෙස් පතන්නාය. අඥානයා යනු තමන් විසින් උපදෙස් පතන්නාය. info