Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
59 : 6

وَعِنْدَهٗ مَفَاتِحُ الْغَیْبِ لَا یَعْلَمُهَاۤ اِلَّا هُوَ ؕ— وَیَعْلَمُ مَا فِی الْبَرِّ وَالْبَحْرِ ؕ— وَمَا تَسْقُطُ مِنْ وَّرَقَةٍ اِلَّا یَعْلَمُهَا وَلَا حَبَّةٍ فِیْ ظُلُمٰتِ الْاَرْضِ وَلَا رَطْبٍ وَّلَا یَابِسٍ اِلَّا فِیْ كِتٰبٍ مُّبِیْنٍ ۟

ගුප්ත දෑ හි භාණ්ඩාගාරය ඇත්තේ අල්ලාහ් අබියසය. ඒ ගැන වෙනත් කිසිවකු නොදනී. මහපොළොවේ ඇති සතුන්, ගහකොළ හා භෞතික වස්තූන් යන සියලු මැවීම් ගැන ඔහු දනී. එමෙන්ම සාගරයේ ඇති සතුන්, පැළෑටී හා භෞතික සම්පත් පිළිබඳවත් ඔහු දනී. ගහකින් වැටෙන කොළයක් කවර ස්ථානයක වැටෙන්නේ දැයි යන වගත් ඔහු මැනවින් දනී. මහපොළොව තුළ සැඟ වී ඇති ධාන්ය බීජයක් හෝ තෙත සහිත හෝ වියළි ධාන්ය බීජයක් හෝ වේවා එය පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයයි. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الله تعالى يجعل العباد بعضهم فتنة لبعض، فتتفاوت درجاتهم في الرزق وفي الكفر والإيمان، والكفر والإيمان ليس منوطًا بسعة الرزق وضيقه.
•අල්ලාහ් තම ගැත්තන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට පරීක්ෂණයක් ලෙස පත් කර ඇත. එහෙයින් පෝෂණය දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය යනාදියෙහි ඔවුන්ගේ තරාතිරම් එකිනෙකට වෙනස් ව පවතී. දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය පෝෂණය විස්තීරණ වීම හෝ එය සීමා වීම යන කරුණු මත යැපෙන්නක් නොවේ. info

• من أخلاق الداعية طلاقة الوجه وإلقاء التحية والتبسط والسرور بأصحابه.
• සිනාමුසු මුහුණ, ආචාර කිරීම, සරල කම හා තම සගයින් පිළිබඳ සතුටු වීම යනාදිය ප්රචාරකයකු සතු යහපත් ගතිගුණවලින් ඇතමක් වේ. info

• على الداعية اجتناب الأهواء في عقيدته ومنهجه وسلوكه.
•ප්රචාරකයකු තම ප්රතිපත්තිය තුළ තම ක්රියාවලිය තුළ හා තම ගමන් මගෙහි තම ආශාවන් අනුගමනය කිරීමෙන් වැළකී සිටිය යුතුය. info

• إثبات تفرد الله عز وجل بعلم الغيب وحده لا شريك له، وسعة علمه في ذلك، وأنه لا يفوته شيء ولا يعزب عنه من مخلوقاته شيء إلا وهو مثبت مدوَّن عنده سبحانه بأدق تفاصيله.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතු බවත් ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බවත් එහි ඔහුගේ දැනුම පුළුල් බවත් තහවුරු කිරීම. සැබැවින්ම ඔහුගේ මැවීම් කිසිවක් ඒවායෙහි පුළුල් විස්තර ඔහු අබියස සටහන් කිරීමෙන් මිස කිසිවක් ඔහුගෙන් මිදී යන්නේ නැත. info