Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
54 : 7

اِنَّ رَبَّكُمُ اللّٰهُ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ ۫— یُغْشِی الَّیْلَ النَّهَارَ یَطْلُبُهٗ حَثِیْثًا ۙ— وَّالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُوْمَ مُسَخَّرٰتٍ بِاَمْرِهٖ ؕ— اَلَا لَهُ الْخَلْقُ وَالْاَمْرُ ؕ— تَبٰرَكَ اللّٰهُ رَبُّ الْعٰلَمِیْنَ ۟

අහෝ ජනයිනි! සැබැවින්ම ඔබේ පරමාධිපති වනාහි අහස් හා මහපොළොව කිසිදු පූර්වාදර්ශයකින් තොරව දින හයකින් මැවූ අල්ලාහ්ය. පසු ව ඔහු අර්ෂ් හෙවත් දේව රාජ්යය මත ඔහුගේ කීර්තියට අනුකූලව ඉහළින් ස්ථාපිත විය. එය කෙසේදැ යි අප කිසිවකු නොදනිමු. දහවල් ආලෝකය සමග රාත්රි අන්ධකාරය ඔහු ඉවත් කරන්නේය. එමෙන්ම රාත්රි අන්ධකාරය සමග දහවල් ආලෝකය ඔහු ඉවත් කරන්නේය. ඒ දෙකින් සෑම එකක්ම කිසිදු ප්රමාදයකින් තොරව ඉතා ශීඝ්රයෙන් අනෙකා සොයා එනු ඇත. එකක් ඉවත් ව ගිය විට අනෙක පැමිණෙන්නේය. ශුද්ධ වූ අල්ලාහ් ඉර මැව්වේය. එමෙන්ම සඳුද මැව්වේය. දිලිසෙමින් එල්ලී පවතින තාරකාවන් මැව්වේය. එසේ නම් ඔහුගේ සියලු මැවීම් ඔහු සතු නොවන්නේද? ඔහු හැර මැවුම්කරු වෙනත් කවුරුන්ද? සියලු කටයුතු ඔහුට පමණක් සතුය. ඔහුගේ ශ්රේෂ්ඨත්වය උතුම්ය. ඔහුගේ ත්යාගශීලිබව අධිකය. ලෝවැසියන්ගේ පරමාධිපති වූ ඔහු කීර්තිමත් හා පරිපූර්ණවත් ගුණාංග තුළින් වර්ණනා කරනු ලැබ ඇත. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• القرآن الكريم كتاب هداية فيه تفصيل ما تحتاج إليه البشرية، رحمة من الله وهداية لمن أقبل عليه بقلب صادق.
ශුද්ධ වූ අල් කුර්ආනය මාර්ගෝපදේශයකි. මිනිස් වර්ගයාට අවශ්ය සියලු දෑ එහි විස්තර කර ඇත. එය අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයක් මෙන්ම හෘද සාක්ෂියට එකඟ ව ඒ වෙත යොමුවන්නන්හට මඟ පෙන්වන්නකි. info

• خلق الله السماوات والأرض في ستة أيام لحكمة أرادها سبحانه، ولو شاء لقال لها: كوني فكانت.
අල්ලාහ් අපේක්ෂා කළ යම් ප්රඥාවක් සඳහා අහස් හා මහපොළොව දින සයක් තුළ ඔහු මැව්වේය. අල්ලාහ් අභිමත කළේ නම් එයට "වනු" යැයි පවසා තිබුණ ද එය සිදුවී තිබේ. info

• يتعين على المؤمنين دعاء الله تعالى بكل خشوع وتضرع حتى يستجيب لهم بفضله.
බියෙන් හා බැතියෙන් බැගෑපත් ව අල්ලාහ්ගෙන් අයදින ප්රාර්ථනාවන් ඔහුගේ මහිමයෙන් ඔහු ව විශ්වාස කරන්නන්හට පිළිතුරු දෙනු ලබන්නක් බවට පත් වේ. info

• الفساد في الأرض بكل صوره وأشكاله منهيٌّ عنه.
සියලුම ආකාරයන්ගෙන් හා ස්වරූපයන්ගෙන් මහපොළොවේ සිදු කරනු ලබන කලහකාරීකම් තහනම් කරනු ලැබ ඇත. info